පරවි දූපත

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    parevi2.jpg

    parevi1.jpg

    "ආසියාවේ මුතු ඇටය" විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ රමණීය නැගෙනහිර මුහුදු තීරයේ ත්‍රිකුණාමලය නිලාවේලි වෙරළේ සිට නාවික සැතපුම් 1.2ක්‌ දුරින් පිහිටි පරෙවි දූපත අතිශයින් සුන්දර කොදෙව්වකි. පසුගිය වසර 30ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවති යුධමය වතාවරණය හේතුවෙන් පරෙවි දූපතෙහි සුන්දරත්වය සංචාරක ඇසින් හුදෙකලා වුණි.

    එහෙත් සාමයේ අරුනළු ශ්‍රී ලංකාව වෙලා ගැනීමත් සමග නැවත පරෙවි දූපතේ සුන්දරත්වය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ට විඳ ගැනීමේ අවස්‌ථාව ඉකුත් 28දා සිට උදාවිය.

    අතීත රජ සමයේ මෙම දූපත පරෙවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස භාවිතා කරන ලද බැවින් මෙය පරෙවි දූපත ලෙස හැඳින් වු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අදට ද මෙහිදීs පරෙවියන් දහස්‌ ගනණින් දැක ගත හැකිය. පරෙවි දූපතේ විශාල දූපත පරෙවි දූපත ලෙසත් කුඩා දූපත කාක දූපත ලෙසත් හැඳින් වේ. මෙහි කොරල් පර ආශ්‍රිත ජෛව විවිධත්වය සහ පරවියන්ගේ අභිජනන මධ්‍යස්‌ථානයක්‌ වීම හේතුවෙන් පරෙවි දූපත 1970 දීs වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත යටතේ අභයභුමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. මෙහි පවත්නා ජෛව විවිධත්වයත් සුන්දරත්වයත් සැලකිල්ලට ගනිමින් පරෙවි දූපත 2003 ජුනි 24 දින එම ආඥා පනත යටතේම ජාතික උද්‍යානයක්‌ බවට ප්‍රකාශයට පත් කරන ලදීs. පරෙවි දූපත ජාතික උද්‍යානයේ වපසරිය හෙක්‌ටයාර් 431.43කි.

    කොරල් විශේෂ 100ක්‌ පමණ ද පර ආශ්‍රිත මසුන් විශේෂ 300කට ආසන්න ප්‍රමාණයක්‌ ද මෙහි දී දක්‌නය ලැබේ. මෙහි පිහිටි කොරල් පද්ධතියෙහි සුන්දරත්වය නම් 1998 වර්ෂයේ දීs ඉන්දියන් සාගරයේ බලපෑ උණුසුම් දියවැල් හේතුවෙන් හානියට ලක්‌ නොවී තිබීsමයි. එබැවින් මෙම කොරල් පර ඉතා අලංකාර ලෙස මුහුදු පතුලේ දිස්‌ වේ. එය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ගේ නෙත් පිනවන දර්ශනයකි. ගොඩබිම් පාෂාණ වර්ග සුළු වශයෙන් ද ඛාදනයට ලක්‌ වු කොරල් ද පරෙවි දූපත ආශ්‍රිතව ගොඩබිsමේ දීs දක්‌නට ලැබෙs. ඉන්දියන් සාගරයේ ජිවත් වන ආවේනික ඇතුළු සියළුම මත්ස්‍ය වර්ග මෙන්ම දුර්ලභ ගණයේ ජලජ ජීsවින් වන ජලජ ශාක විශේෂ ද බ්ලැක්‌ට්‌ස්‌ වර්ගයට අයත් කොරල් ආශ්‍රිත මෝරු විශේෂය ද පොතු කැස්‌බෑවන් ද මෙහි දී දක්‌නට ලැබේ.

    පරෙවි දූපතෙහි දීs දක්‌නට ලැබෙන ශාක අතර සුරිය, කොහඹ, සියඹලා, මලිත්තන් ශාක විශේෂ ද පරෙවි දූපතටම ආවේනික වු ටෙම්පිස්‌ ඇසිඩ්යුලා වැනි ශාක ද වේ. ලන්ටානා, පතොක්‌ ආදි පඳුරු ශාක විශේෂ ද මෙහි බහුලය.

    මෙහි දී දැක ගත හැකි කුරුළු විශේෂ අතර ගොළු කිරලා, බ්‍රාහ්මන උකුස්‌සා, කළු කොකා සහ පරෙවියෝ බහුලව දැක ගත හැක.

    උද්‍යානය නැරබීම සඳහා සංචාරකයින්ට නිලාවේලි වෙරළ තීරයෙහි අද විවෘත කරන කවුළුවෙන් අවසර පත් ලබා ගත හැක. දේශීය වැඩිහිටි සංචාරකයින්ට රු 40.00 ක්‌ ද ළමා රු 20.00ක්‌ ද පාසල් සිසුන්ට රු 10.00 ක්‌ ද පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බෝට්‌ටු සංචාරයකින්a දූපතට පිවිසීමට හැකිය. මෙමගින් පරෙවි දූපත ජාතික උද්‍යානය ආශ්‍රිතව පෞද්ගලික අංශයේ රැකියා අවස්‌ථා රාශියක්‌ උත්පාදනය වී ඇත.

    සංචාරකයින් පරෙවි දූපතේහි ඇවිදිමින් සුන්දරත්වය විඳීම සඳහා දූපත වටා ගමන් කිරීමට සොබා මං පෙත් සකස්‌ කර ඇත. මෙහි තව දුරටත් සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමට වනජීවි සංරක්‍ෂණ දෙපාර්මේන්තු කටයුතු යොදා තිබේ.
     
    • Like
    Reactions: rab

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    macho api mehe giya.. mekata yanakota nikan surangana lokekata yanawa wage... pixxu hadenawa...

    but dan hoda wadak karanawa,...
    eke army 1n dala tiyenawa yana kattiyawa check karanna....
    eka nisa polithin, bothal wage dewal genihin e doopatha winasa karanna dan chance 1k na...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    DSC02481.jpgDSC02484.jpg
    DSC02477.jpg

    macho yaddi GOCALS aran yanna amataka karanna epa.. corells balanna one wenawa...
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    View attachment 30125



    උද්‍යානය නැරබීම සඳහා සංචාරකයින්ට නිලාවේලි වෙරළ තීරයෙහි අද විවෘත කරන කවුළුවෙන් අවසර පත් ලබා ගත හැක. දේශීය වැඩිහිටි සංචාරකයින්ට රු 40.00 ක්‌ ද ළමා රු 20.00ක්‌ ද පාසල් සිසුන්ට රු 10.00 ක්‌ ද පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බෝට්‌ටු සංචාරයකින්a දූපතට පිවිසීමට හැකිය. මෙමගින් පරෙවි දූපත ජාතික උද්‍යානය ආශ්‍රිතව පෞද්ගලික අංශයේ රැකියා අවස්‌ථා රාශියක්‌ උත්පාදනය වී ඇත.



    namuth machoo pigen island 1ta yanna boat 1ta 1500/= gannawa & only 7 peaople at a time.... :shocked::shocked::shocked::shocked::shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    macho api mehe giya...........

    ...........balanna one wenawa...

    :cool: එළ කොල්ලෙක්, :) විස්තර වලට ස්තූතියි..:sorry: මම ෆොටෝ ටික දකිද්දි ම හිතුවෙ තව ටික දවසකින් මිනිස්සු පොලිතින්, වීදුරු බෝතල් කටු, ප්ලාස්ටික් වගේ දේවල් දාල මෙතනත් කාල දායි කියල. :) උඹේ පෝස්ට් එකෙන් ටිකක් හිත හැදුන. :yes: රෙප් + මචන්!

    Edit:- :( You must spread some Reputation around before giving it to shamRox again. :no: :no:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    macho api mehe giya.. mekata yanakota nikan surangana lokekata yanawa wage... pixxu hadenawa...

    but dan hoda wadak karanawa,...
    eke army 1n dala tiyenawa yana kattiyawa check karanna....
    eka nisa polithin, bothal wage dewal genihin e doopatha winasa karanna dan chance 1k na...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    View attachment 30128View attachment 30129
    View attachment 30127

    macho yaddi GOCALS aran yanna amataka karanna epa.. corells balanna one wenawa...

    ado patta pics tika ban.thanks