ඉතාලියට හිසරදයක් වූ සේපාල
මේ ඉන්නෙ සේපාල ඒකනායක
කවුද මේ ? නීති වලට අනුවනම් අපරාධකාරයෙක්.
ඒත් හැගීම් එක්ක සසදනකොට නම් ඔහු මෑත කාලයේ වීරයෙක්.
බොහෝ දෙන්නා දන්නා කතාවක් වුනත් නැවත නැවත මතක් කල යුත්තේ ඒ හින්දයි.
සේපාල ඒකනායක ඉපදුනේ 1949 , ජූනි 3 වෙනිදා. මාතර දිස්ත්‍රික්කයේ.
පාසල් ගියේ හම්බන්තොට විදුහලකට.
1972දී සේපාල ජර්මනියට පැමිණෙන්නෙ බොහෝ දෙනෙකු මෙන් අනාගතය ගැන හිතේ තියෙන හීන සැබෑවක් කරගන්න.
ජර්මනියේදි සේපාල ,
ඇනා අල්ඩ්රොවාන්දි කියන ඉතාලි තරුණිය සමග පෙම් සබදතාවක් ඇති කරගන්නවා.
එහි ප්‍රතිපලයක් විදියට තමයි සේපලට ඇනා සමග ඉතාලියට පැමිණිමට හැකි වන්නේ.
ඔවුන් ජීවත් වුනේ මොදෙනා නැමති පලාතේ .
කාලය ගෙවී යද්දි සේපාල-ඇනා පවුලට තුන්වෙනුයෙකුත් එකතු වෙලා.ඒ ප්‍රී ඒකනායක.
මේ අතරතුර තමයි සේපාලගේ ඉතාලියෙ නැවතීමට අවසර තිබෙන වීසා බලපත්‍රය නැතිවී තිබෙන්නේ.
ඔහු නව බලපත්‍රයක් සදහා ඉතාලි රජයෙන් ඉල්ලුම් කලත් ඔහුට එය ලැබී නෑ.
ඔවුන් පවසා ඇත්තේ පවතින් තත්වය අනුව සේපාලට නැවත ශ්‍රී ලංකාවට යාමට සිදු වෙන බවත් , එහි සිට ඉතාලියට පැමිණිම උත්සහ කරන ලෙසත්ය.
ශ්‍රි ලංකාවට පැමිණ වසර 6ක් ගත වූවත් ,සේපාලට තවම ඉතාලියට යා හැකි මාර්ගයක් ලබා දීමට ඉතාලි රජය අපොහොසත් වී තිබෙනවා.
තම දරු පවුල නැති සංවේගය ,
ඉතාලි රජය පිලිබද ඇති වූ වෛරයක් බවට පෙරලෙන්නෙ ඒ නිසයි.
දිනය 1982 , ජූනි 30 වෙනිදා .
සේපාල ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගුවන් ගමනකින් පැමිණ ගුවන්තොටු පොලේ රැදී සිටියා.
ටික වේලාවකට පසු ඉතාලියේ අලිතාලියා ගුවන් සේවයේ බෝයින් 747 දරණ ගුවන් යානය නව දිල්ලියට පැමිණෙන්නෙ
රෝමයේ සිට ටෝකියෝ දක්වා ගමන් ගන්න අතරතුරදීයි.
අලිතාලියා යානය මේ වන විට ටෝකියෝ දක්වා ගමන් අරඹා අවසන්. අඩි 35,000 ක උසින් ගුවන් යානය ගමන් කරනවා.
මේ අවස්තාවේදී ගුවන් නියමුවාට ලිපියක් ලැබෙනවා. තමා ලග බෝම්බයක් තිබෙන බවත් බැන්කොක් හිදී ගුවන් යානය බස්සන ලෙසත් ,
එසේ නොකලහොත් ගුවන් යානය පුපුරණ බවටත් ගුවන් මගියෙකුගෙන් අනතුරු ඇගවීමක් ලැබී තිබුණ.
ඒ වෙන කිසිවෙකුත් නොව බොරු වයර් කෑලි ටිකක් හා ඉන්දියාවේදි මිතුරෙකුගෙන් ලබා ගත් පුපුරණ ද්‍රව්‍ය
සමගින් අමුතුම ආකරයෙ නාටකයක් රැගදැක්වීමට උත්සහ දරන සේපාලයි.
එමෙන්ම තම බිරිද හා දරුවන් වන ඇනා සහ ප්‍රී එම කාලය ඇතුලත බැන්කොක් වලට රැගෙන එන ලෙසටත් ඔහු නියම කලා.
ඒ ඇමරිකානු ඩොලර් 300000ක් සමගින්. ඒකල මුස්ලිම් අන්තවාදීන්ගෙන් ලොවටම අනතුරු ඇගවීම් ලැබීම ආරම්භ වී තිබු කාලය නිසා
මෙයින් ගුවන් නියමුවා ඇතුලු කාර්ය මණ්ඩලය හා ඉතාලි රජය දැඩි ලෙස තැති ගැන්වුනා.
සියලු ගුවන් මගීන් බස්සා සේපාල , තම බිරිද හා දරුවා ගුවන් යානයට ගෙන්වා ගන්නවා.
කෙසේ වුවත් ඔහු ලංකාවට යන ලෙස තායිලන්තයෙහි ශ්‍රී ලාංකික තානාතිපති දැනුම් දෙන්නේ
ඔහුට ලංකාවේදි අනතුරක් නොවන ලෙසට කටයුතු කරන්නම් බවය.
එහෙත් ශ්‍රි ලංකාවේදී අත් අඩංගුවට පත් වන සේපාල වැලිකඩ බන්ධනාගරයේ හිරකරුවෙක් වනවා.
ඒකල ශ්‍රී ලංකා නීති පොතෙහි ගුවන් යානයක් සොරකම් කිරීමේ වරදට
විරුද්ධව නීතියක් ගොඩ නැගී නොතිබීමද විශේෂ කරුණක්.
ඇනා සහ ප්‍රී නැවත ඉතාලියට පැමිණෙනවා.
වසර 5කට පසුව හිරෙන් නිදහස් වන සේපාල නැවතත් විවාහ වී ශ්‍රී ලංකාවේම ජීවත් වෙනවා.
මේ මැතකදි ඔහුගේ පුතා ප්‍රී ඒකනායක තම පියා හමුවීමට ලංකාවටද පැමිණියා.
-------------------------------------
මේ පසු කලෙක සේපාල හා මාධ්‍යවේදියෙකු කල සම්මුඛ සාකච්ජාවකි.
ඇයි මෙහෙම ගුවන් යානයක් සොරකම් කරන්න හිතුවේ ?
මට මගෙ දරුවයි නෝනයි එක්ක ජීවත් වෙන්න ඕන වුනෙ.
ඒගොල්ලන්ට තිබුණු ආදරෙටයි එහෙම කලේ.
ඒ මගෙත් තරුණ කාලෙ. දැන් හිතෙනවා මම ඉක්මන් වුනා කියලා.
ඇයි ඉතාලි වීසා එක නැති වුනේ ?
නැති වුනේ නෑ. ඒක අවසන් කියලා දැනුම් දීමක් ලැබුණා.
එක්තරා සාදයකදි මම ඉතාලි ජාතිකයෙකුට බියර් වීදුරුවකින් පහරක් එල්ල කලා. ඒ ඔහු ශ්‍රී ලාංකිකයන් පිලිබද අප්‍රසන්න විදියට කතා කරමින් හිටිය හින්දා.
ඔහුට ඉතාලි රජයත් සමග සබදතා රැසක් තිබෙන බව මට පසු කලෙක දැන ගන්න ලැබුණා. මේ හැම දේකටම මුල ඒක වෙන්න ඇති.
ඇනා ශ්‍රි ලංකාවට පැමිණියේ නැද්ද ?
ඇය පැමිණියා. මොකද මම ශ්‍රි ලංකාවට ආවේ මගෙ දරුවත් එක්ක.
ඒත් ඇය පැමිණියෙ මගෙ පුත ප්රීව ඉතාලියට රැගෙන යන්නෙ කියලා මම දැන ගත්තේ පස්සේ .ඊට පස්සෙයි මම මේ දේ කරේ .
මේක මිතුරෙක්ට කීවම ඔහු එම ගුවන් යානයෙ ඉන්දියාවට පැමිණියා.
ඔහු යම් කිසි පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එහි සැගෙව්වා.
ඒ කොහොමද කියලා මගෙන් අහන්න එපා.
පෑන් බටයයි, කූරයි වෙන වෙනම ගෙනිච්චට කවුරුත් ඒකට පෑනක් කියන්නෙ නෑනෙ. ඔන්න පෑන් බටේට කූර දැම්මොත් හැමෝම කියයි අන්න පෑනක් කියලා.
ඊට පස්සෙයි මම ගුවන් යානයට නැගලා මේ දේ කලේ.
ඇයි නැවත විවාහ වුනේ ?
ඇනා මගෙන් දික්කසාදය ඉල්ලුවා.
මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා දෙවෙනි බිරිදගෙන්.
ඒ ගොල්ලොයි මගෙ පලවෙනි බිරිදගේ පුතා ප්රීයි හරිම සමගියි.
එයා මාව බලන්නත් ආවා.