අර token සීන් එක පොඩ්ඩක් විස්තර කලා නං ?
ඕමන්තෙ අවට ෆොටෝ නැද්ද ? ස්ටේශමට ගිය ගමන් අනිත් අතට ආවාද ?![]()
දුම්රිය ස්ථාන දෙකක් අතර මාරු වෙන්නට දෙන අවසරය තමයි මචං ටෝකන් එක කියන්නේ. වවුනියාවේ ඉඳලා ඉස්සර තාන්ඩිකුලම් වලට ටෝකන් එකක් හුවමාරු උනා. ඒත් දැන් ටෝකන් එක ලබා දෙන්නේ වවුනියාවේ ඉඳලා ඕමන්තේ වෙනකන්මයි. මම ඕක ගැන අපේ දුම්රියේ රියදුරු මහතාගෙනුත් විමසුවා. එයා කීවේ තාන්ඩිකුලම් උප දුම්රිය නැවතුමක් වශයෙන් භාවිතයට ගන්න නිසා තාන්ඩිකුලම් හා ඕමන්තේ අතර ටෝකන් හුවමාරුවක් වෙන්නේ නෑ කියලා. වවුනියාවෙන් කෙලින්ම ඕමන්තේට ටෝකන් එක ලබා දෙනවා.
ඕමන්තේ අවට පින්තූර ගන්න වෙලාවක් නෑ. තරියා කියලා තියනවා වගේ මිනිත්තු 15කින් වගේ දුම්රිය නැවත පිටත් වෙනවා වවුනියාවට.
ඕමන්තේ අවට පින්තූර ගන්න වෙලාවක් නෑ. තරියා කියලා තියනවා වගේ මිනිත්තු 15කින් වගේ දුම්රිය නැවත පිටත් වෙනවා වවුනියාවට.





ට්‍රිප් එක නම් මල් හතයි...සංවිධානය කරපු සහ සහබාගී වූ අයට ගොඩක් ස්තුතියි...