එංගලන්තය සමග එක්දිනක් ගැටී සමුගන්නවා

එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සනත් ජයසූරිය ගේ නම යෝජනාවී තිබුණු අතර ඒ සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණි

ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රහාරාත්මක පිතිකරු ලෙස හැදින්වෙන සනත් ජයසූරිය එළැඹෙන එංගලන්ත සංචාරයේ පළමු එක්‌දින තරගයේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ඊයේ (09 දා) ප්‍රකාශ කළේය.
41 වැනි වියේ පසුවන ජයසූරිය මේ වන විට එක්‌දින ජාත්‍යන්තර තරග 444 කදී ලකුණු 13428 ක් සහ කඩුලු 322 ක් ලබා තිබේ.
"පළමුව මම දුලිප් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ස්‌තුති වන්ත වනවා මම ගැන විශ්වාස තියල කණ්‌ඩායමට නම් කිරීමට ගැන. රට වෙනුවෙන් මම මගේ උපරිමය ක්‍රිකට් ක්‍රීඩාවේදී කරල තියෙනවා. එංගලන්තය සමග පැවැත්වෙන සම්පූර්ණ එක්‌දින තරගාවලියට මාව නම් කළත් මම එහිදී සහභාගි වන්නේ 20-20 තරගයට සහ පළමු එක්‌දින තරගයට පමණයි." යනුවෙන් ජයසූරිය සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් පැවසීය.
සිය එක්‌දින ක්‍රිකට් ජීවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනය 1996 ලෝක කුසලාන තරගාවලිය බවත් වඩාත්ම දුකට පත්වූයේ ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී තමන්ව කණ්‌ඩායමෙන් කපා දැමූ අවස්‌ථාව බවත් ජයසූරිය එහිදී සඳහන් කර සිටියේය.

Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=16657

Last edited: