අසමජ්ජාති යැයි කියන කොල්ලන්ගේ හිත් ගැන..
කෙල්ලෙක්ගේ හිත... නිර්වචන ගොඩාරියක් හොයාගන්න පුලුවන්.. ඒව එයාලම කියලා එයාලම අඬාගන්නවා.. එක පල් හොරෙක් හිංඳා කොල්ලෝ ඔක්කොම මහ වල්, අසම්ජ්ජාති කුජීතයෝ වෙලා... කොල්ලෙක් නිකමට හරි කෙල්ලෙක් ඉන්න පෝස්ටරයක් දිහා බැලුවත් ඇති. ඇත්තටම ඌ බැලුවේ එහාපැත්තේ තියන මරණ දැන්වීම.. හැබැයි කට්ටියට ඒකම ඇති නිකං ඉන්න ...උන්ගේ අම්මලා තාත්තලා මතක් කොරන්න.. මේක යකාට ගිය නීතියක් නේ. මං අහන්නේ ඔය කියන මිනිස්සුන්ගෙන් (බෝත් ලේඩීස් සහ ජෙන්ස්) එකෙක් හරි කවදාහරි කොල්ලෙක්ගේ හිතක් ගැන හිතල තියෙයිද..? ඔය කාටහරි කියන්න පුලුවන්ද? (ඇහුවොත් ඉතින් උන්ට එහෙම එකක් නෑ කියයි )
මං මේ කාගෙවත් රෙද්ද හෝදනව නෙවෙයි. නිකමට වත් ඔහොම දෙයක් ගැන හිතලාවත් තියනවද..? රබර් සෙරෙප්පු දාගෙන ඔහේ කලිසමයි, කමිසයයි දාගෙන, කොන්ඩෙ අවුල් කරගත්තු, බෑග් මල්ලක් පැත්තක එල්ලන් යන කොල්ලෙක් ගැන හිතලා තියනවද? ඌගේ හිතේ තියන දේවල්, හීන, බලාපොරොත්තු... ? දෙයියනේ ඌට "කෙල්ලෙක්" කියන එක හීනයක් විතරයි. එහෙම හීනයක් නැත්තං ඌ කොල්ලෙක් නෙවෙයි. ඒ වයසේ හැටි. ඒ දෙයියන්ට, නැත්තන් සොබාදහමට ඕන විදිහ. ඇයි ඒක දිහා විතරක් නිකන් වපරයෙක් වගේ ඇස් ගෙඩි දෙක හොම්බෙ තියන් නිකන් ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝ.. නියෝ බලාගෙන ඌව අවලමෙක් කරන්නේ? ඔයාලා කියන්නේ කොල්ලෝ කියන්නේ නිකන් ගෑනු පිස්සුව හැදුනු මැශිමක්ද? ඇයි ඌට වෙන පිස්සු නැතුවටද?
තමන්ගේ අම්ම තාත්තා උගේම කියල ගත්ත කාර් එකේ දාගෙන කතරගම හරි මොන තැනක හරි යන්න ඕන කියන හීනේ? නැත්තන් ගෙදර ඉතුරු හරිය කොහොම හරි හදාගන්න ඕන කියන එක? එහෙමත් නැත්තන් මේ සමාජයේ තියන මේවගේ අසාධාරන වලට කතාකරන්න..? පාරෙ ඉන්න හිඟන මනුස්සයෙකුට හරි උදව් කරන්න ඕන කියන එක? සමහර උන් එහෙම හිතුනොත් උගේ දවල් කෑම එක හරි දීල යනවා.. අන්න උන් තමයි කොල්ලෝ... උන්ගේ හිත හරියට මහා සාගරේ වගේ.. වෙලාවකට නිස්කලංකයි.. සමහර වෙලාවට දඟයි. ඒ වගේම කියන්න බැරි තරන් ගැඹුරුයි. ඒ හිත අදුනගත්තොත් ඒ හිත් වලින් කරන්න පුලුවන් දේ හිතාගන්නවත් බෑ. ඒ හිතට යමක් වැටුනොත්, ඒක් ගිලිලම යනවා. ආයෙ ඒක ගොඩ ගන්න බෑ.කෙල්ලෙක් ගැන උනත් එච්චරම තමයි. ඔය හිත්වලට ගරහන්න එපා. එහෙම උනොත් ඔය මන් කියපු සාගරේ සුනාමියක් වෙලා එයි ඔයාලා ලගට.. ලෝක විනාසෙ ඊට වැඩිය හොඳයි කියල හිතෙයි එතකොට... මම කියන්නේ, කොල්ලෙක්ට ගොඩ යන්න උදව් නොකලත් කමක් නෑ වනයක්, ඇනයක් නම් වෙන්න එපා... ඊට පස්සෙ ඌ ඔයාලට මහා ඇනයක් වෙයි.. එතකොට එකට බනින්නත් ලෑස්ති වෙන්න එපා...
- නසරානි කොලුවා -

අනිවා මචං අරගත්තා නම් අරගත්තු තැන දාන්න ඕනේ 
උඹ අහලා ගත්තා නම් කෝ ප්රූෆ් ඒක දාපංකො ඇරත් අහලා ගත්තත් ඔහොම තමංගෙ නිර්මාණයක් වෙන එකෙක්ගේ වගේ දාන්න උං ඉඩ දෙන්නේ නැහැ වෙන මොකුත් නෙවේ තියෙන්නේ තව නමත් දාගෙන නේ ඒක තමා බලු වැඩේ