ජේසුස් කැඳවයි

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
මාගේ දයාබර කිතුනු සහෝදර, සහෝදරියනි,

මනුෂ්‍යය සමාජය විනාශ මුඛය කරා ගමන් කරමින් සිටි කාල වකවානුවක මිනිස් සමාජය, එම මාර්ගයෙන් මුදවා සත්‍ය වූ මාර්ගය පෙන්වනු පිණිස ජේසුතුමා මෙලොව උපත ලැබුවේය.

යුදෙව් ජාතියේ උපත ලැබූ මෙතුමා යුදෙව් ජනයාට සත්‍ය මාර්ගය පෙන්වනු පිණිස මහත් වෙහෙසක් දැරීය. මොවුනට දේව රාජ්‍ය යනු කුමක්ද, එය අත්පත් කරගන්නේ කෙසේද, යන්න පහදා දීම පිණිස මහත් පරිශුමයක් දැරීය. එතුමාණෝ කථා කරමින් “ මා එවණු ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ, නැති වූ බැටළුවන් වෙත පමණකැයි” වදාළ සේක (මතෙව් 15:24) මෙම බයිබල් පාඨය අනුව ජේසුතුමා පැමිණියේ විනාශ මුඛය කරා ගමන් කරමින් සිටි යුදෙව් ජනතාව වෙනුවෙන් බව අපට මනාව පැහැදිලි වේ.

වර්තමානයේදී ද ඔවුහු (යුදෙව් ජනයා) එතුමාගේ අවවාද අනුශාසනා නොසලකා හරිමින් නොමඟ ගිය බැටළුවන් මෙන් ජීවත් වෙති. දයාබර සහෝදර, සහෝදරිය, ඔබගේ මනස විවර කර බලන්න. දේව රාජ්‍ය අත ලඟය. එය අප වෙනුවෙනි, එහි සදාකාලික ජීවිතයක් ඇත්තේ. මරණය රහිත, එම සදාකාලික ජීවිතය අත්පත් කර ගන්නේ කෙසේද යන්න ජේසුතුමා අපට පෙන්වා දෙන ලදී.

“ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. මාගේ වචනය අසා මා ඒවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවිතය ඇත. ඔහු විනිශ්චයට නොපැමිණෙයි. ඔහු මරණයෙන් ජීවනයට පැමිණි සිටී” (යොහාන් 5:24)

තවත් අවස්ථාවකදී ජේසුතුමා අහස දෙසට තම නෙත් යොමා මෙසේ ප්‍රකාශ කළහ. “සදාතන ජීවින මේය. එකම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද, දැන ගැනීමය” (යොහාන් 17:3).

එසේ නම් සදාකාලික ජීවිතය අත්පත් කර ගැනීමට පැහැදිලි සත්‍ය මාර්ගය පෙන්වා දී තිබියදීත්, අප වෙනත් (නොයායුතු) මාර්ගයක ගමන් කරමින් සිටින්නෙමු. කිසිවෙකු හෝ නිරයට යා යුතුයැයි සිහිනයින් හෝ නොසිතන්න. සදාකාලික ජීවනය වන ස්වර්ගය අත්පත් කර ගැනීම අපගේ අරමුණ විය යුතුය. කුමන මොහොතක හෝ මරණය අප කරා ලඟා විය හැක. එම මරණ මංචකයේ (මොහොතේ) දී හෝ අපට කිසි දෙයක් සිතා ක්‍රියාවට නැංවීමට නොහැක. එබැවින් ජීවත් වන මෙම කෙටි කාලය තුළ අප අනබෝධාත්මකව වහා ක්‍රියාවට නැංවිය යුතුය. අපහට සදාකාල ජීවනය නොහොත් ස්වර්ගය අත්පත් කර ගත හැක්කේ තම සිතැඟි අනුව ජීවත් වීමෙන් නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීමෙන් බව ජේසුතුමා පැහැදිලිව පෙන්වා දුන්නේය.

“ස්වර්ගයෙහි වැඩ වසන, මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට (ජේසුතුමාට) “ස්වාමිනි, ස්වාමිනි” යි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය” (මතෙව් 7:21).

ජේසුතුමා පැහැදිලිව ප්‍රකාශ කළේ තමා (ජේසුතුමා) ව නොඅදහා එතුමන් එවනු ලැබූ තැනැන් වහන්සේ අදහා, උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය ස්වර්ගයට ප්‍රවේශ වන බවය. මෙය කෙතරම් පැහැදිලිද?

මෙහි සිතා බැලිය යුතු කරුණු බොහෝමයක් ගැබ්ව ඇත. ජේසුතුමා “පියාණනී” යනුවෙන් පැවසූ වදන මුල් භාෂාවේ දැක්වූයේ කුමන අර්ථයක් ද, එය කවුරුන් උදෙසා පියා (තාත්තා) අමතන ලද්දේ ද, එම මූලික වදනින්ම ද එසේ නම් ජේසුතුමා ආමන්ත්‍රණය කළේ කා හටද? යනුවෙන් විමසා බැලීම මනුෂ්‍යන් වශයෙන් වගකීමක් (යුතුකමක්) නොවන්නේද?

සහෝදර, සහෝදරිය, ජේසුතුමා පැවසූ පරිදි “මිහිපිට කිසිවෙකුට පියාණෙනි යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩ වසන එකම දෙවියන් වහන්සේය” (මතෙව් 23:9). මෙහි අර්ථය කුමක්ද? මදක් සිතා බලන්න. මෙය ගැඹුරින් කල්පනා කළහොත් ඔබට තේරුම් යනු ඇත. සහෝදර, සහෝදරිය, මෙයින් අර්ථ දක්වා ඇත්තේ මහ පොළවෙහි වසන කිසිවකුට දෙවියන් වහන්සේ යැයි නොකියන්න. ස්වර්ගයෙහි වැඩ වසන තැනැන් වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේය. මෙය අප හොඳින් අවබෝධ කරගත යුතුය. තවදුරටත් අර්ථ කථනයෙහි යෙදුනහොත් ස්වර්ගයෙහි වැඩ වසන දෙවියන් වහන්සේට හැර තමාගේ පියාට පියාණෙනි යි යනුවෙන් ඇමතීමට නොහැකි දැයි යනුවෙන් ප්‍රකාශයක් පැන නැගේ. ජේසුතුමා තම අනුගාමිකයන්ට යාඥා කිරීමට ඉගැන්වූයේ මේ ආකාරයටය.

“එහෙයින් මෙසේ යාඥා කරන්න. ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා”.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ඉටුවේවා. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේම වේවා”.

“අපගේ දවස්පතා හෝජනය අද අපට දුන මැනව”

“අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපගේ වරදට අපට කමා වුව මැනව”.

“අප පරික්ෂාවට නොපමුණවා නපුරාගෙන් අපව මිදුව මැනව” (මතෙව් 6:9-13).

යනුවෙන් දෙවි පියාණන්ගේ බල මහිමයන් පිළිබඳව පෙන්වා දී ඇත. දෙවි පියාණන්හට ප්‍රධානත්වය දී තම යහපත් භාවය දක්වා ජේසුතුමන් මහත් ප්‍රසාදයක් පෙන්නුම් කර ඇත.

තවදුරටත් ජේසුතුමන් “මා යහපත් යැයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ” (මාර්ක් 10:18).

තවත් අවස්ථාවකදී යුදෙව්වන් අවසාන දිනය පිළිබඳව විමසූ අවස්ථාවක දී ජේසුතුමන් මෙසේ වදාළ සේක, “ඒ දිනය පිළිබඳව හෝ ඒ පැය පිළිබඳව හෝ කිසිවෙක් නොදනිති. ස්වර්ගයෙහි දූතයෝවත්, පුත්‍රයාණෝවත් නොදනිති. එය දන්නේ පියාණන් වහන්සේ පමණක්ය” (මාර්ක් 13:32).

සහෝදර, සහෝදරිය, මදක් සිතන්න, විශ්ව රහස් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවත්, දෙවියන් වහන්සේ අසම සම බල සම්පන්න බවත් ජේසුතුමන් නොසඟවා පැහැදිලිව පෙන්වා දුන්හ.

ඒ අනුව අප අපගේ හදවතින් විමසා බැලිය යුතුය. බයිබලය “සියල්ල විමසා බලා යහපත් දේ තදින් අල්ලාගත්හ” (1 තෙයලෝනික 5:21) යනුවෙන් පෙන්වා දෙයි.

එමනිසා අප කල්පනාකාරීව සැබෑව වටහාගෙන ස්වර්ග රාජ්‍යය අත්පත් කර ගැනීමට අදිටන් කර ගනිමු. ජේසුතුමන් එදා පැවසූ දේ එතුමාගේ ගෝලයකු වූ යොහාන් ශුද්ධාත්ම පෙළඹවීම මත ජේසු තුමාගේ වදනක් බයිබලයේ මෙසේ පෙන්වා දෙයි.

“එහෙත් ඔවුන් මා එවා වදාළ උන්වහන්සේව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත”

එසේ නම් ජේසුතුමන් මෙළොවට එවූ තැනැන් වහන්සේ අවබෝධ කර නොගත් ජනයා, ජේසුතුමාට වන්දනා මාන කරන්නේ කුමන මූලාශ්‍රයක් ආධාර කරගෙනද? (පදනම් කරගෙනද?)

බයිබලයේ විවිධ ස්ථානයන්හි තමා තමාව පහළ කළ තැනැන් වහන්සේ, ගරු කටයුතුව දේශනා කර ඇති බව දැකිය හැක.

“ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන්ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ” (යොහාන් 13:16).

“මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නොහැකිය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණය. මන්ද, මාගේ අරමුණ, මාගේම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමය” (යොහාන් 5:30).

“මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොවේ, මා එවා වදාළ තැනැන් වහන්සේ ගේ කැමැත්ත කරන පිණිසය” (යොහාන් 6:38).

එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් “මාගේ ඉගැන්වීම මාගේම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේය” (යොහාන් 7:16).

මෙම වදන් (බයිබල් පාඨ) අනුව මෙහිදී ද ජේසුතුමන් වක්තෘවරයෙකු ලෙස දූරදර්ශීව කටයුතු කර ඇති බව පැහැදිලිය.
 
Last edited:

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
තවද බයිබලයේ නව ගිවිසුමෙහි (මතෙව් 1:1) හි, ජේසු තුමන්ගේ පරම්පරාව පිළිබඳව සඳහන් කර ඇත. ඒ ආබ්‍රහම්ගේ පුත් දාවිත් ද දාවිත් ගේ පුත් ජේසු තුමන් ද වශයෙන් එම වංශාවලියෙහි සඳහන්ව ඇත.

මිනිසුන් ජේසුතුමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව පවසති. ශුද්ධාත්මානුභාවයෙන් ලියැවුණු බයිබලයෙහි පෙන්වා දෙන්නේ ජේසුතුමන් දාවිත් ගේ පුත්‍රයාණන් බවය. (මතෙව් 1:1) ශුද්ධාත්මානුභාවයෙන් ලියැවුණු බයිබලයෙහි එක් මතයක් ද මනුෂ්‍යයන් තවත් මතයක් ද ඉදිරිපත් කරමින් නිවැරදි මතය කුමක් දැයි තෝරා ගැනීම උභතෝකෝටික ප්‍රශ්නයකි.

බයිබලය තවදුරටත් ගැඹුරින් හදාරන කල්හි එක් එක් අවස්ථාවලදී පහළ වූ වක්තෘවරුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්, වශයෙන් ආමන්ත්‍රණය කර ඇති බව දැකිය හැක. මේ අනුව බලන කළ ජේසුතුමන් ද එක්තරා වකවානුවක දී බිහිවූ අනාගත වක්තෘවරයෙකු බවට කිසි සැකයක් නැත. එය අවිවාදයෙන් යුතුව පිළිගත හැක.

ප්‍රථම මිනිසා වන ආදම් හට දෙමාපියන් සිටියේ නැත. නමුත් දෙවියන් වහන්සේ ජේසුතුමන් මෙළොවට එවනු ලැබුයේ “වේවා” යි යන එක වදනකිනි.

දෙවියන් වහන්සේට ඉපදීමක් හෝ මරණයක් නැත. උන්වහන්සේ පාරිශුද්ධ, සර්වබලධාරී, ස්වර්ග්‍රණීය උන්වහන්සේව, කිසිවෙකුට හෝ යම්දෙයකට සම කළ නොහැකිය. නමුත් උන්වහන්සේ සියල්ලන් හා සියළු ක්‍රියාවන් දකින සේක. උන්වහන්සේට ඒකියත්වයක් ඇති අතර නින්ද, කුසගින්න, පිපාසය, මහන්සිය, අමතකවීම වැනි මනුෂ්‍ය ස්වභාවයන්ගෙන් තොරය. උන්වහන්සේ සත්‍ය වන්තය. මිනිසෙකුට කිසි විටෙකත් දෙවියන් විය නොහැකිය. නැවත උපදීම වැනි මතයන් ජේසුතුමන්ගේ ධර්මයට පටහැනිය. එතුමන් දේශනා ක‍ළේ එකම දෙවියන් වහන්සේට නමස්කාර කරන ලෙසය. ජේසුතුමන්ගේ ඉගැන්වීම් වලට අනුව එතුමන් ප්‍රකාශ කර ඇත්තේ තමන් දෙවියන් වහන්සේ වෙතින් ආ පණිවුඩකරුවෙකු ලෙසය.

එම යුගයේ ජීවත් වූ ජනයා එතුමන්ට “රබී” යනුවෙන් ආමන්ත්‍රණය කළහ. හේබ්‍රෙව් එහි අර්ථය ගුරුවරයා යන්නයි. එකල විසූ එම ජනයා ජේසුතුමන්ව දෙවියන් වහන්සේ ලෙස සැලකුයේ නම් “ගුරුතුමනි” යනුවෙන් ආමන්ත්‍රණය කළේ මන්ද? එබැවින් කෙසේ කල්පනා කළ ද ජේසුතුමන් ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු මිස දෙවියන් වහන්සේ විය නොහැක.

“ඔබේ අදහස “එසේය” කීම නම් “එසේය” කියාද “නැත” කීම නම් “නැත” කියාද වේවා. ඊට වැඩිය යමක් ඇද්ද එය එන්නේ නපුරාගෙන්ය”. (මතෙව් 5:37)

ජේසුතුමා කිසි විටෙකත් තම ගරු මහිමය උදෙසා මෙහෙවරෙහි නිරත නොවීය. එය ජනතාවට එතුමන් පැහැදිලිව ප්‍රකාශ කළේය.

“එසේ වුවද, මම මගේම ගෞරවය නොසොයමි. එය සොයන විනිශ්චය කරන කෙනෙක් සිටීති”. (යොහාන් 8:50)

මේ අනුව ගෞරවය, මහිමය, ප්‍රශංසාව ලැබිය යුතු එකම තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ පමණක් බව ජේසුතුමන් පැහැදිලිවම පෙන්වා දී ඇත. දෙවියන් වහන්සේ පිළිබඳව උපමා සහිතව කථා කළ එතුමා කාලය ආ කල්හි විවෘතව ම ඒ පිළිබඳව දන්වන බව දැන්වූහ.

“මේ දේවල් උපමා මගින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මගින් කථා නොකර, පියාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේය”. (යොහාන් 16:25)

එබැවින් මෙය අනිවාර්‍ය සිදුවීමකි. ජේසුතුමා දෙවන වරට (නැවත) මෙළොවට පහල වූ කල්හි, දෙවියන් වහන්සේ පිළිබඳ විවෘතව කථා කරනු ඇත.

තවත් බොහෝ දේ කථා කිරීමට කැමැත්තෙන් සිටියද එම ජනයාට එය දරාගත නොහැකි නිසා එම අදහස මග හරිනු ලැබුවේය.

“ඔබට කීමට තවත් බොහෝ දේ මට ඇත. එහෙත් දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය”. (යොහාන් 16:12)

නමුත් තව වක්තෘවරයෙකු පහළ වන බවත්, එතුමා සත්‍ය ම දේශනා කරන බ‍වත්, එතුමා තමාගේ කැමැත්ත පරිදි කිසිවක් නොපවසන අතර සත්‍ය ධර්මය (මාර්ගය) සකල ලෝක වාසී ජනතාවට ම මග පෙන්වන බවටත් අනාගත සිදුවීම් පිළිබඳ දැනුම් දෙන අතර, ජේසුතුමාව ද ගෞරවයට පාත්‍ර කරන බ‍වත් එතුමාණන් පෙන්වා දුන්නේය. මෙයින් දැනගත යුත්තේ කුමක්ද යත්, ජේසු තුමන්ගෙන් පසු තවත් වක්තෘවරයෙකු (දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවෙකු) ලොවට පැමිණෙන බවය.

“එසේ වී නමුත් ඒ තැනන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කළ උන්වහන්සේ, සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබ මග පෙන්වන සේක. උන්වහන්සේ සිය කැමැත්තෙන් ම කථා නොකොට, උන්වහන්සේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත”. (යොහාන් 16:13)

තවද ජේසුතුමා, පැහැදිලිව ප්‍රකාශ කළේ “එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහයදායකයාණන් වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක”. (යොහාන් 14:26)

තවද ජේසුතුමා අනාගතයේදී පහළ වන තැනැත්තා ජේසුතුමන් පිළිබඳව සාක්ෂි දරන්නෙකු වන බවද ප්‍රකාශ කළේය.

“මා විසින් ඔබ වෙත එවා වදාරණ සහයදායකයාණන්, එනම් පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කළ උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.” (යොහාන් 15:26)

ඇත්තෙන්ම මෙය විශ්මයජනකය. ජේසුතුමන් පැවසූ සියල්ල සිදුවිය. සත්‍ය මාර්ගය දේශනා කොට ලෝ වැසියන්ට යහමග ජේසුතුමන් ගෞරවයට පාත්‍ර කොට ජේසුතුමාගේ මව පතිවත රැකගත් පවිත්‍ර කාන්තාවක් ලෙස ලෝ වැසියන්ට පැහැදිලි කර, දෙවියන් වහන්සේගේ නියමය පරිදි එක් වදකින් ජේසුතුමා පිළිසිඳ ගත් බව ලෝ වැසියන්ට අවබෝධ කර, ජේසුතුමා කී පරිදි එතුමන්ගේ දෙවන වර පහළ වීමද සහතික කළේය. තවද ජේසු යන වදන උච්චාරණය කරන කල්හි එතුමන්ට ශාන්තිය උදා වේවායි යන වචනයද එක්කර පවසන ලෙස ලෝ වැසියන්ට පැවසූ එතුමන් පැවසූයේ අසම සම වූ දෙවියන් වහන්සේටම පමණක් නමස්කාර කරන ලෙසය. එතුමාණෝ යුදෙව්, රෝම සමාජයේ පැවත් පිළිම වන්දනය තදින්ම තහනම් කළේය.

Last edited:

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
සර්ව බලධාරී දෙවියන් වහන්සේ පමණක් නමස්කාර කර ප්‍රතිමා හා අනෙකුත් දෑ නමස්කාරය එක හෙලා ප්‍රතික්ෂේප කළ එම වක්තෘවරයාණන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් නබිනායක තුමාය. සර්ව බලධාරී දෙවියන් වහන්සේ හෙවත් අල්ලාහ් (දෙවිඳු) ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල් තුමන්ට ආශිර්වාද කිරීම, එම පරම්පරාවට ආශිර්වාදයට බඳුන් කිරීමක් විය. මුහම්මද් තුමා එම ඉෂ්මායෙල්ගේ පරම්පරාවෙන් පහළ වූයේය.

සර්ව බලධාරී දෙවියන් වහන්සේ හෙවත් “අල්ලාහ්” ආදම් තුමාගෙන් පටන් කලින් කලට වක්තෘවරුන් පහළ කරමින් අල්ලාහ් සිය කැමැත්ත ඉටු කළේය. වක්තෘවරුන් කිසි විටෙකත් තමන් දෙවියන් වහන්සේ හෝ දෙවියන් වහන්සේගේ ප්‍රතිරූප ලෙස හෝ ප්‍රකාශ නොකළහ.

දයාබර සොයුර, සොයුරිය, සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ මාර්ගය පෙන්වා දෙන එකම සත්‍ය වූ දහම “ඉස්ලාම්” ධර්මය වේ. දෙදණ නමා සිරස පහත් කර සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගෙන්ම අපගේ පාපයට සමාව අයදිමු. උන්වහන්සේ අපරිමිත දයාවන්තය. අසීමිත කරුණාවන්තය.

ශුද්ධ වූ අල්-කුර්ආනයේ සර්ව බලධාරී අල්ලාහ් (දෙවිඳුන්) මෙසේ ප්‍රකාශ කරයි.

“දහම් ලත් ජනයිනි, ශුභාරංචි ගෙනෙන්නෙකු හෝ අනතුරු අඟවන්නෙකු අප වෙත පැමිණියේ නැතැයි නුඹලා නොකියන පිණිස රසූල්වරුන් (ධර්මදූතයන්) නොපැමිණි දිගු කලකට පසු නුඹලාට දේව මාර්ගය පැහැදිලි කරන්නෙකු ලෙස අපගේ රසූල්වරයා (ධර්මදූතයා) නුඹලා වෙත නියත වශයෙන්ම පැමිණියේය. ශුභාරංචි ගෙනෙන්නාද අනතුරු අඟවන්නෙකු ද දැන් නියත වශයෙන්ද නුඹලා වෙත පැමිණ සිටී. අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම බල සම්පන්නය.” (අල්-කුර්ආන් 5:19)

අවසාන ශුද්ධ ග්‍රන්ථය වන අල්-කුර්ආන්හි 5:19 අල්ලාහ් (දෙවියන් වහන්සේ) ගේ ප්‍රකාශයට අනුව ජේසු තුමාගෙන් පසු ඔබට යහමග පෙන්වීම පිණිස එක් වක්තෘවරයකු පහළ කරන බව හොඳින් පැහැදිලිය.

මෙම දිව්‍ය වදනට සමානව බයිබලයෙහි ජේසු තුමා “උන්වහන්සේ පැමිණි කළ පාපය ගැනද, ධර්මිෂ්ඨකම ගැනද, විනිශ්චය ගැනද ලෝකයට වටහා දෙන සේක.” (යොහාන් 16:8) හි පවසා ඇත.

දයාබර සහෝදර, සහෝදරිය, අප සත්‍ය අවබෝධ කර ගනිමු. විනිශ්චය පිළිබඳව උපේක්ෂා සහගතව අධ්‍යනයක යෙදුනහොත් අපට සත්‍ය අවබෝධ කර ගැනීම අපහසු නොවේ. දේව රාජ්‍ය අත ලඟය, දේව රාජ්‍ය නම් එම ස්වර්ගය අත්පත් කර ගැනීමට එකම සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ට යාඥා කරමු.

