රසම රස සෝස් එකක් හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රසම රස සෝස් එකක් හදමු!!

    ts2.jpg


    මේ වගේ කෑමක් කන්න අනිවාර්යයෙන් සෝස් ටිකක් ඕනෙමනේ!! සමහරුන්ට නම් බත් කන්නත් සෝස් ඕනේ!
    වෙළදපොලේ තියන සෝස් වර්ග වල විනාකිරි වැඩි වශයෙන් තියන නිසා සමහරුන්ට ඒවා කෑවහම එක්කො කටේ ගෙඩි! නැත්නම් ගැස්ට්‍රයිටිස්!!
    ඒ මදිවට Colouring & Preservatives.

    ඒ නිසා ඔය කිසිම ප්‍රශ්ණයක් නැතිව පොඩි එවුන්ට උනත් ඇති තරම් කන්න පුලුවන් සෝස් එකක් අද හදමු!! මේක හදන්නෙ සියඹලා වලින්! සියඹලා කියන්නෙ ආයුර්වේදයේ සදහන් වන විදියට ජීර්ණ පද්ධතියට දිව ඔසුවක්!! මළබද්ධය, අජීර්ණ වලට කියාපු බෙහෙතක්!! ඉන්දියාව, තායිලන්තය වගේ රට වල බහුලව සියඹලා භාවිතා වෙනවා!!

    ts1.jpg

    ලංකාවෙ වෙළදපලේ සොයා ගැනීම අපහසු වුවත් සමහර රට වල Tamarind Sauce තියනවා!!
    කොළඹ නුවර පාරේ ගළිගමුව නගරය පහුවුනාම අඹන්පිටියෙ හම්බවෙන 45th Milestone Restaurant දන්නවා ඇතිනේ. අන්න ඒකේ Traditional Sauce එකක් විදියට මේ සෝස් එක හදලා දෙනවා!!



    ts3.jpg

    සියඹලා ග්‍රෑම් 200ක් ගන්න.

    ts4.jpg

    ඇලුමිනියම් නොවන භාජනයකට දමා පැසෙන උණු වතුර සියඹලා වැසෙන පරිදි වත්කර පැයක් පමණ වසා තබන්න.

    ts5.jpg

    අතින් හො හැන්දකින් පොඩිකර උකු ද්‍රාවනයක් සාදා ගන්න.

    ts6.jpg

    කිරි ගොට්ටකින් පෙරා ගන්න. තේ පෙරන වලින් පෙරන්න එපා!!

    ts7.jpg

    මෙන්න මේ වගේ!

    ts8.jpg


    රතු මිරිස් කුඩු තේ හැදි 2
    ගම්මිරිස් කුඩු තේ හැදි 1
    සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේ හැන්ද බැගින්
    ලුණු කුඩු තේ හැදි 1/2ක්
    කුරුදු, එනසාල්, කරාඹුනැටි, බේ ලීෆ් කුඩුකරගත් තේ හැදි 1/2ක්
    සීනි ග්‍රෑම් 100ක් පමණ ( සියඹලා වල ඇඹුල් තත්වය මත මෙය වෙනස්වේ)

    ts9.jpg

    ඉගුරු සුදුලූනු කබලේ බැද ගන්න (තෙල් නැතිව)

    ts10.jpg

    ලුණු හා සීනි හැර ඉතිරි කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න.

    ts11.jpg

    සියඹලා ද්‍රාවනය එක්කරන්න. ලුණුද එක්කරන්න.

    ts12.jpg

    රස බලමින් ටික ටික සීනි එක්කර උතුරන තෙක් හොදින් හැදි ගාන්න.

    ts13.jpg

    ගින්දර අඩුකර සොස් මෙන් ඝණ වන තුරු හැදි ගාන්න. රස බලා අඩු පාඩු එක්කර ගන්න.

    ts14.jpg

    ලිප නිවා මදක් නිවෙන්න තබන්න.

    ts15.jpg

    ගෙදර තියෙන හිස් බොතල් සොදින් උණු වතුරෙන් සෝදා වේලාගෙන ඇතුලත ටිෂූ පේපර් එකකින් හොදින් පිස ගන්න.

    ts16.jpg

    බොතල් වලට වත්කර පියන ඇර නිවෙන්න තබන්න.

    ts17.jpg


    හොදටම නිවුන පසු මූඩිය තදකර ශීත කරනයේ තබා ප්‍රයෝජනයට ගන්න.
     
    Last edited:

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    athi yanthan aye awa,aluth mukuth damme na ne tika kalayak.mama msg ekak dannath gihin oya hospital ekaka ne wada kiyala hitiya wada athi ne kiyala.aluth dewal danna honde digatama :D :D :D :D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    athi yanthan aye awa,aluth mukuth damme na ne tika kalayak.mama msg ekak dannath gihin oya hospital ekaka ne wada kiyala hitiya wada athi ne kiyala.aluth dewal danna honde digatama :D :D :D :D

    Enna enna hospital eke weda wedi wenawa!! eken mage hobby ekata thamai kelawenne!!
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Thanks Machun, Rep +, Aniwa hadanawa. Ena saturday ube pizza ekath hadana thama inne.....​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Enna enna hospital eke weda wedi wenawa!! eken mage hobby ekata thamai kelawenne!!

    Ko Dr. Kimbul langadi kemak heduwe nedda?? Api balan inne monawa hari hadanakan!! Adu tharame galawapu dath walin soup ekak wath hadannako!!:lol::lol:

    same here............ඕකම තමා බං මටත් වෙලා තියෙන්නේ......එළියට බහින කොටත් රෑ 9-10 වෙලා....ඉතින් මොන කෑම හැදිලිද???????:(:(
     
    • Like
    Reactions: Sachinth