ඉතාලියට හිසරදයක් වූ සේපාල

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඉතාලියට හිසරදයක් වූ සේපාල

    මේ ඉන්නෙ සේපාල ඒකනායක

    pl10b.jpg


    කවුද මේ ? නීති වලට අනුවනම් අපරාධකාරයෙක්.
    ඒත් හැගීම් එක්ක සසදනකොට නම් ඔහු මෑත කාලයේ වීරයෙක්.
    බොහෝ දෙන්නා දන්නා කතාවක් වුනත් නැවත නැවත මතක් කල යුත්තේ ඒ හින්දයි.

    සේපාල ඒකනායක ඉපදුනේ 1949 , ජූනි 3 වෙනිදා. මාතර දිස්ත්‍රික්කයේ.
    පාසල් ගියේ හම්බන්තොට විදුහලකට.
    1972දී සේපාල ජර්මනියට පැමිණෙන්නෙ බොහෝ දෙනෙකු මෙන් අනාගතය ගැන හිතේ තියෙන හීන සැබෑවක් කරගන්න.
    ජර්මනියේදි සේපාල ,
    ඇනා අල්ඩ්‍රොවාන්දි කියන ඉතාලි තරුණිය සමග පෙම් සබදතාවක් ඇති කරගන්නවා.

    images


    එහි ප්‍රතිපලයක් විදියට තමයි සේපලට ඇනා සමග ඉතාලියට පැමිණිමට හැකි වන්නේ.
    ඔවුන් ජීවත් වුනේ මොදෙනා නැමති පලාතේ .
    images


    කාලය ගෙවී යද්දි සේපාල-ඇනා පවුලට තුන්වෙනුයෙකුත් එකතු වෙලා.ඒ ප්‍රී ඒකනායක.
    මේ අතරතුර තමයි සේපාලගේ ඉතාලියෙ නැවතීමට අවසර තිබෙන වීසා බලපත්‍රය නැතිවී තිබෙන්නේ.
    ඔහු නව බලපත්‍රයක් සදහා ඉතාලි රජයෙන් ඉල්ලුම් කලත් ඔහුට එය ලැබී නෑ.
    ඔවුන් පවසා ඇත්තේ පවතින් තත්වය අනුව සේපාලට නැවත ශ්‍රී ලංකාවට යාමට සිදු වෙන බවත් , එහි සිට ඉතාලියට පැමිණිම උත්සහ කරන ලෙසත්ය.
    ශ්‍රි ලංකාවට පැමිණ වසර 6ක් ගත වූවත් ,සේපාලට තවම ඉතාලියට යා හැකි මාර්ගයක් ලබා දීමට ඉතාලි රජය අපොහොසත් වී තිබෙනවා.

    images

    තම දරු පවුල නැති සංවේගය ,
    ඉතාලි රජය පිලිබද ඇති වූ වෛරයක් බවට පෙරලෙන්නෙ ඒ නිසයි.

    දිනය 1982 , ජූනි 30 වෙනිදා .
    සේපාල ඉන්දියාවේ නව දිල්ලි නුවරට ගුවන් ගමනකින් පැමිණ ගුවන්තොටු පොලේ රැදී සිටියා.
    ටික වේලාවකට පසු ඉතාලියේ අලිතාලියා ගුවන් සේවයේ බෝයින් 747 දරණ ගුවන් යානය නව දිල්ලියට පැමිණෙන්නෙ
    රෝමයේ සිට ටෝකියෝ දක්වා ගමන් ගන්න අතරතුරදීයි.

    images



    අලිතාලියා යානය මේ වන විට ටෝකියෝ දක්වා ගමන් අරඹා අවසන්. අඩි 35,000 ක උසින් ගුවන් යානය ගමන් කරනවා.
    මේ අවස්තාවේදී ගුවන් නියමුවාට ලිපියක් ලැබෙනවා. තමා ලග බෝම්බයක් තිබෙන බවත් බැන්කොක් හිදී ගුවන් යානය බස්සන ලෙසත් ,
    එසේ නොකලහොත් ගුවන් යානය පුපුරණ බවටත් ගුවන් මගියෙකුගෙන් අනතුරු ඇගවීමක් ලැබී තිබුණ.
    ඒ වෙන කිසිවෙකුත් නොව බොරු වයර් කෑලි ටිකක් හා ඉන්දියාවේදි මිතුරෙකුගෙන් ලබා ගත් පුපුරණ ද්‍රව්‍ය
    සමගින් අමුතුම ආකරයෙ නාටකයක් රැගදැක්වීමට උත්සහ දරන සේපාලයි.
    එමෙන්ම තම බිරිද හා දරුවන් වන ඇනා සහ ප්‍රී එම කාලය ඇතුලත බැන්කොක් වලට රැගෙන එන ලෙසටත් ඔහු නියම කලා.
    ඒ ඇමරිකානු ඩොලර් 300000ක් සමගින්. ඒකල මුස්ලිම් අන්තවාදීන්ගෙන් ලොවටම අනතුරු ඇගවීම් ලැබීම ආරම්භ වී තිබු කාලය නිසා
    මෙයින් ගුවන් නියමුවා ඇතුලු කාර්ය මණ්ඩලය හා ඉතාලි රජය දැඩි ලෙස තැති ගැන්වුනා.