තවත් එක් විශ්මය ජනක කරුණක් නම් මැද පෙරදිග ජීවත් වන කිතුනුවන් දෙවියන් වහන්සේ සර්ව බලධාරී “අල්ලාහ්” ලෙස ආමන්ත්‍රණය කරති. අරාබි බයිබලයෙහි පෙන්වා දෙන්නේද, තැනැන් වහන්සේ “අල්ලාහ්” ලෙසිනි. තවද කිතුණු දෙවි මැදුරු වල තැනැන් වහන්සේට ස්ත්‍රෝත ගායනා කිරීමේදී ඔවුහු “අල්ලාලූයා” යනුවෙන් පවසති. බයිබලයෙහි අල්ලේලූයා යන වචනය දැන් “හල්ලේලූයා” යනුවෙන් උච්චාරණය කරති.

දයාබර සහෝදර, සහෝදරිය, අදෘශ්‍යමාන දෙවිඳුන් අල්ලාහ් අප සැමගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේය. අසම සම අල්ලාහ් පමණක් නමස්කාර කර අප දෙලොවම ජයග්‍රහණය අත්පත් කර ගනිමු. ආදම් ගේ ද, ආබ්‍රහම් ගේ ද, ඊසාක් ගේ ද, ඉස්මායෙල් ගේ ද මෝසෙස් ගේ ද, ජේසුස් ගේ ද, මුහම්මද් ගේ ද, අප සැමගේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී අල්ලාහ් පමණක්ය.

“ඉශ්‍රායෙල් වරුනි අසන්න. දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේය.”

එහෙත් තවමත් බොහෝ දෙනෙකුට සර්ව බලධාරී දෙවිඳුන් අවබෝධ කරගත නොහැකිව ඇත. එබැවින් අප සැවොම අපගේ දෙනෙත් විවර කර පොදු එකඟතාවයකින් යුතුව නිගමනයකට එළඹෙමු. ජේසුතුමන් පෙන්වා දුන් පරිදි “දෙවියන් ආත්මයය. උන්වහන්සේට නමස්කාර කරන්නන් ආත්මානුභාවයෙන්ද අවංක සිතින් ද නමස්කාර කළ යුතුය” (යොහාන් 4:24), යි වදාළ සේක. මේ අනුව අප සැවොම ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද උන්වහන්සේ අපව සත්‍ය මාර්ගයට යොමු කරනු ඇත.

ආමෙන්....

source:-Link
 
Last edited:

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
දයාබර සොයුර, සොයුරිය, සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ මාර්ගය පෙන්වා දෙන එකම සත්‍ය වූ දහම “ඉස්ලාම්” ධර්මය වේ. දෙදණ නමා සිරස පහත් කර සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගෙන්ම අපගේ පාපයට සමාව අයදිමු. උන්වහන්සේ අපරිමිත දයාවන්තය. අසීමිත කරුණාවන්තය.

දයාබර සහෝදර, සහෝදරිය, අප සත්‍ය අවබෝධ කර ගනිමු. විනිශ්චය පිළිබඳව උපේක්ෂා සහගතව අධ්‍යනයක යෙදුනහොත් අපට සත්‍ය අවබෝධ කර ගැනීම අපහසු නොවේ. දේව රාජ්‍ය අත ලඟය, දේව රාජ්‍ය නම් එම ස්වර්ගය අත්පත් කර ගැනීමට එකම සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ට යාඥා කරමු.

කරුනාකර මේවාට පිලිතුරක් සපයන්න.

1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?

2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?
3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්‍රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1.ඔව් යාලුවා එකම එක ගොඬ් කෙනෙක් ...ඒ තමයි අල්ලාහ්..]]ඔව්..

    2.වෙන්න බෑ..මේක බලන්න http://www.godallah.com/proof.php සිංහෙලෙන් ඔනි නම් කියන්න දෙන්නම් :)

    3.අල්ලාහ් යන වචනය බයි බල් එකෙ තියනවා...නොට් අලෙයා එක අල්ලාහ් කුරානයෙත් ඒමතමයි කියන්නෙ.
     
    අල්ලහ් යනු දෙවියන්වහන්සේම නම්... ඇයි අල්ලහ් ව අදහන්නේ ? ඔබටත් පුලුවන්නෙ ඒ දෙවියන් වහන්සේව අදහන්න.
    බයිබල් එකේ උප්පත්ති පොතේ " තට මා හැර අන් දෙවිවරුන් නොසිටව..." යනුවෙන් සඳහන්ව ඇත
    .
     
    • Like
    Reactions: Sachinth

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කරුනාකර මේවාට පිලිතුරක් සපයන්න.

    1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?

    2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?
    3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්‍රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?
    [/QUOTE]
    :nerd:1/:- alla kiyanne deviyan wahanseta kiyana namakma tamai.. deviyanta kiyana nam godak tiyenawa.. ewa atarin 1kak tamai alla kiyanne muslim janathawa eka pavichchi karanawaa.degollama adahanne ekama deviyan wahansewama tamai. nama vitarai wenas. :nerd:

    :nerd:2/:- eka hariyatama terum ganna nam kuranaya saha bibalaya kiyawanna one...:eek: ketiyen kiyanawanam. jakob ge putun 2denagen eka putekgen wenamama jatiyak bihiuna.. eyala tamai muslim janathawa.. eyala alla namin 1kama deviyanwa adahanawa.. baibalaye parana givisume tiyena.. nitith ekka...

    :nerd:3/:-aleluiiya kiyanne prasansa wewa kiyana ekama tamai..eke wenasak naha...:) alla kiyanne deviyane kiyana ekai.:)
    aleluiya = prasansawewa!!!
    alla = deviyane.:nerd::nerd:
     
    අල්ලහ් යනු දෙවියන්වහන්සේම නම්... ඇයි අල්ලහ් ව අදහන්නේ ? ඔබටත් පුලුවන්නෙ ඒ දෙවියන් වහන්සේව අදහන්න.
    බයිබල් එකේ උප්පත්ති පොතේ " තට මා හැර අන් දෙවිවරුන් නොසිටව..." යනුවෙන් සඳහන්ව ඇත
    .

    Allah%205.jpg

    *අල්ලහ්* යන අරාබි වචනෙය් සිංහල අරැථය *දෙවියන් වහන්සේ* ඉංගිරිසි
    අරැථය *GOD*

    අරාබි ජාතිය
    මුස්ලිමිවරැන්ට පමණක් සීමා ෙනාෙව් ...

    'අරාබි කිතුණුවන් මිලියන 10ක් හා 12ක්පමණ සිටී'

    'අරාබි යුෙදව්වන් මිලියනයකට වඩාසිටී'

    අරාබි මුස්ලිමිවරැ හා අරාබි කිතුණුවන් හා අරාබි යුෙදව්වන් යන සියල්ලම *දෙවියන් වහන්සේ* අමතන්ෙන් *අල්ලහ්* යනුෙවන්..

    පහත දැක්ෙවන
    අරාබි බයිබල් වැකිෙය් රතු යටි ඉෙරන් දැක්ෙවන්ෙන් *අල්ලහ්* යන අරාබි වචනය *දෙවියන් වහන්සේ* ෙවනුවට ෙයාදා අති අාකාරය..

    Allah%20in%20Arabic%20Bible.png

    මුස්ලිමිවරැන් වන අප අදහන්ෙනත් ඒකීය
    *දෙවියන් වහන්සේ*...

    *අල්ලහ්* = *දෙවියන් වහන්සේ*

    • Like
    Reactions: sirajstc

    Machan oya Muslim da.??Islam gena hodata dannawane...balan yaddi :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Allah%205.jpg

    *අල්ලහ්* යන අරාබි වචනෙය් සිංහල අරැථය *දෙවියන් වහන්සේ* ඉංගිරිසි
    අරැථය *GOD*

    අරාබි ජාතිය
    මුස්ලිමිවරැන්ට පමණක් සීමා ෙනාෙව් ...

    'අරාබි කිතුණුවන් මිලියන 10ක් හා 12ක්පමණ සිටී'

    'අරාබි යුෙදව්වන් මිලියනයකට වඩාසිටී'

    අරාබි මුස්ලිමිවරැ හා අරාබි කිතුණුවන් හා අරාබි යුෙදව්වන් යන සියල්ලම *දෙවියන් වහන්සේ* අමතන්ෙන් *අල්ලහ්* යනුෙවන්..

    පහත දැක්ෙවන
    අරාබි බයිබල් වැකිෙය් රතු යටි ඉෙරන් දැක්ෙවන්ෙන් *අල්ලහ්* යන අරාබි වචනය *දෙවියන් වහන්සේ* ෙවනුවට ෙයාදා අති අාකාරය..

    Allah%20in%20Arabic%20Bible.png

    මුස්ලිමිවරැන් වන අප අදහන්ෙනත් ඒකීය
    *දෙවියන් වහන්සේ*...

