සාමාන්‍යයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ අංග අතරේ ඇස්වලට හිමිවෙන්නේ ප්රමුඛස්ථානයක්. විශේෂයෙන්ම මේ දවස්වල මුව ආවරණ එහෙමත් පළඳින නිසා මග තොටද කවුරුහරි අඳුනගන්නෙත් ඇස් දෙනෙක් තමයි. කාන්තා රූ සිරිය වඩවන්න ඇස් ඉතා ඉහළ දායකත්වයක් දෙන නිසා ඇස් ලස්සනට සහ ආකර්ශණීයව තියාගන්න ඕනම කාන්තාවක් බොහොම කැමතියි.
ඒත් අවාසනාවකට වගේ අපේ රැකියා, ජීවන රටාව, රෝගී තත්වයන් සහ පරිසර සාධක වගේ දේවල් නිසා කාන්තාවන්ගේ ඇස් දැක්කම වශීකරනවා වෙනුවට මළානික වෙලා, අඳුරුවෙලා, බොඳවෙලා ඇයගේ රූ සිරිය නැතිකරන සාධකයක් බවට පත්වෙන්නත් පුළුවන්.
දිගින් දිගට පරිගණක හෝ දුරකතන දෙස බලාසිටින කාන්තාවන්ගේ ඇස් බොහෝ විට අඳුරුවෙලා බොර පැහැ වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රෝගී තත්ත්වයන්ට ඖෂධ ලබාගන්නා කාන්තාවන්ගේ ඇස්යට ඇඳුරුවීම සහ ඇස් කුඩා වීම සිදුවෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි විවිධ හේතුමත නිදිමරන සහ රාත්‍රියේ නින්දෙන් ඇහැරෙන කාන්තාවන්ගේ ඇස් මළානික බවින් යුක්ත වෙන්නත් පුළුවන්. ඒ වගේම දවසේ වැඩි වෙලාවක් උපැස් යුවල භාවිතා කරන කාන්තාවන්ටත් මළානික ඇස්
මේ විදියට විවිධ හේතු නිසා ඇස්වල අධීක වෙහෙස නිසා ඇස් මළානිකවීමේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න කාන්තාවන් බොහෝ දෙනෙක් ඒ ගැන තැවෙනවා, දුක්වෙනවා වෙනුවට ප්‍රතිකාර වලට පෙළඹෙන්නේ නැත්තේ ඇස් වල පෙනීමට හානියක් වෙයි කියන බය නිසායි. ඒත් ඔබ නොදන්නවා වුණාට ස්වාභාවික සහ ශරීරයට අහිතකර නැති ඕනෑතරම් ඖෂධ තිබෙනවා පහසුවෙන්ම සොයාගෙන අපිටම ප්රතිකාකර කරගෙන ආයෙත් ලස්සන සහ දැක්කම වශීවෙන ඇස්දෙකක සුන්දරත්වය ඇතිකරගන්න පුළුවන් වෙන.
අපි එකින් එක බලමු ඒ ප්‍රතිකාර සහ ඖෂධ මොනවද කියලා මළානික ඇස් වෙනුවට වශීවෙන ඇස්දෙකක් ඔබට ලබාගන්න පුළුවන් වෙන.
පිපිඤ්ඤා
මේ ප්‍රතිකාරය බොහෝ දෙනෙක් දන්න දෙයස් සහ ඇතැම් අය අත්හදා බලන දෙයක්. ඒත් ඇතැම් අයට සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නේ කරන විදිහ එක්ක වෙන්න පුළුවන්. නොමේරූ පිපිඤ්ඤා ගෙඩියක පෙති කපාගෙන ඒවා ශීතකරණයේ විනාඩි 30ක් පමණ තබන්න. ඊට පස්සේ එළියට අරගෙන ඇස් දෙක මත ඒ පෙති එක බැගින් තබාගෙන විනාඩි 10ක් පමණ විවේකීව ඉන්න. පස්සේ පිපිඤ්ඤා පෙති ඉවත් කරලා ඇස් මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. මේ විදිහට දවසට දෙවරක් බැගින් සතියක් පමණ කලොත් ප්‍රතිඵල විශිෂ්ටයි.
තක්කාලි සහ ලෙමන්
මේකනම් වැඩිය ඔබ අහලා නැතිව ඇති. තක්කාලි යුෂ මේස හැන්දකට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය ඉතා පරිස්සමින් ඇස් අභ්‍යන්තරයේ නොගෑවෙන විදිහට ඇස් වටා (විශේෂයෙන්ම අඳුරුවී ඇති ස්ථානවල) ආලේප කරන්න. මිනිත්තු දහයක් තිබෙන්නට හැරලා සෝදලා ඉවත්කරන්න. මේ විදිහට සතියකට දෙවතාවක් කිරීමෙන් ඇස් දෙක වටේ ඇඳුරු ප්‍රදේශ ඉවත්වෙලා ඇස් දීප්තිමත් වෙනවා දකින්න පුළුවන්.
තේ කොළ
ඉස්සර නම් තේ මණ්ඩි භාවිතා කරලා කරපු මේ සත්කාරය අද පහසුවෙන්ම කරගන්න පුළුවන් Tea Bags පාවිච්චි කරලා. භාවිතයට ගත්ත ටී බෑග් ශීතකරණයේ මිනිත්තු 30 ක් සිසිල්වෙන්නට තබා, අරගෙන ඇස් පියාගෙන ඒ මත ටී බෑග් එක බැගින් තබාගෙන මිනිත්තු දහයක් විවේකීව ඉන්න. පසුව සෝදා හරින්න. මේ සත්කාරයක් සතියකට තුන් වතාවක් කලොත් ඔබටම අත්විඳින්න පුළුවන් ඔබේ ඇස්වල වෙනස.
ආමන්ඩ් කිරි සහ එළකිරි
ආමන්ඩ් කිරි හෝ එළකිරි ස්වල්පයක් (නැවුම් එළකිරි) අරගෙන පුළුන් කෑල්ලක පොඟවා ඇස් වටා ඇති අඳුරු ප්‍රදේශ සම්බාහනය වෙන ආකාරයෙන් තවරන්න. ඊට පස්සේ ඇස් දෙක වසාගෙන ඒ මත පුළුන් කැබලි දෙක තබාගෙන මිනිත්තු විස්සක් පමණ සිටි පස්සේ සෝදා හරින්න. මෙයත් ඇස්වටා ඇඳුරු බව වගේම ඇස්වල මළානික බව නැතිකරන සාර්ථක සත්කාරයක්.
අර්තාපල් යුෂ
අර්තාපල් ගෙඩයක් ලෙලි ඉවත්කර කැබලිවලට කපා බ්ලෙන්ඩර්කරගෙන යුෂ පෙරාගන්න. මේ යුෂ පුළුන් කැබලි දෙකක තවරා ඇස් දෙක වසාගෙන ඒ මත තබාගෙන විනාඩි 10ක් ඉන්න. පසුව හොඳින් සෝදා හරින්න. මෙයින් ඇස්වට මැරුණු සම ඉවත්කිරීම සහ නැවුම් බව ඇතිකිරීම සිදුවෙනවා.
මේ හැම ප්‍රතිකාරයක්ම ස්වාභාවික දේවල් වලින් කරන ශරීරයට 100%ක් හිතකර ප්‍රතිකාර ක්‍රම. හැබැයි මේ දේවල් කරන අතරේ මෙන්න මේ කියන දේවල් අනුගමනය කරන්න අමතක කරන්න එපා.
පරිගණකය හෝ දුරකතනය දෙස එක දිගට විනාඩි 30කට වඩා බලාගෙන ඉන්නවා නම් විනාඩි 5-10 අතර කාලයක අස් වලට විරාමයක් දෙන්න. හැකිනම් නිවසින්, කාර්යාලයෙන් එළියට ඇවිත් කොළපාට පරිසරයක් දෙස හෝ පාට අඩු බිත්තියක් දෙස මොහොතක් බලාගෙන ඉන්න. නැතිනම් විනාඩි කිහිපයක් ඇස්දෙක වසාගෙන ඉන්න.
පරිගණක භාවිතයේදී ඇසට ආලෝකය අඩුකර ලබාගෙන උපැස් යුවල භාවිතා කරන්න. ඒ වගේම අධික අව්ව ඇතිවෙලාවට එළිමහනේ ඉන්නවානම් අව්කණ්ණාඩියක් භාවිතාකර අහිතකර කිරණ වලින් ඇස් ආරක්ෂා කරගන්න.
ඇස්වටා කළුවීම සහ ඇස් මළානික වෙන්න ඇස්වල අවිවේකී බව හේතුවක් වෙනවානම් රත්‍රියට හොඳ නින්දක් ලබාගන්න. වයස අනුව නිදාගන්න ඕන වෙලාව ලිපිය කියෙව්වොත් දවසකට ඔබට අවශ්‍ය නින්දේ ප්‍රමාණය බලාගන්න පුළුවන්.
දිගින් දිගිටම මේ ප්රතිිකාර කරද්දිත් ඇස්වල මළානික බව ඉවත්වෙන්නේ නැතිනම් එය වෙනත් ඇස් රෝගී තත්ත්වයක මූලික ලක්ෂණයක් වෙන්නත් පුළුවන් නිසා වෛද්‍ය උපදෙස් ගන්න පසුබට වෙන්න එපා.
උපුටා ගැනීම - her.lk