ආසනික්

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හාල් වල ආසනික් තියෙනවද කියල දැනගන්නේ කොහොමද :baffled:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    දෙන්නත් එක්ක උදේට මාව හම්බ වෙයල්ල

    බුදු අම්මෝ :no: බොට කියන නම කොලුවෙදා නේද ? වැස්සකට වත් මිනුවන්ගොඩ ටවුමේ පස් පාගන්නෑ සත්තයි:angry:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගොයම් ගසට, වී ඇටයට, බත් පතට ආසනික්‌?

    කෘෂි රසායනවල ආසනික්‌ ඉතා ඉහළ අගයකින් හඳුනාගැනීමත් සමග අප පර්යේෂණ කණ්‌ඩායමේ ඊළඟ අවධානය යොමු වූයේ සහල්වල ආසනික්‌ පවතී ද යන කරුණ වෙත ය.

    ඊට හේතු වූයේ චීනයේ සහ බංග්ලාදේශයේ ආසනික්‌ මගින් අපවිත්‍ර වූ ජලය ඇති ප්‍රදේශවල වගා කළ වී ඇටවලින් ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ හඳුනාගෙන තිබීම ය. 2007 වසරේ දී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇති පරිදි ජලයේ ඇති ආසනික්‌ උරා ගැනීමේ සහ ඒවා පැළෑටිය තුළ තැන්පත් කිරීමේ ඉහළ ම හැකියාවක්‌ ඇත්තේ ගොයම් පැළෑටියට ය. අනෙකුත් ධාන්‍ය වර්ග සමග සන්සන්දනය කරන විට සහල් ඇටය තුළ දස ගුණයක්‌ ඉහළ සාන්ද්‍රණයකින් ආසනික්‌ තැන්පත් වේ.

    පානීය ජලයේ ආසනික්‌ පැවතිය යුතු ඉහළ ම අගය 10µg/L ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති නමුත් සහල් හෝ වෙනත් ධාන්‍ය සඳහා එවන් අගයක්‌ මේ වන තෙක්‌ හඳුන්වා දී නැත. කෙසේ වෙතත් චීනය පමණක්‌ හානියකින් තොර ව මිනිස්‌ පරිභෝජනය සඳහා නම් සහල්වල පැවතිය යුතු උපරිම ආසනික්‌ ප්‍රමාණය 150µg/kg ලෙස නීති පනවා ඇත.

    අප ගේ පර්යේෂණයෙන් හෙළි වූ පරිදි රජරට ප්‍රදේශයෙන් ලබාගත් සහල්වල අඩංගු වූ ආසනික්‌ ප්‍රමාණ මෙසේ ය.

    මහවිලච්චිය 258 µg/kg
    පදවිය 326 µg/kg
    ශ්‍රීපුර 550 µg/kg
    2010 වසරේ දී පේරාදෙණි සරසවියේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් ඇතුළු කණ්‌ඩායම විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල අනුව ගිරාඳුරුකෝට්‌ටේ සහ නිකවැව ප්‍රදේශවලින් ලබාගත් සහල් සාම්පලවලින් ද 90-260 µµg/kg අතර ප්‍රමාණයකින් ආසනික්‌ හමු වී ඇත.

    සහල්වල ආසනික්‌ පැවතීමේ අවදානම

    අද මේ රටේ කුඹුරු ගොවිතැන් කරන අයගෙන් අති බහුතරයක්‌ නූතන කෘෂිරසායන භාවිත කරති. කෘමි නාශක වල් නාශක, සහ දිලීර නාශකවලින් තොර ව වී ගොවිතැන් කරන කුඹුරු අක්‌කර ප්‍රමාණය දෙ තුන් සියයකට වඩා වැඩි විය නොහැකි ය. එතරම් ගොවිජනතාව මේ කෘෂි රසායනවලට ඇබ්බැහි වී ඇත.

    අවාසනාවකට සහල් ඇටය තුළට ආසනික්‌ පැමිණි පසු එය ලෙහෙසියෙන් ඉවත් කළ නොහැකි ය. පිසීමෙන්, තැම්බීමෙන් හෝ වෙනත් සාමාන්‍ය ක්‍රමයකින් සහල්වල ඇති ආසනික්‌ ඉවත් නො වේ.

    කෙසේ වෙතත් සහල්වල අඩංගු වන ප්‍රමාණයෙන් ආසනික්‌ සිරුරට ඇතුළු වීමෙන් දිනකින් දෙකකින්, සතියකින් හෝ මාසයකින් සෞඛ්‍ය ප්‍රශ්න පැන නො නඟී. එහෙත් වසර කිහිපයක්‌ දිනපතා මේ අයුරින් සුළු ප්‍රමාණවලින් ආසනික්‌ ඇතුළු වීමෙන් බරපතළ රෝගී තත්ත්ව ඇති විය හැකි ය. ලෝකයේ විවිධ රටවල පර්යේෂකයන් පෙන්වා දී ඇති පරිදි දිගුකාලීන ආසනික්‌ විෂ වීම නිසා,

    දියවැඩියාව (අග්න්‍යාශයික ඉන්සියුලින් නිෂ්පාදනයට ආසනික්‌ බාධා ඇති කරවයි)
    හෘදයාබාධ
    ආඝාතය – මොළයට රුධිරය සපයන රුධිර වාහිනීවල අවහිර වීම් නිසා ඇති වන තත්ත්වයකි.
    රුධිරය කැටි ගැසීම වළකන හෙපරින් නම් රසායන ද්‍රව්‍ය නිපදවීමට සහ එහි ක්‍රියාකාරීත්වයට ආසනික්‌ බාධා පමුණුවයි.
    ආමාශයේ ආබාධ
    පිළිකා
    වකුගඩු රෝග
    සුලබ ලෙස ඇති වේ. පසුගිය වසර දහයක පහළොවක කාලය තුළ අපේ රටේ දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. රජයේ රෝහලක දියවැඩියාව හෝ හෘදරෝග සායනයක්‌ දෙස බැලූ විට පෙනී යන කරුණක්‌ නම් නව යොවුන් තරුණ තරුණියන් පවා ඒවාට සහභාගී වන බවයි. අවුරුදු 20-30 පසු වන තරුණ තරුණියන්ට පවා දියවැඩියාව, හෘදරෝග, පිළිකා රෝග ඇති කළේ ආසනික්‌ විය නොහැකි ද?

    මේ ජාතික ව්‍යසනයෙන් මිදෙන ක්‍රමය කුමක්‌ ද?

    අප සියවස්‌ ගණනාවක්‌ පුරා බත් කෑ ජාතියකි. මේ රට කලක්‌ පෙරදිග ලෝකයේ ධන්‍යාගාරය ලෙස හඳුන්වනු ලැබී ය. කෘමි නාශක, වල් නාශකවලින් තොරව වී ගොවිතැන් කිරීමේ අනභිභවනීය වූ දැනුමක්‌ අප සතු විය. මහ අස්‌වනු ලබා දිය හැකි පෝෂණීය ගුණයෙන් අනූන කළු හීනටි, රත්දැල්, සුවඳැල්, ආදී වූ වී වර්ග අප සතු විය. හරිත විප්ලවය නාමයෙන් පැමිණි රකුසෙක්‌ ඒ සියල්ල ගිල ගත්තේ ය. කළු හීනටි, සුවඳැල් වෙනුවට දෙමුහුම් වී ප්‍රභේද පිටරැටියන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. නව දෙමුහුම් වී වර්ග සමග නා නා ප්‍රකාරයේ ලෙඩ රෝග ද වී ගොවිතැනට ආනයනය කෙරිණි. කෘමි නාශක, වල් නාශක නැති ව අලුත් වී වර්ග වගා කළ නොහැකි විය. අවසානයේ බුසල් කිහිපයක වැඩි අස්‌වැන්නට අනාදිමත් කාලයක සිට දැහැමින් සෙමින් වී ගොවිතැන් කළ ගොවියා රවටනු ලැබී ය. කෘමි නාශක සමග ගොවියා ගේ දැහැමිකම් තුරන් විය. එක්‌ කන්නයකට කෘමි සතුන්, ගැඩවිලුන්, පණුවන් බිලියන ගණන් මරා දැමිය හැකි මහා පව්කාරයකු බවට ගොවි මහතුන් පත් කරනු ලැබී ය. කෘමි සතුන් මරා දැමීමට ඉසිනු ලබන කෘමි නාශකවල අඩංගු වූ ආසනික්‌ කිවුල් ජලය හා ආහාර ඔස්‌සේ එම ගොවිමහතුන් ගේ සිරුරට ද ඇතුළු වී වකුගඩු නරක්‌ කළේ ය. කෘමි නාශකවල තිබූ ආසනික්‌ සහල් ඔස්‌සේ ගමන් කර මුළු රට ම රෝගී කිරීමේ අවදානමක්‌ මතු ව ඇත.

    මේ වන විට රජරට ප්‍රදේශයේ වැවෙන අනෙකුත් පැළෑටි ද අපි පර්යේෂණයට බඳුන් කරමින් සිටින්නෙමු. පිල වැනි සුලබව දැකගත හැකි පැළෑටියක මුල්, කඳ සහ කොළවල පවා ආසනික්‌ ඇති බව මේ වන විට පෙනී ගොස්‌ ඇත. එම ප්‍රදේශවල වගා කළ එළවළු, පලතුරු සහ සත්ත්ව නිෂ්පාදන පර්යේෂණයට බඳුන් කෙරෙමින් පවතින අතර යම් හෙයකින් ඒවායේ ද ආසනික්‌ හමු වුව හොත් පැනනඟින තත්ත්වය කුමක්‌ විය හැකි ද?

    මේ හමුවේ අප කළ යුත්තේ බත් කෑම අත්හැරීම ද? බත් කෑම අත්හැර ඊටත් වඩා රෞද්‍ර වූ පාන් පිටි කරා ගමන් කිරීම ද? නැත. කිසිසේත් ම නැත. අප කළ යුත්තේ ආසනික්‌ අඩංගු මේ කෘමි නාශක, වල් නාශක, භාවිතය අත්හැරීමයි. අපට උරුම අපේ ගොවිතැන වෙත ගමන් කිරීමයි. පළිබෝධ නාශක නොමැති ව වගා කළ නොහැකි වී ප්‍රභේද වෙනුවට පෝෂණයෙන් සපිරි අපේ රටට, පසට, ඇඟට ගැලපෙන අපේ වී වර්ග කරා නැවත ගමන් කිරීමයි. එය කළ හැකි කටයුත්තක්‌ දැයි කෙනකු ප්‍රශ්න කළ හැකි ය.

    ඒ සඳහා පිළිතුර මේ වන විටත් කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයෙන් ලබා දී ඇත. පීඨාධිපති නලින් ද සිල්වා මහාචාර්යතුමා ගේ මැදිහත් වීමෙන් ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් එක්‌ ව දැන් කන්න තුනක්‌ “ධාර්මික හෙළ ගොවිතැන” සිදු කර සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත. යටපත් ව ගිය අතුරුදන් වී යයි සැලකුණු අප සතු ව තිබූ තාක්‍ෂණික ක්‍රමවේද, වගා උපක්‍රම නැවත මතු කරගෙන එහි සාර්ථකත්වය ලබා ගැනීමට ඔවුනට හැකි වී ඇත. ඉදිරි කාලයේ දී ධාර්මික හෙළ ගොවිතැනට ඔවුන් මුළු රටට ම මඟපෙන්වනු ඇත.
    vatina thred 1k bro thanks a lot:)