    *අල්ලහ්* = *දෙවියන් වහන්සේ*

    මෙන්න මේක තමයි හරි එක..නියම පෝස්ට් එක යාලුවා...:)
    :)
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මිත්‍යා දෘෂ්ටියක මහත...සර්ව බලධාරියාගේ පිහිටෙන් කවදා කෙසේ නම් දුකෙන් මිදෙන්නද?
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    දයාබර සොයුර, සොයුරිය, සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ මාර්ගය පෙන්වා දෙන එකම සත්‍ය වූ දහම “ඉස්ලාම්” ධර්මය වේ. දෙදණ නමා සිරස පහත් කර සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගෙන්ම අපගේ පාපයට සමාව අයදිමු. උන්වහන්සේ අපරිමිත දයාවන්තය. අසීමිත කරුණාවන්තය.

    දයාබර සහෝදර, සහෝදරිය, අප සත්‍ය අවබෝධ කර ගනිමු. විනිශ්චය පිළිබඳව උපේක්ෂා සහගතව අධ්‍යනයක යෙදුනහොත් අපට සත්‍ය අවබෝධ කර ගැනීම අපහසු නොවේ. දේව රාජ්‍ය අත ලඟය, දේව රාජ්‍ය නම් එම ස්වර්ගය අත්පත් කර ගැනීමට එකම සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ට යාඥා කරමු.

    කරුනාකර මේවාට පිලිතුරක් සපයන්න.

    1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?

    2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?
    3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්‍රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?

    1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?
    අරාබි රටේ කිතුනුවන් පවා දෙවියන්ව නමදින්නේ අල්ලාහ් යනුවෙනි .එයට සාදක ලෙස පහත බයිබල් වැකි වලින්ම ඉදිරිපත් කරේ
    [Genesis 1:1 - English Bible - King James Version]
    "In the beginning God created
    the Heaven and the Earth . . . "

    [Genesis 1:1 - Arabic transliteration]

    "Fee al-badi' khalaqa Allahu
    as-Samaawaat wa al-Ard . . . "

    [Genesis 1:1 - Arabic Bible]
    abib-01.jpg

    :)

    [John 3:16 - English Bible - King James Version]

    "For God so loved the world,
    that . . . "

    [John 3:16 - Arabic transliteration]

    "Li-annhu haakadha ahabba
    Allahu al-'Aalama hataa badhala . . . "

    [John 3:16 - Arabic Bible]
    abib-02.jpg

    :)

    [Luke 1:30 - English Bible - King James Version]

    " . . . Fear not, Mary:
    for thou hast found favor with God."

    [Luke 1:30 - Arabic transliteration]

    " . . . Laa takhaafee, yaa
    Maryam, li-annaki qad wajadti ni'amat(an) i'nda Allahi."

    [Luke 1:30 - Arabic Bible]

    abib-03.jpg

    :)

    [Luke 3:38 - English Bible - New King James Version]
    "the son of Enos, the son
    of Seth, the son of Adam, the son of God."

    [Luke 3:38 - Arabic transliteration]

    "bini Anoosha, bini Sheeti,
    bini Aaadama, abni Allahi."

    [Luke 3:38 - Arabic Bible]
    abib-04.jpg

    :)

    The word "Allah" exists in the Book of Genesis:
    genesis1.jpg

    2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?

    ඔබ පටලව ගෙන වගේ ,
    එකම දෙවියන් වහන්සේට තමයි අපි අල්ලාහ් කියලා කියන්නේ, එයම බයිබලයේ තියෙන බව මම ඉහතින් පෙන්වා ඇත .ජේසු තුමාව දෙවියෙක් විදියට ඇදහිය නොහැක .එය අල් කුර්හානයට මෙන්ම බයිබලයටද පටහැනි වේ එය ජේසු තුමාම පවසා ඇත
    ශේෂ්ඨතම ආඥාව මේය :ඉස්රයිල් වැසියනි අසන්න ,අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එකම ස්වාමින් වහන්සේය (ශුද්දවර මාක් 12 :29 )
    3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්‍රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?
    අල්ලෙලුයා යනු අල්හම්දුලිල්ලා යන අරාබි පාඨයම වේ.

    ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලදී :)

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    අල්ලහ් යනු දෙවියන්වහන්සේම නම්... ඇයි අල්ලහ් ව අදහන්නේ ? ඔබටත් පුලුවන්නෙ ඒ දෙවියන් වහන්සේව අදහන්න.
    බයිබල් එකේ උප්පත්ති පොතේ " තට මා හැර අන් දෙවිවරුන් නොසිටව..." යනුවෙන් සඳහන්ව ඇත
    .
    බයිබලයේ පවා දෙවියන් වහන්සේගේ නාමය ලෙස අල්ලාහ් යන වචනය යොදා ඇත .එනිසා අල්ලාහ් ලෙස අපි ඇදහීමෙන් ඇති වරද කුමක්ද ?