    සියලු ගුවන් මගීන් බස්සා සේපාල , තම බිරිද හා දරුවා ගුවන් යානයට ගෙන්වා ගන්නවා.
    කෙසේ වුවත් ඔහු ලංකාවට යන ලෙස තායිලන්තයෙහි ශ්‍රී ලාංකික තානාතිපති දැනුම් දෙන්නේ
    ඔහුට ලංකාවේදි අනතුරක් නොවන ලෙසට කටයුතු කරන්නම් බවය.
    එහෙත් ශ්‍රි ලංකාවේදී අත් අඩංගුවට පත් වන සේපාල වැලිකඩ බන්ධනාගරයේ හිරකරුවෙක් වනවා.

    images


    ඒකල ශ්‍රී ලංකා නීති පොතෙහි ගුවන් යානයක් සොරකම් කිරීමේ වරදට
    විරුද්ධව නීතියක් ගොඩ නැගී නොතිබීමද විශේෂ කරුණක්.
    ඇනා සහ ප්‍රී නැවත ඉතාලියට පැමිණෙනවා.

    වසර 5කට පසුව හිරෙන් නිදහස් වන සේපාල නැව
    ත් විවාහ වී ශ්‍රී ලංකාවේම ජීවත් වෙනවා.
    මේ මැතකදි ඔහුගේ පුතා ප්‍රී ඒකනායක තම පියා හමුවීමට ලංකාවටද පැමිණියා.

    pl1.jpg


    -------------------------------------

    මේ පසු කලෙක සේපාල හා මාධ්‍යවේදියෙකු කල සම්මුඛ සාකච්ජාවකි.

    ඇ‍යි මෙහෙම ගුවන් යානයක් සොරකම් කරන්න හිතුවේ ?
    මට මගෙ දරුවයි නෝනයි එක්ක ජීවත් වෙන්න ඕන වුනෙ.
    ඒගොල්ලන්ට තිබුණු ආදරෙටයි එහෙම කලේ.
    ඒ මගෙත් තරුණ කාලෙ. දැන් හිතෙනවා මම ඉක්මන් වුනා කියලා.


    ඇයි ඉතාලි වීසා එක නැති වුනේ ?

    නැති වුනේ නෑ. ඒක අවසන් කියලා දැනුම් දීමක් ලැබුණා.
    එක්තරා සාදයකදි මම ඉතාලි ජාතිකයෙකුට බියර් වීදුරුවකින් පහරක් එල්ල කලා. ඒ ඔහු ශ්‍රී ලාංකිකයන් පිලිබද අප්‍රසන්න විදියට කතා කරමින් හිටිය හින්දා.
    ඔහුට ඉතාලි රජයත් සමග සබදතා රැසක් තිබෙන බව මට පසු කලෙක දැන ගන්න ලැබුණා. මේ හැම දේකටම මුල ඒක වෙන්න ඇති.


    ඇනා ශ්‍රි ලංකාවට පැමිණියේ නැද්ද ?

    ඇය පැමිණියා. මොකද මම ශ්‍රි ලංකාවට ආවේ මගෙ දරුවත් එක්ක.
    ඒත් ඇය පැමිණියෙ මගෙ පුත ප්‍රීව ඉතාලියට රැගෙන යන්නෙ කියලා මම දැන ගත්තේ පස්සේ .ඊට පස්සෙයි මම මේ දේ කරේ .
    මේක මිතුරෙක්ට කීවම ඔහු එම ගුවන් යානයෙ ඉන්දියාවට පැමිණියා.
    ඔහු යම් කිසි පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එහි සැගෙව්වා.
    ඒ කොහොමද කියලා මගෙන් අහන්න එපා.
    පෑන් බටයයි, කූරයි වෙන වෙනම ගෙනිච්චට කවුරුත් ඒකට පෑනක් කියන්නෙ නෑනෙ. ඔන්න පෑන් බටේට කූර දැම්මොත් හැමෝම කියයි අන්න පෑනක් කියලා.
    ඊට පස්සෙයි මම ගුවන් යානයට නැගලා මේ දේ කලේ.

    ඇයි නැවත විවාහ වුනේ ?

