සුපර්චාජර් ගැන දැන ගනිමූ....
සුපර්චාජර් ගැන දැන ගනිමූ....
මේ පාර ත්‍රෙඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ සුපර්චාජර් ගැන .
මම කලින් ත්‍රෙඩ් එකකින් ටර්බෝ ගැන කතා කලා , ගොඩක් අයට මතක ඇති,මේ දෙකේන්ම කරන්නේ එකම දෙයක්
නිසා මම මේ පාර , මම ගොඩක්ම විස්තර කරන්නේ දෙකේ වෙනසකම් වගේ දේවල් ගැන...ඇත්තටම සිද්ධාන්තිකව ගත්තොත්
ටර්බෝචාජර් කියන්නේත් සුපර්චාජර් වර්ගයක්ම තමා.ඒත් ටර්බයින් එක යොදා ගන්න නිසා ටර්බෝචාජර්කියන වචනේ
යොදාගෙන තියෙනවා.
ඒක නොබලපු අයට මෙන්න ඒ ත්‍රේඩ් එක........
ටර්බෝචාජර් ගැන දැන ගනිමූ
http://www.elakiri.com/forum/showthread.php?t=1135564
සුපර් චාජර් එකේ ඉතිහාසය....
මුලින්ම එන්ජිමකට මේ දේ අත්හදා බැලුවේ ඩග්ලඩ් ක්ලාක් කියන මහත්තයා.ඒ 1878 දී දෙපහර එන්ජිමකට.පස්සේ ගොටිලෙබ්
ඩෙම්ලර් කියන මහත්තයා 1885 දිත් ,ලුවිස් රිනොල්ට් කියන මහත්තයා 1902 දිත් සුපර් චාජර් සදහා පේටන්ට් ලබා ගෙන තියෙනවා.
කොහොම වුනත් 1921 දි මර්සීඩීස්-බෙන්ස් සමාගම නිශ්පාදනය කරපු 6/25/40hp සහ 10/40/65 hp කියන මෝටර් කාර් මාදිලිවලින්
තමා මුල්වරට සුපර්චාජර් කියන දේ කරලියට ආවේ.
ඇත්තටම මේ උපාංග දෙකෙන්ම බලාපොරොත්තු වෙන්නේ එකම දෙයක් . තවත් විස්තර කලොත් අපිට අපේ රථයේ එන්ජිමේ බලය වැඩිකරගන්න තියෙන එක ක්‍රමයක්
තමා එන්ජිම පුලුවන් තරම් විශාල කරන එක. හැබැයි මේ ක්‍රමය ප්‍රයෝගික නෑ.මොකද එන්ජිම විශාල වැඩි වෙන තරමට රථයට එකතු වෙන බර වැඩියි. මේ නිසා මේකට තියේන සරලම විසදුම තමා අපිට වාහනයකට යොදන්න පුලුවන් තරමේ , අර කිව්ව විදියට බර වැඩිවෙන්නේත් නැති එන්ජිමක් යොදාගෙන , ඒ එන්ජිමට මේ සුපර් චාජර් , ටර්බෝචාජර් වගේ දෙයක් යොදා ගන්න එක.
සුපර් චාජර් වර්ග 3ක් තියෙනවා.
මේ වර්ගවල ප්‍රධාන වෙනස ඒවා එන්ජිමේ දහන වායුව ඇතුල් කරගන්නා මැනිෆොල්ඩ් එකටවායුව ලබාදෙන විදිය කිව්වොත් නිවැරදියි.
1.රූට්ස් සුපර්චාජර්. (Roots Superchargers)
මේක තමයි පරණම වර්ගය අර මුලින් කිව්ව ,ගොටිලෙබ් මහත්තයා තමා මේක මෝටර් රථයකට සවි කලේ..
2.ට්වින් ස්ක්‍රෙව් සුපර්චාජර්. (Twin-screw Superchargers)
3.කේන්ද්‍රාපසාරී සුපර්චාජර්. (Centrifugal Superchargers)
සුපර්චාජර් ක්‍රියාකරිත්වය.....
මේ තියෙන්නේ අර මුලින් කිව්ව සුපර්චාජර් වර්ග ක්‍රියාත්මක වෙන විදිය..
Roots Superchargers
Twin-screw Superchargers
Centrifugal Superchargers
සරලව මේ ක්‍රියාවලිය අපි දැන් බලමු.ටර්බෝ චාජරය වායුව සම්පින්ඩනය කරන්න භාවිතා කලේ ටර්බයින් එකක් කියලා දැන් මේ ත්‍රෙඩ්
එක බලන අය දන්නවා.සුපර්චාජර් එකෙදි මේකට භාවිතා කරන්නේ එන්ජිමේන්ම නිපදවෙන ශක්තියයි . ඒ කිව්වේ ෆෑන් බෙල්ට් එකක්
මගින් මේ සම්පීඩකය ක්‍රියාත්මක කරනවා.
උඩ රූපේ තියෙන "පුලී" pulley කියන කොටස තමා මේ බෙල්ට් එක මගින් කරකවන්නේ...
මේ වීඩීයෝවත් බලන්න..
මේ ගුවන් යානයක සුපර්චාජරයක් භාවිතා වෙන ආකාරය..
සුපර්චාජර් සහ ටර්බෝචාජර් අතර වෙනස්කම්..
ප්‍රධාන වෙනස්කම තමා සුපර්චාජර් එක ක්‍රියාත්මක වෙන්න එන්ජිමේ ශක්තිය ලබාගන්නවා ,නමුත් ටර්බෝ එක එන්ජිමේ බැහැර වෙන
ශක්තිය තමා භාවිතා කරන්නේ.
ටර්බෝ එකක් යොදපු වාහනයක් ධාවනයේන් පසු , ටික වෙලාවක් එන්ජිම නිදහසේ තියන්න ඕනේ කියලා මම කලින් ත්‍රේඩ් එකේන් කිව්ව
මතක ඇති. නමුත් සුපර්චාජර් එකකට එහෙම ඕනේ වෙන්නේ නැහැ.ඒ මොකද කියනවානම් සුපර්චාජරයක් , ටර්බෝ එකක් වගේ එන්ජින් තෙල් වලින්
ස්නේහනය(lubricating) වෙන්නේ නැහැ.
ටර්බෝ එකක වගේ සුපර්චාජරයක් "ලැග්" එකක් නැහැ. ඒ කියන්නේ අපි ඇක්සලරේට පැඩලයපාගපු ගමන්ම ටර්බෝ එක ක්‍රියාත්මක වෙන්නේ
නැහැ.මොකද එන්ජිමේ පිටාර වායුව මගින් තමා ඒක ක්‍රියාත්මක වෙන්නේ. සුපර්චාජරයක ඒ අවුල නැහැ.
කොහොම වෙතත් සුපර්චාජරය ටර්බෝ එකකට වඩා බරෙන් වැඩි වෙන්න පුලුවන් , සහ එන්ජිමේ අමතර ශක්තියක් ඕනේ වෙන නිසා සුපර්චාජර් ගොඩක්ම භාවිතා වෙන්නේ විශාල එන්ජින්වල තමා.
සුපර් චාජර් එකත් ටර්බෝ එක වගේම අඩු RPM සහ වැඩි RPM අගයන්වලට වෙනස් වෙනවා.ඒ කියන්නේ අඩු RPM අගයන්වලට
Roots , TwinScrew වර්ගයේ සුපර්චාජර් සහ වැඩි RPM අගයන්වලට Centrifugal සුපර්චාජර් භාවිතා කරනවා.
වීඩීයෝවත් බලන්න..
මෙන්න සුපර්චාජර් යොදපු අවස්ථා...
අපි දැන් ටර්බෝ-සුපර්චාජර් ගැන කතා කරපු නිසා ඊලග පාර වෙලාව තියෙන හැටියට තව
දෙයක් ගැන කතා කරමු..දැනට නවතින්නම්..
මේ ත්‍රේඩ් එක හොදයි කියලා හිතෙනවානම් කමන්ටුවක් හරි රෙපක් හරි දාලා යන්න...

Last edited:

පස්සෙ කියවන්නම්, රෙප් + මචන්!
REP5+