෴ඔබේ ඇස් දෙක පරිගණකයෙන් රැක ගන්න෴
ඔබ දිනකට බොහෝ වේලාවක් පරිගණකය ඉදිරිපිට වැඩ කරනවාද? එසේ නම් ඔබට පහත දැක්වෙන රෝග ලකුණු පහළ විය හැකියි.
1. හිසරදය.
2. වියළි ඇස්.
3. අපහැදිලි දෘෂ්ටිය
4. ඇස් රිදීම
5. ඇස් කැසීම
6. දෑත්වල වේදනාව
7. බෙල්ලේ හා පිට කොන්දේ කැක්කුම
8. ආලෝකයට අධිසංවේදී වීම
9. උපැස් පැළඳීමේ නොහැකියාව
10. ආලෝකය නාභිගත වීමේ අපහසුතා
මේ සියල්ල “පරිගණක දෘෂ්ටි සහලක්ෂනයේ“ (Computer vision syndrome) ලකුණු වේ.
CVS ඇතිවන්නට හේතුව :-
පරිගණකය වැඩ කිරීමේදී මිනිත්තුවකට බොහෝ වාර ගණනක් දෑස් තිරය මත එහා මෙහා ගෙනයාමට සිදුවේ. හේතුව, තිරය මතට තදින් අවදානය යොමු කල යුතු වීමයි. මේ නිසා ඇසිපිය සැලෙන වාර ගණන අඩුවේ. තරමක් දුරින් ඇති පරිගණක තිරය දෙස බැලීමටත් ඒ මත තිබෙන දේ කියවීමටත් මහත් වෙහෙසක් දැරීමට අපේ ඇස්වලට සිදුවේ. CVS ඇතිවන්නට හේතුවන්නේ මෙම තත්වයයි.
පරිගණකයක් ඉදිරිපිට පැය 4ක් 5ක් වැඩ කරන ඕනෑම කෙනෙකුට බොහෝවිට මෙම ලකුණු පහළ වේ. මෙලෙස දිගු කාලීන පරිගණක භාවිතය නිසා අවිදුර දෘෂ්ටිකත්වය (දුර නොපෙනීම) ඇතිවීමේ අවධානය ඉහළ යයි.
CVS වලින් වැලකෙන ආකාරය
(1) සෑම පැය භාගයකටම හෝ පැයකට වරක් පරිගණකය වෙතින් ඉවත්ව විනාඩි කීපයක විවේකයක් ලබා ගන්න. මේ කාලය තුළ පරිගණක තිරය කෙරෙන් දෑස් ඉවත් කරන්න. සිසිල් ජලයෙන් දෑස් තෙමීම ඇස්වලට සුවදායක බවක් ගෙන එයි.
(2) නිතර ඇසිපිය සලන්න. එයින් ඇසේ තෙතමනය රැදේ
(3) ඹබේ ඇස් මට්ටම ඉහලින් හෝ පහළින් පරිගණක තිරය පිහිටුවන්න එපා එය ඔබේ ඇස් වලට සමාන මට්ටමකින් තබා ගන්න. ( පරිගණකය ඇස්වල සිට අඟල් 16-30 අතර දුරකින් පිහිටිය යුතුය. තිරය ඔබේ දෙනෙතින් අංශක 10-20ක් පමණ ඉවතට හරවාගෙන වැඩ කරන්න.)
(4) තිරය මතට ෆිල්ටරයක් සවිකර එහි දිලිසීම අඩු කරගන්න.
(5) ඔබ යම් ලියවිල්ලක් පිටපත් කරන්නේ නම් එය මේසය මත නොතබා තිරය අසල පිහිටුවාගත් පිටපත් රඳවනයක් මත රඳවන්න. ඇස වැඩි වාර ගණනක් චලනය වීම අවම කර ගත හැක.
(6) බෙහෙවින් අඳුරු හෝ ඉතා දීප්තිමත් ආකාරයට මොනිටරය සැකසීමෙන් වළකින්න. අඳුරු පරිසරයකදී පරිගණකයේ වැඩ කරයි නම් ලාම්පුවක් දල්වා ගන්න.
(7) පරිගණකයේ තිරයනතර පිරිසිදුව තබන්න. නැතහොත් ඒ මත රැදෙන දූවිලි හා ඇගිලි සළකුණු නිසා තිරයේ පැහැදිලි බව අඩුවේ.
(8) වෛද්‍ය උපදෙස් අනුව, ඇසේ තෙතමනය රැකදෙන දියරයක් බිංදු වශයෙන් ඇස්වලට යොදන්න.
(9) දිනකට දෙවරක් (උදය හා සවස) කේද්‍රාභිසාරී ව්‍යායාමයේ නිරත වන්න. එනම් පෑනක් හෝ පැන්සල් තුඩක් ඔබේ මුහුණට 25cm ක් පමණ දුර සිට ක්‍රමයෙන් නාස් තුඩ වෙතට ගෙන එන්න. පෑන් තුඩ අපහැදිලි වී යන අවස්ථාවේදී චලනය නතර කරන්න. නැවත වරක් පෑන් තුඩ පැහැදිලි වන තෙක් එය චලනය කරන්න. මෙලෙස වරකට මිනිත්තු 5ක් පමණ මෙම ව්‍යායාමය සිදු කරන්න. උපැස් භාවිතා කරන්නන් තම උපැස් යුවළ පැළඳගෙන මෙම ව්‍යායාමයේ නිරත විය යුතුය.
පරිගණකයෙන් අපට නැතිවම බෑ. නමුත් ඇස් දෙක ඊටත් වඩා වටී. ඇස් දෙකත් රැකගෙන පරිගණකයෙන් වැඩ ගන්න මෙම පිළිවෙත් අනුගමනය කරන්න.
උපුටා ගැනීමකි
DIU
DIU



rep++ 
ගොඩක් අය අකමැති වුනා ඒකට ... 