    ඇනා මගෙන් දික්කසාදය ඉල්ලුවා.
    මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා දෙවෙනි බිරිදගෙන්.
    ඒ ගොල්ලොයි මගෙ පලවෙනි බිරිදගේ පුතා ප්‍රීයි හරිම සමගියි.
    එයා මාව බලන්නත් ආවා.

    main10pic2.jpg




     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාර වටිනවා මචං....
    ඔය සිද්ධිය වෙද්දි මම ගොඩක් පොඩියි...
    මට මතකයි ගෙදර කතා වෙනවා ඕක ගැන
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ස්තුතියි මතක් කරාට, යහළුවා,
    සේපාළ ඒකනායක මහතා ලංකාවට ගේනකොට, පාර්ලිමේන්තුව හදිස්සියේ රැස්වෙලා , අලුත් නීතියක් නීති ගත කරා, ඒ අනුව තමයි , ඔහුව අත් අඩංගුවට ගන්නෙ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම මේක පත්තරෙන් කියෙවුව.:):)
    දන් මම කියන්න යන්නේ වරතමන කාලයේ සිද්දිය ගැන .:shocked::shocked::shocked:
    හැබැයි සේරම කියන්නේ නැහැ.:no::no::no::no:
    පොඩි ඉඟියක් තමයි දෙන්නේ;););););)






    සේපාල ඒකනායක ඉපදුනේ 1949 , ජූනි 3 වෙනිදා. මාතර දිස්ත්‍රික්කයේ.
    පාසල් ගියේ හම්බන්තොට විදුහලකට.
    1

    ඒකල ශ්‍රී ලංකා නීති පොතෙහි ගුවන් යානයක් සොරකම් කිරීමේ වරදට
    විරුද්ධව නීතියක් ගොඩ නැගී නොතිබීමද විශේෂ කරුණක්.
    ඇනා සහ ප්‍රී නැවත ඉතාලියට පැමිණෙනවා.






    මම රතු පාටින් පාට කරලා තියන වචනවල මොනවා හරි සම්බන්දයක් පේනවද උඹලට :shocked::shocked::shocked::shocked:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    මේ සිද්දිය ගැන ඇන්ටන් ජෝන්ස් සින්දුවක් හදලත් තියනවා
     
    • Like
    Reactions: eghty

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ස්තූතියි සහෝදරය වටින විස්තර ටිකක්
    රෙප් ඉවරයිලු

    :)
    මාර වටිනවා මචං....
    ඔය සිද්ධිය වෙද්දි මම ගොඩක් පොඩියි...
    මට මතකයි ගෙදර කතා වෙනවා ඕක ගැන
    :)
    loveth na
    :lol: :yes:
    ස්තුතියි මතක් කරාට, යහළුවා,
    සේපාළ ඒකනායක මහතා ලංකාවට ගේනකොට, පාර්ලිමේන්තුව හදිස්සියේ රැස්වෙලා , අලුත් නීතියක් නීති ගත කරා, ඒ අනුව තමයි , ඔහුව අත් අඩංගුවට ගන්නෙ
    :)
    Btw bro where did you get this info and stuff ?
    Actually i wasn't even born at the time this was happening . But lot of time when we are partying here in Italy , this topic always comes around . Later i read some newspapers and stuff , then I translated em' and put it here .

    මම මේක පත්තරෙන් කියෙවුව.:):)
    දන් මම කියන්න යන්නේ වරතමන කාලයේ සිද්දිය ගැන .:shocked::shocked::shocked:
    හැබැයි සේරම කියන්නේ නැහැ.:no::no::no::no:
    පොඩි ඉඟියක් තමයි දෙන්නේ;););););)






    මම රතු පාටින් පාට කරලා තියන වචනවල මොනවා හරි සම්බන්දයක් පේනවද උඹලට :shocked::shocked::shocked::shocked:

    :eek::shocked::oo::P

    ගොඩක් ස්තුතියි විස්තර වලට

    +
    :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113






    මම රතු පාටින් පාට කරලා තියන වචනවල මොනවා හරි සම්බන්දයක් පේනවද උඹලට :shocked::shocked::shocked::shocked:
    තෙරෙන්න කියපන්කෝ:nerd:
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Actually i wasn't even born at the time this was happening . But lot of time when we are partying here in Italy , this topic always comes around . Later i read some newspapers and stuff , then I translated em' and put it here .

    )

    Oh Lol well the daughter is a class mate of mine, we sorta knew the story but not in much detail. :rolleyes::rolleyes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තෙරෙන්න කියපන්කෝ:nerd:

    ඒ වචන 3 එකට කියෙවුවහම මොනවා හරි මතක් වෙනවද:frown::frown:
    .නිකන් නිලපාටට මායාවක් වගේ

    :lol::lol::lol:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matchan meka loke palaweni plane highjak ekaneda ? megena sinhala film ekakuth heduwa :) mona wunath menna sira dial eka thamunge adare wenuwen palne ekak highjak karapu ekama manussaya wenna ethi :lol: