මේ කාලකන්නියගේ පව්ද උඹ ගෙවන්නේ……?

Jul 4, 2009
7
0
0
Horana
මේ කාලකන්නියගේ පව්ද උඹ ගෙවන්නේ……?

කාලකන්නියෙක් වගේ මෙහෙම උඩ බලාගෙන ඉන්න වෙයි කියලා කවද්ද හිතුවේ. කොහොමද යකෝ මම නිදහසේ මැරෙන්නේ. නැත්තම් අම්මප වහ ටිකක් බීලා ඕන කුදයක් ගහගන්න කියල මැරිලා යනවා යන්න. ඒ වුණාට මගේ ගෑනි විදින දුක බලාගෙන, මගේ පොඩි එකා ගැන හිතලා කොහොමද මම සැනසිල්ලේ සුසුමක්වත් හෙළන්නේ.

පොඩි එකා ලැබුණ දවසේ ඉදන් මං හිතුවේ මමයි ලෝකෙම ඉන්න වාසනාවන්තම මිනිහ කියලා. මගේ ගෑනිගේත් තිබ්බේ හොද ගතිගුණ. අපේ ගමේ ඉස්කෝලයක් තිබ්බේ නෑ. ඒ හින්ද කවදාවත් මං හිතුවේ නෑ පොඩි එකාව ඉස්කෝලෙකට යවන්න. මට දෙක වසර සමත්වත් මොලයක් තිබ්බේ නෑ. ඇත්තටම මම එදා හිතුවේ ආත්මාර්ථකාමිව. ඒ වුනත් එදා වගේම හිටියනම් අද මම මෙහෙම හිතන්නේ නැති වෙන්න තිබ්බා. ගෑනිව සයනෙට ගන්න කලින් එකී අට සමත්. මගේ වුවමනාවක් නැතිවුණාට කොල්ලට උගන්වන්න ගෑනිට වුවමනාවක් තිබ්බා. ඒ හින්දම කොල්ලව ගල්කිරියාගම ඉස්කෝලෙට යැව්වා. මම එදා කලේ හේන් ගොවිතැන්. කොල්ලා පහ වසරට ආවම මම කොච්චරවත් ගෑනිත් එක්ක රණ්ඩු වුණා. ඒ වෙන මොකටවත් නෙවේ කොල්ලව මගේ වැඩ වලට හවුල් කර ගන්න. ළමයාගේ අම්මට ඕන කළේ ඌට කොහොම හරි උගන්වන්න. මොකද ඌ වැඩ වලට හරි දක්ෂයලු. අට සමත් උනාම දරුවාව පලාගල ජාතික පාසැලට යැව්වා. මොනවා වුනත් කොල්ලා ඉගෙනගන්නවනේ කියලා හේන් කරලා ඌට උගන්වන්න බැරිවුණ තැන මම කළේ වැලි ගොඩ දාපු එක. අතමිට සරු රස්සාවක් නොවුනත් එදාවේල පිරිමහන්න ඒක හොඳටෝම ඇති වුණා. මගේ මහන්සිය කොල්ලා වතුරේ යැව්වේ නෑ. සාමාන්‍ය පෙළ විභාගයෙන් කොල්ලා ඉස්කෝලේ හොඳම තුන්වෙනියා. මට ඔය විභාග ගැන වැටහීමක් තිබ්බේ නෑනේ. ගෑනි තමා කිව්වේ කොල්ලා මහා ජයග්‍රහණයක්‌ ලබල තියෙන්නේ කියල.

එදා රෑ මම නිදා ගත්තේ නැති තරම්. මම කල්පනා කරලා තිබ්බේ ඔය විභාගයෙන් පස්සේ දරුවාව හෙමිට වැඩවලට අල්ල ගන්න. මොකද කියනවනං මට ඔය දවස් වල කොන්දේ අමාරුවක් ඇවිල්ලා තිබ්බේ වැලි ගොඩදාලා. ඒ බවක් මම දරුවාගේ අම්මටවත් කීවේ නෑ. ගෑනිගේ බලකිරීම හින්ද කොහොම හරි කොල්ලට උගන්වනවා කියල මම හිතා ගත්තා. දරුවාගේ අම්මත් පොඩි පොඩි වැඩපල කරලා සල්ලි කියක් හරි හෙව්වා දරුවට වියදම් කරන්න. ඌටත් තේරෙන්න ඇති අපි දෙන්නා කරන කැපවීම. කොල්ලා ගොඩක් දවස් රෑට නිදා ගන්නේ නැතිව පාඩම් කලා. සමහර දාට ඌ නිදිකිරා වැටෙනවා. ඒ දවසටවත් කිරිකොප්පයක් හදලා දෙන්න තරම්වත් වත්කමක් මට තිබුණේ නෑ. ඔය දවස්වල මගේ කොන්දේ තිබ්බ අමාරුව ගොඩක් වැඩිවෙලා. ඒ වුනත් මොනවා කියලා කරන්නද? දරුවට පොතපත අරන් දෙන්න සෑහෙන්න වියදම් වුනා. ඔයිං මෙයින් ලෙඩේ හොඳ කර ගන්න වියදම් කරන්නවත් මුදලක් අතේ මිටේ ඉතිරි වුණේ නෑ. කොච්චර අමාරු වුනත් කොල්ලා වෙන මහන්සිය දැකලා ඒ වේදනා යටපත් කරගන්න පුළුවන් වුණා. අන්තිමේදී කොලුවා මහා ඉහළින් උසස් පෙළ සමත් වුණා. ගෑනි කියනවා දරුවා කොළඹට ගිහින් ඉංජිනේරුවෙක් වෙලාලු එන්නේ. ඉංජිනේරුවෝ කියන්නේ මහා ලොකු රස්සාවල් බව දැන හිටියට ඒවා තිබ්බේ මගේ හීන ලෝකේ විතරයි. අම්මප මම කොච්චරවත් හිතුවත් මගේ පොඩි ඒකා කවදා හරි ඉංජිනේරුවෙක් වෙනවා නේද කියල මට තාමත් හිතාගන්න බෑ. මුලාදෑනිගේ දරුවවත් ඔයතරම් දුරට ඉගෙනගෙන නැතිලු. අවුරුදු ගානකට පස්සේ අපේ ගමෙන් හොඳටම ඉගෙන ගත්තේ මගේ එකාලු. වෙන කවුරුත් නෙවේ ගමේ මිනිස්සු කතා වෙන්නේ.කොතරම් දරදඩු මිනිහෙක් වුනත් මම ඔය දවස් වල හිටියේ ඉහවහා ගිය සතුටකින්.එදා මගේ ජීවිතයේ අරමුණක් තිබ්බේ නෑ. කොලුවා කොළඹ, සරසවියට ගිහින් ඉගෙනගත්තා. හරියට බෙහෙතක් කළේ නැති හින්දා කොන්දේ අමාරුව වැඩිවෙලා මම අබ්බගාත වුණා.මාස දෙකක් මම ජීවත් වුණේ කොහොමද කියලවත් මම දන්නේ නෑ. මගේ බේත්හේත් වලට සෑහෙන්න වියදම් වෙලා. මගේ ගෑනි කොහොමද ඔයතරම් හම්බ කළේ? මට ඒ දවස් වල නං හරියට තේරුනේ නෑ. එත් අද මම දන්නවා ඒවා හම්බ වුණේ කොහොමද කියලා. මගේ කොලුවා වැලි ගොඩ දාලා. එක දිගට මාසයක් විතර වැලි ගොඩදාලා හම්බ කරලා තමයි ඌ මාව ජීවත් කරවල තියෙන්නේ. අම්මප මම දන්නවනං ඌට ඕක කරන්න දෙන්නේ නැතිව මැරිලා යනවා.ඌ මං හින්ද මාසයක් ඉගෙනීම පාඩු කරගෙන. දැන් ඉතින් මං කියලා මක් කරන්නද?

කොල්ලා සරසවියට ගිහින් අද වෙනකොට අවුරුද්දක් වෙනවා. මගේ අසනීපය එනකොට ඌ කොළඹ ගිහින් මාස දෙකයි. දැන් ඌට සල්ලි යවන්න විදිහක් නෑ. මගේ ලෙඩ තරමක් හොඳ වුණාට මම තාමත් ඉන්නේ ඇඳේ. මම හිතන්නේ මට තව දෙයියෝ දීල තියෙන්නේ ටික කාලයයි. මගේ ගෑනි කරන රස්සාවෙන් දැන් අපි දෙන්න එදාවේල පිරිමහන් ජීවත් වෙනවා. දරුවා කොහොම ජීවත් වෙනවද කියලා දෙයියෝ තමයි දන්නේ. එදා මම හිතුවේ කොලුවා කවද හරි ඉංජිනේරුවෙක් වෙයි කියල. මගේ ජීවිතයම මහා දුකක්. ඇත්තටම කියනවානම් එකේ සතුටු මොහොතවල් තියෙන්නේ එකක් දෙකක් විතරයි. අද කොල්ලගේ සරසවිය වහලලු. මිනිස්සු හිනාවෙනවා ඉංජිනේරුවත් ගමට ඇවිල්ලා වැලි ගොඩදාන එකම කරයිලු. ඇයි දෙයියනේ කොහොමද මං මේ මුසල කතා ඇහෙනකොට තවත් දරාගෙන ඉන්නේ. කොලුවටත් හිත රිදිලද කොහෙද දැන් වැඩිය ගමට එන්නේත් නෑ.ඉදල හිටලා මාව බලලා යන්න එනවා. ඒ ඇවිත් කියන්නෙත් අප්පච්චි සරසවිය වහලා කවද අරියිද දන්නේ නෑ කියලා. මගේ කොලුවා හිතනවද දන්නේනෑ ඇයි අප්පච්චිලා මට මෙහෙම ඉගැන්නුවේ කියලා. ඇයි දෙයියනේ මටම මේ වගේ ජීවිතයක් උරුම වුණේ. මමද උඹේ ඔය ඉරණමේ වැරදිකාරයා. නෑත්තම් උඹලගේ අම්මද? ගමේ හැතිකරය ඕන දෙයක් කියපුදෙන්. මගේ ජීවිතයේ කවදාවත් මේකයි කියලා අරමුණක් තිබ්බේ නෑ. ඒත් දැන් මේ අබ්බගාත මට ජීවිතයේ අරමුණක් කියලා දෙයක් තියනවා. ඒ වෙන මොකක්වත් නෙවේ මගේ රන් කැටියා කවදහරි ඉංජිනේරුවෙක් වෙනවා දකින එක. මට උඹෙන් සමුගන්න දුර වැඩි ඈතක නෙවෙයි මයේ පුතේ. පුලුවන්නං ඒ හීනය, මගේ ජීවිතයේ එකම අරමුණ සැබෑ කරපං. නැත්තම් ලෝකේ බිහිවුන ලොකුම කාලකන්නියා මම වෙයි. මේ අබ්බගාත මං උඹෙන් ඉල්ලනේ එච්චරයි.

පුතෙක් හැදුවා රටක් වටිනා ඉංජිනේරුවෙක් වෙයි කියා
කාටවත් හොර හඩනවා මම උඹට මොක මං කළේ කියා
දරන්නට බැරි අහෝ දුක් කඳ නිඹද සිතමින් ඔබෙ පියා
කාලකන්නි වී මැරෙනවා මම උඹේ පාමුල නෙතු අයා
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    :nerd:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    uni wala inna motta harakta therenne nehe unta kela wechcha dawasata oya un uda daagena dagala deshpaluwo wathura ugurakwath denna enne nehe kiyala...

    kohen giyath anthimata duk widinna sidda wenne ara asarana demawpiyonta.. :(