ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ සුපිරිතම ප්‍රහාරක පිතිකරු සනත් ජයසූරිය දැන් පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් සංචාරයට එක්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරිය එංගලන්ත සංචාරයට එක්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාකච්ඡා කොට ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ප්‍රකාශ කිරීමට නියමිත බවය.
ආරම්භක පිතිකරු උපුල් තරංගට තහනම් උත්තේජන චෝදනාවක් එල්ල වී ඇති හෙයින් එංගලන්තය සමග එක්දින තරගාවලියට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව ඇත. සනත් ජයසූරිය මේ දිනවල පුහුණුවීම්වල යෙදෙමින් සිටී. “ක්‍රිකට් තේරීම් කමිටු මගේ සේවය ඉල්ලා සිටින ඕනෑම මොහොතක සියයට සියයක්ම දීමට සූදානම් මම හැමදාම රට වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දුන්නා.
අවස්ථාවක් ලැබුණොත් රට දිනවන එක මගේ බලාපොරොත්තුවයි” සනත් ජයසූරිය ඊයේ අප කළ විමසීමකදී පැවැසීය. සනත් එක්දින තරග 444 කදී ලකුණු 13428 ක් ලබා සිටින අතර එයට ශතක 28ක් හා අර්ධ ශතක 68ක් ඇතුළත්ව ඇත. ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින කි‍්‍රකට් තරගය මේ මස 28 වැනිදා පැවැත්වේ.




සුනිමල් මේ ඉන්නේ උබද මචන් ? 