Colombo Stock Exchange (Daily Update)

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
හැමෝගෙම පුද්ගලික මතය ඉතින් ඕක long term හොඳ share එකක් වෙයි කියල..දාපු ගමන් ඕක බැස්සේ pp ගිහින් තියෙන්නේ 7 ගානේ නිසා...:):)

මාත් හිතන්නෙ එහෙම තමා.. දිගු කාලීනව හොඳ වෙයි කියල හිතල තමයි මාත් ගත්තෙ... බලමුකො... 7 ට ගත්තු එවුන් විකුනන ඒව කවදහරි ඉවරවෙන්නත් ඕනෙ නෙ... :rolleyes:
 

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හැමෝගෙම පුද්ගලික මතය ඉතින් ඕක long term හොඳ share එකක් වෙයි කියල..දාපු ගමන් ඕක බැස්සේ pp ගිහින් තියෙන්නේ 7 ගානේ නිසා...:):)

    tikkak kal allagena inna wei padu ne:rofl:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මාත් හිතන්නෙ එහෙම තමා.. දිගු කාලීනව හොඳ වෙයි කියල හිතල තමයි මාත් ගත්තෙ... බලමුකො... 7 ට ගත්තු එවුන් විකුනන ඒව කවදහරි ඉවරවෙන්නත් ඕනෙ නෙ... :rolleyes:

    sirawatama.samaharu IPO eken gatta awath paduwata deela athi:confused:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මචං මම මේ ත්‍රෙඩ් එක අදයි දැක්කෙ... මුල ඉඳල අගටම දැන් තමයි කියවල ඉවර උනේ...:) නියම ත්‍රෙඩ් එක මචං. ශෙයාර් මාකට් එක ගැන නොදැන හිටපු විස්තර ගොඩාක් දැනගත්ත..:yes: ඒකට මුලින්ම උඹට මගේ ස්තූතිය පුද කර සිටිනවා...:D

    මචං උඹ Softlogic Holdings එක හොඳ කම්පැනි එකක් විදියට දාල තිබුන නෙ.. මමත් ඕකෙ ශෙයාස් 2000 ක් ගත්තා..:rolleyes: පලවෙනි දවසෙ ඉඳල බහින්න ගත්තනෙ... මට කොහොමත් ඕක විකුනන්න හදිස්සියක් නැහැ..:rolleyes: එක නිසා මම හිතන් ඉන්නෙ කවදහරි ඕක වැඩි වෙනකන් ඉන්න කියල..:yes: මේ ශෙයාර් එක ගැන උඹේ පුද්ගලික මතය මොකක්ද? (මම අහන්නෙ උඹෙ පුද්ගලික මතය ගැන විතරයි..:yes: අනිත් අයට උපදේශයක් හැටියට නෙමේ...:D)

    මේ දවස්වල මාර්කට් ඩවුන්.කොච්චර හොද වුනත් මේ දවස්වල කොටස් මිල බහිනවා.සොෆ්ට්ලොජිකුත් එහෙමයි.ඕක ගොඩාක් හොද ලෝන් ටර්ම්.මේක අයිපීඕ මිලට ආවම ටිකක් ෆික්ස්ඩ් වෙයි.ඒ වුනාට මේක හොද ශෙයාර් එකක්:P
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    In terms of the SEC directive dated 14th September 2010, the 10% price band has been imposed on CLPL.W.0012 with effect from 21st July 2011 to 27th July 2011 (both days inclusive).
    The full list of securities on which the 10% price band is applicable is published on the CSE website.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Today (2011.07.20) Top 10 Losers
    :(
    CEYLON LEATHER [W]
    EASTERN MERCHANT
    S M B LEASING [X]
    TALAWAKELLE
    CONFIFI HOTEL
    LAKE HOUSE PRIN.
    CEYLON LEATHER [W]
    HOTEL SERVICES
    CEYLON LEATHER [W]
    UNION ASSURANCE
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොටස් ජාති
    විවිධාකාරයේ කොටස් තිබෙනව.

    Ordinary Shares (N)

    Non-Voting Ordinary Shares (X)

    Preference Shares (P)

    Warrants (W)

    මේ ඇරුනම තව ජාති කිහිපයක් තිබෙනව.

    කොහොමද කොටස් ගන්නෙ?

    මම මුලින් කිව්ව වගේ ඔබේ තැරැව්කාර සමාගම හරහා තමයි සියළු දේවල් වෙන්නෙ. ඔබ කිව්වම එයාල ඔබ වෙනුවෙන් එම කොටස් මිලයට අරන් ඔබේ CDS ගිණුමට දානව. ඔබේ CDS ගිණුමෙන් සල්ලි වියදම් කරල.

    විකුණන්නෙ කොහොමද?
    ඒකත් ඉස්සෙල්ල වගේම තමයි, ඔබ ඔබේ තැරැව්කාර සමාගමට කිව්වම එයාල ඒව විකුණල ලැබෙන මුදල් ඔබට චෙක්පතක් විදිහට ගෙදරට එවනව. ඒ මුදල් ඔබේ CDS ගිණුමටම එකතු කරන්න ඕනෙ නම් ලිඛිතව ඒක එයාලට දැනුම් දෙන්න ඕනෙ.

    එයාල එහෙම නොකර ඉඳීද?

    එහෙම බෑ, ඒක එයාලගෙ වගකීම. අපි කියන ඕනෙම දෙයක් කරන්න එයාල බැඳිල ඉන්නව. තව දෙයක්, එයාලට කිසිම විදිහකින් අපිට අලාභ වෙන දෙයක් කරන්න බෑ, ඒක නීති විරෝධියි. නමුත් එයාල දුන්න උපදෙසක් නිසා (එයාල උපදෙස් දෙන්නෙ එයාල කරන market researches හරහා) අපිට යම් අලාභයක් උනාට ඒකාට එයාල වැරදි නෑ.

    එයාල අපිට වැඩ කරනවට එයාලට මොනවද ලැබෙන්නෙ?

    අපි කරන ඕනෙම විකිණීමකදි හා මිලට ගැනීමකදි තැරැව්කාර සමාගමට, කොළඹ කොටස් නිකුතුවට, බදු සඳහා වැනි දේවල් කිහිපයක් වෙනුවෙන්, අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 1.20% ප්‍රමාණයක් අර කිව්ව ස්ථාන වලට ලැබෙනව.

    වැදගත්ම ප්‍රශ්නෙ, අපිට ගාණක් අතට එන්නෙ කොහොමද?
    මුලින්ම කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ අවදානම් සහගත වෙළඳාමක්, ඔයාලට ඒ අවදානම ගන්න වෙනව. මොකද එක පාරටම ඔයාල කොටස් ගත්තු සමාගමක් කඩා වැටුනොත් ඔයාලගෙ මුදල් වතුරෙ යන්න ඉඩ තියෙනව.

    බය උනාද? බය වෙන්නෙපා, එහෙම වෙන්නෙ නෑ ලේසියෙන්, නමුත් මිල උච්ඡාවචනය නිසා වැඩි මිලකට ගත්තු එකක් අඩු මිලකට විකුණල අලාභ ලබන්න නම් වෙන්න ඉඩ තියෙනව. මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව.

    හරි, ප්‍රශ්නෙට එමු. මූලිකම හා ඉක්මන්ම ක්‍රමේ තමයි ඔබ ගත්තු සමාගමේ කොටස් වල මිල ඉහළ ගියොත් එම මිලට ඔබේ කොටස් විකුණල ගන්න පුළුවන් ලාභය.

    උදා: ඔබ X කියන සමාගමේ කොටස් 400ක් ගන්නව එකක මිල රු.10 ගානෙ, ඒකෙ මිල ඉහළ යනව රු. 12.75ට. ඔබ මොකද කරන්නෙ, ඒ ගත්තු කොටස් ටික දැන් වෙළඳපළ මිලට විකුණනව. මොකද වෙන්නෙ? ඔබ 4000ක් වියදම් කරල 5100ක් ලබා ගන්නව. ඔබේ ලාභය රු. 1100 යි.

    නරක නෑ නේද???

    ඊළඟ ක්‍රමේ, සමාගමෙන් කොටස් වලට දෙන පොළිය (Dividends) ලබා ගැනීම.

    මෙක හැම සමාගමක්ම කරන්නෙ නෑ, එහෙම පොළියක් ලබාදීමට එම කිසිම සමාගමක් බැඳිලත් නෑ.

    සමාගමේ අධිකාරිත්වය තීරණය කළොත් අපි අපේ කොටස් කරුවන්ට පොළියක් දෙමු කියල, එයාල එම වසරේ ගත්තු ලාභය අනුව කියනව අපි එක කොටසකට මෙන්න මෙච්චර පොළියක් දෙනව කියල. ඔබ එම සමාගමේ කොටස් අරන් තිබෙනව නම් ඔබට එම පොළිය චෙක්පතක් මගින් ගෙදරටම එනව.

    උදා: අර මුලින් කිව්ව X සමාගම තීරණය කරනව 2009.09.15 දිනට එම සමාගමේ කොටස් කරුවන්ට එක කොටසකට රු. 1.50ක පොළියක් ලබා දීමට. ඔබ ලඟ තිබෙනව නේද ඔවුන්ගෙ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔබට එම දිනයේදී රු. 600ක් ලැබෙනව පොළිය වශයෙන්.

    තව ක්‍රම කිහිපයක් තිබෙනව, ඒත් මේ දෙක තමා වැදගත්ම, ඒනිසා මේ දෙක ගැන දැනගත්තම හොඳටම ඇති.

    කොටස් වෙළඳපළ ගැන චුට්ටක්

    හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපළ ගැන. මේක ඇරල තියෙන්නෙ සතියෙ දවස් වල පමණයි, ඒකත් උදේ 9.30 ඉඳල හවස 2.30 වෙනකම් විතරයි, කරන ඕනෙම දෙයක් ඒ වෙලාව ඇතුළත තමයි. ඒකත් එයාලගෙ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුළ වහන්න ඉඩ තියෙනව. සියළුම රජයේ, වෙළඳ, බැංකු නිවාඩු දින වල මේක වහල. (නමුත් තැරැව්කාර සමාගම් හවස 4.30 දක්වා වැඩ කරනව )

    කොටස් වෙළඳපළ තුළ තිබෙනව ප්‍රධාන මිල දර්ශක දෙකක්.

    සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index | ASI)

    මුළු කොටස් වෙළඳපළ තත්වය ගැන තමා මෙයා කියන්නෙ.

    මිලන්කා මිල දර්ශකය (Milanka Price Index | MPI)

    කොටස් වෙළඳපළ පසුගිය කාර්තු 4 තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25හේ තත්වය තමා මේකෙන් කියන්නෙ.
    කොටස් වෙළඳපළ තුළ තිබෙනව පුවරු

    Main Board

    බොහොමයක් විශාල කොම්පැනි තියෙන්නෙ මෙම පුවරුවෙ තමයි.
    Diri Sawi Board


    මධ්‍යම හා කුඩා සමාගම් තිබෙන්නෙ මෙම පුවරුවෙ.
    Default Board

    චූටි චූටි වැරදි කරපු කට්ටියව මේකට දානව. (වාර්ෂික වාර්තාව වෙලාවට නොදුන්න කට්ටිය එහෙම )

    මේ කිව්ව ඒවයින් පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්න තියෙනවනම් අහන්න, දන්න තරමින් උත්තර දෙන්න සූදානම්.

    තව වැදගත් දෙයක්, මේක අන්තිමට කියන එක හරිද මන්ද. මම මේ ලිපිය ඇතුළෙ ලොකු ලොකු ඉලක්කම් දාල කිව්වට හැම වෙලේම එහෙම ලොකු ලොකු ලාභ ලැබෙන්නෙ නෑ, ඔබට ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් එහෙම ගත්තැකි. පොඩි මුදලකින් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි, අධෛර්යයට පත් වෙන්නෙ එපා, බැරි නෑ. මම රු. 100, 200 වගේ ලාභ තියාගෙනත් විකුණල තියෙනව, මට රු. 30, 50 චෙක්පතුත් ගෙදරට ඇවිල්ල තියෙනව.

    මමත් පටන් ගත්තෙ පොඩි ගාණකින්, නමුත් මම යොදපු මුදල මම මේ පහුගිය මාස 18ට 220% දක්වා වැඩි කරගෙන තියෙනව. (ඊට වඩා වැඩි කරගන්නව, training කාලේ මේක එක්ක ඉන්න උනේ නෑනේ.

    ඔබට මේකට කාලය ගත කරන්න පුළුවන් නම්, ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම්, මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවනාලිය කරගන්න පුළුවන්.

    ජය වේවා!!!

    මේක කියවල තව කිහිප දෙනෙක් හරි කොටස් වෙළඳපළ ආයෝජනයට හැරුනොත් සතුටුයි. වෙන රට වලට සාපේක්ෂව ලංකාවෙ මේ පැත්තට හැරිල ඉන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්, ඒක වැඩි කරන්න පුළුවන් නම්, ඒකත් ලංකාවෙ ආර්ථිකයට හුඟාක් හොඳයි. (කොළඹ කොටස් නිකුතුව හා සම්බන්ධ වී ඇති පිරිස 500,000 ආසන්න අගයක් ගන්නෙ, ඒ අගය කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ.)

    එක අතකින් මේක හොඳ රැකියා අවස්ථාවක්. ගෙදරට වෙලා පරිගණකය දිහා බලා ඉන්න, යතුරු කිහිපයක් ඔබන්න, කෝල් කිහිපයක් ගන්න විතරයි තියෙන්නෙ.

    තව වැදගත් දෙයක්, ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ.
    මේක උඹද ලිව්වේ:eek:
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නිමල් පෙරේරා “බොක්කෙන්ම” කතා කරයි
    ඔබ අනිවාර්යෙන් කියවිය යුතු දවසේ ලිපිය

    කොටස් වෙළෙඳ පොළ නියාමන රෙගුලාසි දැඩි කරන පසුබිම තුළ යම් හෙයකින් නියාමකයා හමුවට තමා කැඳවුවහොත් දිනකට රුපියල් මිලියන 300/400 ගනුදෙනු වල යෙදනෙ තමා කොටස් වෙළෙඳ ‍පොළින් ඉවත් වන බව ශ්‍රී ලංකාවේ පුමුඛතම තනි පුද්ගල කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා අනතුරු හඟවයි.

    ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සංවිධානය මගින් ඊයේ කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් හෙතෙම මේ බව කීවේය.

    කෙසේවෙතත්, ඔහුගේ මෙම ආන්දෝලනාත්මක හිතුවක්කාර ප්‍රකාශයට පිළිතුරු දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කෝෂී මෙතායි පවසා සිටියේ රටක් වශයෙන් ඉදිරියට යාමට නම් නීතියක් හා සදාචාරයක් කියා දෙයක් පැවතිය යුතු බවත් එයට එරෙහිව කඳවුරු බැඳීමෙන් කොටස් වෙළෙඳ පොළ පිළිබඳ ජනතා විශ්වාසයට මෙන්ම රටටද අහිතකරව එය බලපාන බවයි.

    මේ නිමල් පෙරේරාගේ එම( හිතුවක්කාර )කරුණු දැක්වීමේ සංෂිප්තයයි.

    “මුලින්ම,මගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔය අය සමාව භාජනය කරන්න ඕනේ. මම පින්නවෙල මධ්‍යම මහා විද්‍යාලයේ ඉඳලා කොළඹ ආවේ. මට ප්‍රමාණවත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබුණේ නැති නිසා චතුරව ඉංග්‍රීසි හසුරුවන්න අමාරුයි.

    ඉන්සයිඩර් ඩීලිං ගැක කතා කරන්න කට්ටිය මේ තැනට ඇවිත් ඉන්නේ.මම ඔය සංකල්පයට සහමුලින්ම විරුද්ධයි.මේ පුංචි රටේ අපි ඹක්කොම එකිනෙකා හඳුනනවා.ඒ කියන්නේ අපි ඔක්කොම ඉන්සයිඩර්ස්ලා.

    මගේ ඇන්ටි කෙනෙක් ඉන්නවා නම් මම එයාට කියනවා මගේ සමාගම් වල හොඳ මූල්‍ය විස්තර. එතකොට ඒ ඇන්ටි ඒ බව එයාගෙ බෝයි ෆේන්ඩ්ට හරි තව කාට හරි කියනවා.ඔය විදියට ඔය කතාව කටින් කට යනවා.ඔය දේ සිද්ධ වෙන්නෙ බොහෝම සද්භාවයෙන්.නමුත් ඔය ආරංචිය ගියාම කොටස් මිල නගිනවා.ඔක ඉන්සයිඩර් ඩීලිංද ?

    ඉන්සයිඩර් ඩීලිං කරන කට්ටිය අල්ලන්න අවශ්‍ය නම් කොටස් වෙළෙඳ පොළ වේලාවේදී තැරුව්කරුවන්ගේ දුරකතන ටැප් කරන්න.එතකොට ඔය කට්ට්ය ඔක්කොම හිරේ දාන්න පුළුවන්.එතකොට ඉන්සයිඩර් ඩීලර්ස්ලා වෙනුවෙන් වෙනම සිර ගෙයක් හදන්නයි.

    අද මට කොටස් විකුණන්න බැහැ.විකුණුවොත් ඒ විස්තර එවලේම හැමෝම දැන ගන්නවා. දැන් ඔය රාජ් රාජරත්නම්ව ඇල්ලුවා ඇමෙරිකාව ඉන්සයිඩර් ඩීලිං වලට.ඒ ඇල්ලුවේ මිනිහා කලු ලංකා සුද්දෙක් හින්දා තියන කුහක කමට. මිනිහා සුද්දෙක් වුනා නම් අද මිනිහා එලියෙ.

    බලන්න, යුද්දේ ඉවර වෙලා තියපු ජනපතිවරණයේදී අපි හිතුවා මහින්ද රාජපක්ෂ මහතාට සියයට 98 ක විතර ජන්ද ප්‍රතිශතයක් ලැබේ කියලා.කෝ ලැබුනේ සියයට 52 යි.

    අයි මේ? මේ ලංකාවේ අයට තියන කුහක වත නිසයි මේ දේවල් සිද්ධ වෙන්නේ.”
    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2887&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මූල්‍ය සමාගම් ඉල්ලමෙන් ගජරාමේට ගරති


    මෑතක කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත මූල්‍ය සමාගම් කිහිපයක අසාමාන්‍ය මිල ඉහළ යාම් මැද ආයෝජකයන් පසුගිය දින කිහිපය මුළුල්ලේ ඉහළ වාසි අත් පත් කරගත් බව කොටස් වෙළෙඳ පොල විශ්ලේෂකයෝ පවසති.

    ස්වර්ණමහල්,අබාන්ස් හා බිම්පුත් ලංකා යන මෑතකදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත මූල්‍ය සමාගම් වල මෙම අසාමාන්‍ය මිල ඉහළ යාම දක්නට ලැබුණ අතර මේවායේ මිල ගණන් දිනකට සියයට 30 ඉක්මවාද පසුගිය දිනවල ඉහළ ගියේය.

    මේ අනුව, අබාන්ස් කොටසක මිල රුපියල් 51 ත් රුපියල් 116.20 අතර අගය පරාසයකද, බිම් පුත් ලංකා රුපියල් 25 ත් 120 ත් අතරද ස්වර්ණමහල් රුපියල් 35 ත් 135.30 අතරද විශාල වශයෙන් මේ දිනවල ගනුදෙනු වෙමින් පවතිනේ කොටස් වෙළෙඳ පොළ ඉහළ එක්දින ගනුදෙනු සම්බන්ධයෙන් ආයෝජක උනන්දුව වැඩි කරමිනි.

    කෙසේවෙතත්,මෙම කොටස් ,කොටස් වෙළෙඳ පොළ මූලික සිද්ධාන්ත අනුව ඒසා විශාල වටිනාකමක් නොලැබෙන බවත් තැරුව්කාර ආයතන හරහා මෙම අසාමාන්‍ය මිල ඉහළ දැමීම් සිදුවන බවත් නිරීක්ෂකයෝ පවසති.

    මේ අතරේ, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති මෙහෙයුම් මණ්ඩලයට ටච්වුඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමට ඊයේ අවසර ලබාදීම නිසා ටච්වුඩ් කොටස් මිලද පහළ යනු දක්නා ලදී.

    http://vimasuma.com/index.php?view=article&id=2881&option=com_content&Itemid=56
     
    mokada hadissiyema?broker game ekakda? bull run ekakda?:rolleyes:
    ටේක් ඕවර් එකක් මචන්, උඳේම නිව්ස් එක ආව, ඔඩර් පොත බලපං, ඇඩෙනව

    Blue non voting voting 2ka thiyanawa.But high price :baffled:
    නොන් වෝටින් යන්නෙ නෑලු, N එක විතරයි කියලයි නිව්ස් එක ආවෙ
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තේ තැරැව්කාර සමාගමක් විකිණේ

    Sri Lanka Asia Capital exits tea broker

    මෙරට තේ තැරැව්කාර සමාගමක සියයට 40 ක කොටස් රුපියල් මිලියන 175 කට විකුණා දැමීමට සමාගමක් සූදානම් වේ.

    මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කර තිබෙන ඒෂියා කැපිටල් සමාගම කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Asia Siyaka Commodities (Pvt) Ltd යන තේ තැරැව්කාර සමාගමේ සියයට 40 කොටස් මෙසේ විකුණා දමන බවයි.

    මෙම කොටස් Asia Siyake (Pvt) Ltd යන සමාගමට විකුණා දමන බව වැඩිදුරටත් සඳහන්ය.

    http://vimasuma.com/index.php?option=com_content&view=article&id=2882&catid=50:puwatharthika&Itemid=56