මොකක් ද මේ Direct X ?

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    Direct X කියන්නෙ මොකක් ද?


    මොනාද මේ Direct X කියන්නෙ, කියලා බෝහෝ අයට ප්‍රශ්නයක් බව සැක නැත. ඇත්තටම මොකක්ද මේ Direct X කියන්නෙ ?

    directx-logo-300x312.jpg


    පරිගණනකයක් කියන්නෙ අවශ්‍ය දත්තයන් සකසා ගැනීමට විවිධ වූ උපාංග බොහෝ ගණනක් එකට එකතු වී සකස් වූ බොහෝ කාර්යයන් කිරීමට හැකියාවක් ඇති පද්ධතියකි. දත්තයන් රූප ආකාරයට සැකසීමට Video Card, ශබ්දය නිකුත් කිරීමට Sound Card, අන්තර් සම්බන්ධතා සඳහා Modem/Network Card මෙම පරිගණක පද්ධතියක ඇති උපාංග වේ. පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක වීමේ දී පරිගණකය විසින් ඒවා හඳුනා ගැනීම සඳහා නිෂ්පාදකයන් විසින් ලබාදෙන Drivers නැමති වැඩසටහනක් මෙම උපාංග සමඟ ගබඩා කළ යුතු වේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දියුණු වීමට කළින් (Dos මෙහෙයුම් පද්ධතිය ඇති කාල වකවානු වල දී) මෙම උපාංග ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වූ වැඩසටහන් ඈදා එවනු ලැබී ය. නමුත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දියුණුවත් සමඟ පරිගණක ක්‍රීඩා වැනි Sound Card, Video Card, Modem වැනි උපාංග සමඟ ක්‍රියාත්මක වන වැඩ සටහන් සමඟ සම්බන්ධ කිරීමට විශේෂ වැඩසටහන් ඈදා එවීමට අවශ්‍ය නෙවී ය. මන්ද, පරිගණක ක්‍රීඩා වැනි වැඩසටහන් සමඟ එම උපාංග සම්බන්ධ කිරීමට අවශ්‍ය කරන පොදු වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. එම වැඩසටහන නම්
    Direct X ය.

    මේ අනුව ඕනෑම වැඩසටහනක් Sound Card, Video Card, Modem වැනි උපාංග සමඟ ඉතා හොඳින් වැඩ කිරීමට හැකියාවක් ලැබී ඇත. තවද, Direct X වැනි උපාංග කතා කරවීමට යොදා ගන්නා අතරමැදි වැඩසටහන් Windows API (Application Programming Interface) විධාන පද්ධතියක් කියාද හඳුන්වයි. Direct X නිසා වැඩසටහන් නිෂ්පාදකයන්ට උපාංග පිළිබඳව කරදරයකින් තොරව වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.



    msi-r4870-t2d1g-graphics-card-with-1gb-ddr5.jpg


    DirectX API වැඩසටහන මුලුන් ම හඳුන්වා දෙනු ලැබුයේ, 1995 දී මයික්‍රෝසොෆ්ට් සමාගම විසිනි. පසුව මෙය පරිගණක ක්‍රීඩා වැනි වැඩසටහන්වලට මෙය අත්‍යවශ්‍යම වැඩසටහනක් බවට පත් විය. තවද මෙය ක්‍රීඩා ක්ෂේත්‍රෙයේ මහා පෙරළියක් ඇති කළේ ය.




    Direct X සෑදී ඇත්තේ ද, උප වැඩසටහන් කිහිපයක එකතුවෙනි. ඒවා නම්,

    1) DirectDraw
    මෙම උප වැඩසටහන මඟින් VGA Card/Video Card එකට බාහිරින් සම්බන්ධ ‍වන වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට හකියාක් ලබා දෙයි.
    2) Direct3D
    ත්‍රිමාණ හාසිරීම්වලට අවශ්‍ය කරන පහසුකම්වලට සම්බන්ධ වී ක්‍රියාත්මක වන්නේ මෙම උප වැඩසටහන මගිනි.
    banner_crysis.jpg

    3) DirectSound & DirectMusic
    පරිගණක ක්‍රීඩා වගේම ඊට සමාන අනෙක් වැඩසටහන්වලට ශබ්දය, සංගීතය සැපයීම සඳහා ඇති උපාංග සමඟ මෙයින් සම්බන්ධ වී කටයුතු කෙරේ.
    4) Direct Input
    පරිගණක ක්‍රීඩා කිරීමට සකස් කර ඇති සුක්කානම, වේග පාලකය, Joystick වැනි බාහිරින් සම්බන්ධ කර ඇති උපාංගයන් හා සම්බන්ධ විමට මෙම උප වැඩසටහන අවශ්‍ය වේ.
    5) DirectPlay
    අන්තර්ජාලය හෝ ජාලගත පරිගණක සමඟ සම්බන්ධ වී ශබ්ද, රූප අනිකුත් පරිගණක හරහා ක්‍රියා කරවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නේ මෙම උප වැඩසටහන හරහා ය.
    6) DirectShow
    නොකඩවා ගලා යන දත්තයන් ඇති චිත්‍රපට වැනි දෑ හී උසස් ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා උපාංග මෙහෙයවීමට මෙම උප වැඩසටහන පහසුකම් සළසා දෙයි.
    ඔබගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට අනුව DirectX වැඩසටහන ද, වෙනස් වෙයි.


    උපුටාගැනීම - http://pissuhedenaweda.blogspot.com/2011/07/direct-x.html
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    OpenGL would have been better than DirectX if Microsoft didn't use money and marketing (in a very ugly way) to bury openGL (just like they did to netscape). This happened around 2004-2005. You may see that games around 2001-2003 increasingly started to use openGL over DirectX (ex: medal of honour, unreal, quake, call of duty 1 --- both directX and opengl)
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    This made it perfectly possible to run above games on Linux. But, with openGL buried, Linux gaming was sent to a-wall. This had been the decisive factor for people not choosing linux over windows.
     
    • Like
    Reactions: waparc

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    OpenGL would have been better than DirectX if Microsoft didn't use money and marketing (in a very ugly way) to bury openGL (just like they did to netscape). This happened around 2004-2005. You may see that games around 2001-2003 increasingly started to use openGL over DirectX (ex: medal of honour, unreal, quake, call of duty 1 --- both directX and opengl)

    This made it perfectly possible to run above games on Linux. But, with openGL buried, Linux gaming was sent to a-wall. This had been the decisive factor for people not choosing linux over windows.


    Thanks for the info ... :)