නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    නාඋයනේ අරියධම්ම හිමියන්ගේ බණ

    ඉතාම සුමධුර ලෙස කාටත් තේරෙන පරිදි උදාහරණ ගෙන හැර පාමින් උතුම් සද්ධර්මය දේශනා කරන අපිට සිටින ඉතාම පින්වත් සඟ රුවනක් තමයි " අති පූජනීය මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටකධරාචාර්ය ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ..

    na-uyane-ariyadhamma_himi.jpg


    උන්වහන්සේගේ ධර්ම ඥානය ඇත්ත වශයෙන්ම සුවිශේෂයි..මධුර ස්වරයෙන් දෙසන බණට සවන් දීම පවා භාවනාවක් වැනිය...මා කියනවාට නොව ඔබත් එක බණක් Download කරගෙන සවන් දෙන්න..ඔබට අමා මිහිරේ රසය දැනේවි.

    ත්‍රිපිටකයේ අභිධර්මය පවා ප්‍රතික්ෂේප කරමින් ලඳ බොලඳ බණ දෙසා බෞද්ධයන් මුලා කරමින් යන මහමෙව්නා සුනාමියට හසු නොවී උතුම් සද්ධර්මයට සවන් දී සැබෑ බුදු දහම හා උතුම් නිවන් මග කුමක් දැයි වටහා ගැනීමට උත්සුක වන්න...

    මදක් විමසා බලන්න..ඔබ ගැන..ඔබේ දහම් දැනුම ගැන..ඔබේ නිවන් මග ගැන...ඔබේ සිත ගැන...මිත්‍යාවන්ට අන්ධ භක්තියෙන් මුලා නොවී බුදු රජාණන් වහන්සේ වදාල උතුම් අභිධර්මය හා විපස්සනා භාවනා මාර්ගය උගෙන ඔබට හැකි පමණින් කෙලෙස් තුනී කර
    ඔබගේ දහම් දැනුම වැඩි දියුනු කරගනිමින් නිවන් මගේ හැකිතාක් දුර ගමන් කරන්න..

    උන් වහන්සේගේ ධර්ම දේශනා පහතින් download කරගන්න.

    අභිධර්ම දේශනා

    http://www.mediafire.com/?dydij32j13aet

    භාවනා කමටහන් දේශනා

    http://www.mediafire.com/?iamegpx66u5cf

    සූත්‍ර දේශනා
    http://www.mediafire.com/?av93a9m8rstho

    බුදු ගුණ දේශනා

    http://www.mediafire.com/?3yd1fiu8a2psl

    ජාතක දේශනා

    http://www.mediafire.com/?qfphpvn08y801

    සියලුම දේශනා සහ E-books http://sadaham.net/ ඔස්සේද ලබා ගත හැක...

    තැපෑලෙන් CD අවශ්‍ය අය මෙතනින් පිවිසෙන්න.

    http://sadaham.net/request_free_cd.html

    ------------------------------------------
    rerukane-Hamuduruwo.jpg

    අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ දහම් පොත් වහන්සේලා පරිහරණය කරන්න...

    මෙතනින් බලන්න.

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step by Step]

    http://www.elakiri.com/forum/showthread.php?t=1109198

    ------------------------------------------
    සියලු සත්වයෝ ධර්මාවබෝධත්වය ලබත්වා!!!

     
    Last edited:
    May 22, 2011
    11
    1
    0
    සාදු සාදු... ජීස්ටාර් සහෝදරයා ඔබ නිවැරදි දැක්ම ඇති පුද්ගලයෙක් බව මාහට නිසැකය...

    මමත් දන්නා ධර්ම දේශකයාණන් වහන්සේලාගෙන් මා මුලසුන ලබා දෙන්නේද අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපානන්ටය...

    නමුත් ඊටම නොදෙවෙනි වන තවත් දේශකයාණන් වහන්සේ නමක් මා දන්නේය...

    ඔබ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ගැන අසා තිබේද? නොමැති නම් ඒ උන්වහන්සේ ප්‍රසිද්දියට අකමැති නිසාය...

    කෙසේ නමුත් ඔබට උන්වහන්සේගේ ධර්ම දේශනා <මෙම වෙබ් අඩවියෙන්> ලබාගත හැකිය...
     
    • Like
    Reactions: maheshsenadheera

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    ඇයි අනේ උඩඊරියගම ධම්ම ජීව හාමුදුරුවන්ව අමතක කරන්නේ? කැමති නම් නිවන් දකින්න අමතක නොකර මේ හාමුදුරුවන්වත් ඇසුරු කරන්න.

    http://www.sinhaladhamma.blogspot.com/
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    උඩඊරියගම ධම්මජීව හාමුදුරුවොත් මීතිරිගල නිස්සරණ වනයේ වැඩ වසන උතුම් බුද්ධ පුත්‍රයෙක්...

    ස්තුතියි ඔබ සැමගේ අදහස් වලට...බොහොම පින්..
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බුදු බව පතන අපේ නා උයනේ හාමුදුරුවනේ...ඔබ වැනි බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් ගෙන් බණ පදයක් ඇසීම අපට වාසනාවකි...
    සියලු සත්වයන් දුකෙන් මිදවීමට උතුම් බුදු බවම ඔබට ලැබේවා..සාදු සාදු...සාදු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙනෙක් ප්‍රශංසා කළාට අවුලක් නැහැ හැබැයි කෙනෙක් විවේචනය කරන එකනම් ටිකක් හරි මදි..(මගේ මතය)

    නාඋයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ දේශනා වලට මමත් කැමතියි.මේ දවස් වල බවුද්ධයා බෞද්ධයා නාලිකාවේ උතුම් ධර්මය ප්‍රචාරය වෙනවා.. ඒ වගේ උතුම් ධර්මය ප්‍රචාරය කරන්න ඉදිරිපත් වුනාට ගොඩක් පින් +5
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කෙනෙක් ප්‍රශංසා කළාට අවුලක් නැහැ හැබැයි කෙනෙක් විවේචනය කරන එකනම් ටිකක් හරි මදි..(මගේ මතය)
    ධර්මයේ වේශයෙන් අධර්මය ප්‍රචාරය වෙද්දී ඒ ගැන බෞද්ධයන් දැනුවත් කිරීමත් අපේ යුතුකමක් සහෝදරයා..
     

    ishara_lk

    Member
    Feb 18, 2009
    69
    60
    0
    බුදු බව පතන අපේ නා උයනේ හාමුදුරුවනේ...ඔබ වැනි බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් ගෙන් බණ පදයක් ඇසීම අපට වාසනාවකි...
    සියලු සත්වයන් දුකෙන් මිදවීමට උතුම් බුදු බවම ඔබට ලැබේවා..සාදු සාදු...සාදු..


    Ariyadhamma Maha Thero said in many occasions that he does not have intentions to be a Buddha, the people around is saying that. I have an mp3 of this, i will upload it in the future.

    .
     
    Last edited: