ජීවිතය ගැන මෙච්චර දරුණු තීරණ ගන්න එපා.
Dear frnds, තමන්ගේ ජීවිතට මෙච්චර දරුණු වද දෙන්න එපා, ජීවිතය ගැන මෙච්චර දරුණු තීරණ ගන්නත් එපා.. කාට ආදරය කරන්නත් කලින් තමන්ට, තමන් ආදරය කරන්න පුරුදු වෙලා ඉන්න... තමන් කෙනෙක්ට කොච්චර ආදරය කලත් මැරෙනකොට මැරෙන්නේ තමන් තනියමයි... මෙහෙම දෙන්නම එකට එල්ලිලා මරුණා කියලා අවසන් හුස්ම පොද වුනත් අහසට යන්නේ එකම වෙලාවක නෙවිනේ.. අඩුම තරමින් එක්කෙනෙක්ගේ අවසන් හුස්ම පොදට වඩා තත්පරයක් හරි අඩුවෙන් තමා අනිත් කෙනාගේ අවසන් හුස්ම පොද වැටෙන්නේ... ඒක රඳාපවතින්නේ ඒ ශරීරයට කොච්චර ප්‍රමාණයක් දරාගෙන ඉන්න පුලුවන්ද කියන එක මත මිසක් ආදර කියන හැඟීම මත නෙවි.....
"ආදරය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කිරීම" සහ තමන් ප්‍රාර්ථනා කල ආදරය නොලැබුනු නිසා හෝ, ආදරය කල කෙනා පිටුපෑවා කියා හෝ ඒ ආදරයට ගෙදරින් හරස් වූවා කියා හෝ "සියදිවි නසා ගැනීම" යනු එකක් නොව දෙකකි... මෙය පුද්ගලයෙකුගේ සිතේ එක් මොහොතකට ඇතිවන ප්‍රචණ්ඩත්වය පාලනය කරගැනීමට නොහැකිවූ අවස්ථාවකට හොඳම නිදසුනකි... තමන් කැමතිවූ දෙය ලබා ගැනීමට නොහැකිවීම නිසා දෙමවුපියන්ගෙන්, සහෝදර-සහොදරියන්ගෙන්, යහලුවන්ගෙන් පළිගැනීමට කියා ජීවිතය ගැන මෙච්චර දරුණු තීරණ ගන්නට කෙනෙක්ට පුලුවන්ද?මේකට කියන්නේ මෝඩකම කියලාය...
කෙනෙක් ලස්සන වුනා හෝ නොවුනා හෝ, පොහොසත් වුනා හෝ නොවුනා හෝ, තමන් කැමති ආදරය ලැබුනා හෝ නොලැබුනා හෝ ජාතිය, කුලය, ආගම, වයස මොකක් වුනත් කෙනෙක්ට මේ ලැබුන ජීවිතය ඒ හැමදේටම වඩා වටිනවා.. ජීවිතය ගැන තීරණ ගන්නකොට හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගන්නට පුරුදුවෙන්න...
අපිට මේ ජීවිතේ කොච්චර නම් දේවල් ලැබෙනවද? නොලැබෙනවද? අපිට කැමති හැමදේම ලබාගන්න පුලුවන් නම් මේක මනුස්ස ලෝකයක් වෙන්න බෑ, එහෙනම් මේක දිව්‍ය ලෝකයක් වෙන්න ඕන... දුක සහ සතුට, ලැබීම සහ නොලැබීම, නින්දාව සහ ප්‍රශංසාව යන මේ හැමදේම ලැබෙන්නේ මේ මනුස්ස ලෝකය තුල ඉන්න තාක්කල් විතරයි... මට නම් ලැබීම සහ නොලැබීම තුල සිත පාලනය කරගෙන ඉන්නට පුලුවන් නිසා දැන් ඒ දේවල් තුල තියෙන සුන්දරත්වය තේරුම් ගන්නට පුලුවන්... ඒ නිසයි මම දිව්‍ය ලෝකයට වඩා මනුස්ස ලෝකයට කැමති... දිව්‍ය ලෝකයක ලබන්නට බැරි ගොඩක් දේවල් මේ මනුස්ස ලෝකයෙන් ලබාගන්න පුලුවන් කියන එක මම දැන් ඇත්තටම විශ්වාස කරනවා...

Last edited: