SETTdeco යුනිකේත විකේතකය

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    SETTdeco යුනිකේත විකේතකය



    ඔයාලගෙන් සිංහල බ්ලොග් ලියන කට්ටියට ගොඩක් වැදගත් පොඩි widget කෑල්ලක්. සාමානයෙන් සිංහල බ්ලොග් එකක් කියවන්න Windows XP වලදී සිංහල install කර ගන්න වෙනවනේ, මේක බ්ලොග් එකකට add කරගෙන සිංහල නැති පරිගනයකදී වුනත් ඔයාලගේ වෙබ් පිටු පහසුවෙන් කියවන්න පුළුවන්
    වැඩි විස්තර පල්ලෙහා තියනවා මෙතනින් එහන්ට නම් මම type කරේ නෑ
    ;)




    SETTdeco යුනිකේත විකේතකය යනු...



    • SETTdeco යුනිකේත විකේතකය යනු ඔබේ සිංහල බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට එක් කර ගත හැකි වෙබ් විජෙට්ටුවකි.
    • මෙම විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETTdeco යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.
    • ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETTdeco විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETTdeco යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් ‍පෙන්වනු ලබයි.
    • ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත ‍යොමු කරවීමද සිදු කරනු ලබයි.


    මෙම විජෙට්ටුවෙන් ඔබට ඇති වාසිය



    • පහත දැක්වෙන්නේ සිංහල සහය නොමැති Windows XP පරිගණකයක Firefox ගවේශකය තුළ සිංහල බ්ලොග් අඩවියක් දිස් වන ආකාරයයි. (SETTdeco විකේතකය අඩවියට ඇතුලත් කිරීමට පෙර)



    • පහත දැක්වෙන්නේ සිංහල සහය නොමැති එම Windows XP පරිගණකයෙන්ම, SETT යුනිකේත විකේතකය අඩවියට එක් කළ පසු එම අඩවිය දිස් වන ආකාරයයි.


      මෙහිදී ඔබට ඇති වාසිය නම්, ඉහත පළමු රූපයේ සිංහල පෙන්වන අකාරයේ සිට දෙවන රූපයේ සිංහල පෙන්වන ආකාරය දක්වා සිංහල අන්තර්ගතයන් පෙන්වන ආකාරය නිවැරදි කිරීම සඳහා පාඨකයාගේ පරිගණකයේ කිසිඳු වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවීමයි. එනම් ඔබේ අඩවිය කියවීමට පාඨකයා අමතර ආයාසයක් දැරිය යුතු නැත. එම නිසා ඔබේ පාඨකයන් සිංහල යුනිකේත පිළිබඳව කවර දැනුම් මට්ටමක සිටියද ඔබේ අඩවිය ඔවුන්ට කියවිය හැකි කරවීමට ඔබට හැකියාව ඇත. මෙහිදී ඔබේ අඩවිය එම පාඨකයන්ට දිස් කරවීමට කළයුත්තෙ ඔබ, එනම් අඩවි කර්තෘ විසින් තමන්ගේ අඩවියට මෙම SETTdeco යුනිකේත විකේතක විජෙට්ටුව ඇතුලත් කරගැනීම පමණි.


    මෙම විජෙට්ටුව ඔබේ අඩවියේ දිස් වන ආකාරය



    • මෙම විජෙට්ටුවේ බාහිර පෙනුම ලබාගන්න පිටුවේදී ඔබට කැමති ලෙස වෙනස් කරගත හැක.

    • ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇත්නම් ඔබ තෝරාගත් බාහිර පෙනුමෙන් මෙම විජෙට්ටුව ‍ඔබේ අඩවියෙ දිස් වනු ඇති අතර, ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැතිනම් ඒ පිළිබඳ දැනුම් දීමක්ද සමඟින් රතු පැහැයෙන් විජෙට්ටුව ඔබේ අඩවියේ දිස් වනු ඇත.


    widget-en-blue-250.png
    හෝ
    widget-si-blue-250.png

    සිංහල සහය ඇති පාඨකයන්ට මෙම විජෙට්ටුව දිස් වන අයුරු (භාෂාව, වර්ණය, විශාලත්වය ඔබේ තේරීම පරිදි)


    widget-detected-en-250.png
    හෝ
    widget-detected-si-250.png

    සිංහල සහය නොමැති පාඨකයන්ට මෙම විජෙට්ටුව දිස් වන අයුරු (භාෂාව සහ විශාලත්වය ඔබේ තේරීම පරිදි)


    මෙම විජෙට්ටුව ඔබේ අඩවියට එක් කර ගැනීම

    http://sett-decoder.appspot.com/Index.html

    මේ link එකෙන් අවශ්‍ය widget එක HTML කරගන්න පුළුවන්

    විජය පරිගණක එකෙන් දැනගත්තේ :yes:
     
    මම නම් විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරන්නෙ මට සිංහල ටයිපින් පුළුවන් දෙය්යනේ කියලා :) ටූල්ස් මොනවත් නෑ නිකන්ම සිංහල යුනිකෝඩ් එක ඉන්ස්ටෝල් කරගත්තාම සෑහෙනවා තෑන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ මචන් රෙප්+
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මාතර කිඹුලා;10382977 said:
    මම නම් විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරන්නෙ මට සිංහල ටයිපින් පුළුවන් දෙය්යනේ කියලා :) ටූල්ස් මොනවත් නෑ නිකන්ම සිංහල යුනිකෝඩ් එක ඉන්ස්ටෝල් කරගත්තාම සෑහෙනවා තෑන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ මචන් රෙප්+

    උබට සිංහල type කරන්න පුළුවන් වුනාට මචන් උබේ බ්ලොග් එකක් වෙන එකෙක් බලද්දී ඒ පරිගණකයේ සිංහල නැත්තම් (windows 7 නෙවේ) පහසුවෙන් බලා ගන්න බෑනේ, බ්ලොග් එක ලියන එක මේ එකා තමන්ගේ බ්ලොග් එකට widget දාගත්තම හරි කියල මම කියල තියෙන්නේ..
    thnx for the comnt n rep machan