කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

    මෙන්න කුකරි මෙගා ත්‍රෙඩ් එකක්. තරු පහේ හෝටලයක කෑම වේලක් පූර්ණව හදා ගැනීම පිළිබද ව දැණුම්වත් කිරීමයි අරමුණ.
    මෙන්න මේවා හදන්න කියල දෙනවා.......
    Welcome drink
    Cream of Chicken & Mushroom Soup
    French Bread
    Mixed Sea Food Fried Rice
    Hot Garlic & Ginger Chicken
    Mixed Vegetable Chop Soue
    දිවුල් jelly


    Welcome drink එකෙන් පටන් ගනිමු…......!!!!!!

    WELCOME DRINK

    අවශ්‍ය ද්‍රව්‍ය

    drink1.jpg


    1. බෝතල්කල සරුවත් සිරප් මිලි. 30
    2. වැනිලා අයිස්ක්‍රීම් ස්වල්පයක්
    3. කුඩාවට කැපූ කොමඩු මද
    4. කුඩාවට කැපූ ගස්ලබු
    5. කුඩාවට කැපූ ඇපල්
    6. කුඩාවට කැපූ අන්නාසි
    7. කුඩාවට කැපූ කෙසෙල්
    8. කුඩාවට කැපූ අඹ
    9. ඇත්නම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකක්
    10. අනිවාර්යයෙන් ම විනිවිද පේන උස වීදුරුවක්

    සාදන ක්‍රමය

    ජලය මිලි.20කට සීනි සහ ලුණු ස්වල්පයක් දියකර ගන්න. මෙයට සරුවත් සිරප් මිලි 30 එක්කර කලවම් කර ගන්න. මෙම මිශුණය වීදුරුවට වක්කර ගන්න.

    drink2v.jpg


    රූපයේ ලෙසට කපාගත් පලතුරු යොදන්න.මෙසේ යෙදීමට හේතුව පාට කෙමෙන් තදපාටට එනලෙස දිස්වීමට සැළැස්වීමයි. (මගේ බීම එකේ නම් ඒක ටිකක් අඩුයි. හේතුව හදන කෙට පුත්තරයා ඇවිත් “බලන්න” වීදුරුව අතට ගැනීමයි)
    උඩින් ම ඇපල් කැබලි යොදා මෙය ශිතකරණයක තබන්න. පසුව එය මතට අයිස්ක්‍රීම් ස්වල්පයක් එක්කරන්න.

    drink3m.jpg


    හැන්දක් සමග පිළිගන්වන්න. ඒ මෙය කලවම් කරගෙන බීම සහ කෑම සදහායි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුප් එක

    Cream of Chicken & Mushroom soup එක සාදන ආකාරය කළිනුත් පලකලා. ත්‍රෙඩ් එක සම්පූර්නවීම සදහා මෙහි නැවත දාන්නම්.

    Cream of Chicken & Mushroom Soup

    චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)

    අවශ්‍ය කරන දේ..

    ing1.jpg

    1 - සුදු ළූණු බික් 3-4ක් (සිහින්ව කපා ගන්න)
    2 - සෙමී 1ක් පමන වන ඉගුරු කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
    3 - කටු රහිත කුකුළු මස් 50g (නිර්මාංශ අය මෙය ඉවත් කර හදා ගන්න)
    4 - Oyster හතු 50g
    5 - සිහින්ව ලියා ගත් ලීක්ස් 50g
    6 - සිහින්ව ලියා ගත් කැරට් 25g
    7- තරමක කෑලි කැපූ කැරට් 25g
    8 - තරමක ළූණු ගෙඩියක් (සිහින්ව කපා ගන්න)
    9 - නූඩ්ල්ස් හෝ මැකරෝනි 25g

    අනිත් ඒවා සුවද ද්‍රව්‍ය. මේව නම් සියල්ල සුප් එකකට දාන තරමට හොදයි හේතුව එහි ගුණය සහ සුවද වැඩිකර ගන්න

    ing2z.jpg

    10 - සැල්දිරි 25g (සිහින්ව කපා ගන්න)
    11 - සේර කුඩා කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)
    12 - පාස්ලි 10g (සිහින්ව කපා ගන්න)
    14 - කොත්තමල්ලි කොළ 10g (සිහින්ව කපා ගන්න)
    15 - ගම්මිරිස් තේ හැදි කාලක්
    16 - රස අනුව ලුණු
    17 - කුරුදු කුඩා කැබැල්ලක් සහ උළුහාල් ඇට 10ක් පමණ
    18 - වියලි බැසිල් කොල ස්වල්පයක් (නැති උනත් කමක් නැත)

    රූපයේ නැති ඒවා - රම්පෙ අගල් බාලයක කැබැල්ලක් සහ කරපිංචා කොළ 10ක් පමණ
    එළවළු තෙල් මේස හැදි 3ක්
    ජලය ලීටර 1ක්

    සුප් එක ගණකම් කිරීමට
    13 - බඩ ඉරිගු පිටි මේස හැදි ‍2ක්

    සාදන ක්‍රමය -

    step1y.jpg

    සුදු ළූණු, ඉගුරු කුකුළු මස්, Oyster හතු, ලීක්ස් 25g, කෑලි කැපූ කැරට් 25g, ළූණු, සැල්දිරි, සේර, පාස්ලි, කොත්තමල්ලි කොළ, ගම්මිරිස්, ලුණු, කුරුදු, උළුහාල්, වියලි බැසිල් කොල, රම්පෙ, කරපිංචා සියල්ල එළවළු තේල් මේස හැදි 1ක් සමග හොදින් බැද ගන්න. (රුපයේ අ) පදමට බැදි ආ පසු (රුපයේ ආ) එය වතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක් දමා ක්‍රීම් එකක් වන තුරු හොදින් අඹරා ගන්න. (රුපයේ ඇ සහ ඈ)

    step2g.jpg

    ඉතිරි ළූණු, සිහින්ව ලියා ගත් ලීක්ස්, සිහින්ව ලියා ගත් කැරට්, නූඩ්ල්ස් හෝ මැකරෝනි, ඉතිරි තෙල් මේස හැදි 2 සමග විනාඩි 3ක් පමණ බැද ගන්න. (රුපයේ ඉ). මේ බැදෙන මිශ්‍රණයට ගසා ගත් ක්‍රීම් එක මිශ්‍රකර, එ සැනින්ම ජලය මිලී ලීටර් 950ක් එකතු කරන්න. (රුපයේ ඊ) මෙය මද ගින්නේ බුබුලු දමන තෙක් පිස ගන්න. මිශ්‍රණය බුබුළු දමන විට ඉතිරි ජලය මිලි ලීටර් 50 ට බඩ ඉරිගු පිටි මේස හැදි ‍2 දියකර සුප් එකට එක්කර,(රුපයේ උ සහ ඌ) විනාඩි 5ක් පමණ පිස ගන්න.

    මෙවිට සුප් එක මෙලෙස දිස්වේ.​

    soup1r.jpg

    මෙලෙස පිළිගන්වන්න........​

    soup2final.jpg



    මේ සුප් ප්‍රමාණය 4-5 දෙනෙකුට සෑහේ...............!!!!!!
     
    • Like
    Reactions: Optimus Prime

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    French Bread

    තරු පන්තියේ හොටල්වල සුප් එක සමග කුඩා බනිස් විශේෂයක් පිළිගන්වනවා ඔබ දැක ඇති. මෙම බනිස් වලට කියන්නේ “ප්‍රංශ පාන් - French breads” කියලා. මෙන්න French bread සාදන ක්‍රමය.‍

    අවශ්‍ය ද්‍රව්‍ය

    bread1.jpg


    තිරිගු පිටි කිලෝ 1ක් සදහා අවශ්‍ය වන ද්‍රව්‍ය ප්‍රමාණය. පිටි ප්‍රමාණය අඩු කරන විට අනෙකුත් ද්‍රව්‍යය‍ ද ඊට සමානුපාතිකව අඩු කර ගන්න. (French bread සදහා ලුණු එක් කිරීමක් සිදු නොකෙරෙන බව සලකන්න)

    1. තිරිගු පිටි කිලෝ 1ක්
    2. යීස්ට් ග්‍රෑම් 8ක්
    3. මාගරීන් ග්‍රෑම් 150ක්
    4. සීනි ග්‍රෑම් 100ක්

    සාදන ක්‍රමය

    bread2.jpg


    A.තිරිගු පිටි, යීස්ට්, සීනි මිශ්‍රකර ගන්න. මෙයට ජලය ටික මිශ්‍රකර අතේ නොඇලෙන මට්ටමේ මෝලියක් “මික්සර්” උපකරණයකට “dough hooks” යොදා ගැනීමෙන් සාදා ගන්න. මෙම මිශ්‍රණය විනාඩි 10ක් යන්ත්‍රය ආධාරයෙන් අනා ගන්න.

    B.මෙයට මාගරීන් මිශ්‍ර කරන්න

    C.මාගරීන් මිශ්‍ර කල පසුව විනාඩි 10ක් මෝලිය අනා ගන්න.

    D.මෙවිට පිටි මෝලිය මෙලෙස දිස්වේ.

    bread3.jpg


    E.මෙම පිටි මෝලිය විනාඩි 20ක් පිපෙන්නට හරින්න. මෝලිය පිපිණු විට මෙසේ දිස්වේ.

    F.පිපුණු පිටි මෝලිය ග්‍රෑම් 25-30 පමන කොටස් වලට කඩා හොදින් බෝලවන සේ ගුලි කරගන්න.

    G.මෙම පිටි බෝල මාගරීන් ගෑ තැටි වල පිපීමට විනාඩි 40-පැයක් පමණ තබන්න. පිපුණු පසු මෙසේය.

    H.පිපුණු පිටි බෝල විනාඩි 35-40ක් පමණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 170-180 අතර පෝරනුවක පුලුස්සා ගන්න.පුළුස්සාගත් French bread මෙලෙස දිස්වේ

    bread4.jpg


    French bread සාමාන්‍යයෙන් පිළිගන්වන්නේ වට්ටියක් මත තබාය. මෙය සමග බටර් කැබලිද සුප් එකද පිලිගන්වනු ලැබේ.
    තරු හෝටල්වලදි ආහාරයට කලින් දෙන සුප් එක සමග මෙම French bread පිළිගන්වන්නේ අමුත්තන් රැසක් මූලික ආහාරය (Main course) අඩුවෙන් අනුභව කිරිම ප්‍රාර්ථනා කරමින් බවයි පැවසෙන්නේ.



    bread5.jpg

    තරහ වෙන්න එපා....මම බඩගින්නට මේව දෙකක් බටර් ගාලා කෑව.........!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ Main Course එක

    Mixed Sea Food Fried Rice

    අවශ්‍ය ද්‍රව්‍ය

    rice1q.jpg


    1. එළවළු තෙල්
    2. සෝයා සෝස්
    3. ඔයිස්ටර් සෝස්
    4. විනාකිරි
    5. කැරට් (කුඩා කොටු ලෙස කපා ගන්න)
    6. සිහින් ව ලියා ගත් ලීක්ස්
    7. තරමක කැබලි ලෙස කපා ගත් ළූණු කොළ
    8. රතු ළූණු (සිහින් ව ලියා ගන්න)
    9. කුඩා කැබළි වලට කපා ගත් දැල්ලන්, කෙලවල්ලා වැනි මාළු, ඉස්සන්(‍බත් වලට මිශ්‍රකිරීම සදහා “රයිස් ඉස්සන්” ලෙස හැදින්වෙන කුඩා ප්‍රමාණ ඉස්සන් ඇත. මෙහිදි භාවිතා කලේ ලොකු ඉස්සන් බැවින් කැබලි කපා ඇත)
    10. කොත්තමල්ලි කොල ස්වල්පයක්
    11. සේර (සිහින් ව ලියා ගන්න)
    12. ඉගුරු (සිහින් ව ලියා ගන්න)
    13. බිත්තර 2ක්
    14. සුදු ළූණු (සිහින් ව ලියා ගන්න)
    15. ඉතාමත් සිහින් ව ලියා ගත් සැල්දිරි කදක පහල ම කොටස
    16. පාස්ලි (සිහින් ව ලියා ගන්න)
    17. මින්චි කොළ (සිහින් ව ලියා ගන්න)
    18. ලුණු
    19. ගම්මිරිස් කුඩු
    20. බාස්මතී සහල් (රුපයේ නැත)

    සාදන ක්‍රමය

    දැල්ලන්, මාළු. ඉස්සන් බදුනකට ගෙන සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, විනාකිරි, ලුණු, ගම්මිරිස් කුඩු, සේර, ඉගුරු, සුදු ළූණු යන මේවා සමග හොදින් මිශ්‍ර කර පැය 3-4ක් පමණ “සීසන්” වීමට තබන්න.

    rice2p.jpg


    ඉස්සන් පොතු,මාළු කටු, කුකුල් කටු ආදියට ගම්මිරිස් කුඩු, කහ, රම්පෙ, කරපිංචා,සේර ආදිය යොදා වතුරෙන් තම්බා ගෙන “ස්ටොක් වතුර” ලීටරයක් පමන සකසා ගන්න.සහල් ගරා, සෝදා, මෙම ස්ටොක් වතුර සමග තෙල් මේස හැන්සක් ද මිශ්‍රකර ඇට වෙන්වන ලෙස පිස ගන්න.

    rice3e.jpg


    බත සැකසීම

    A.තෙල් මේස හැදි 5-6ක් පමණ කට පලල් බදුනක හෝ වොක් එකක රත්වෙන්නට හරින්න. මෙයට කැරට් එක්කරන්න. කැරට් මදක් බැදුණු විට බිත්තර දෙක කඩා එයට එක්කරන්න. බිත්තරය බැදෙන විට හැන්දකින් එය විසුරුවා දමන්න. (ස්ක්‍රැම්බල් කරන්න)

    B.මෙයට ම ලුනු සහ ගම්මිරිස් කුඩු එක් කරන්න.

    C.බිත්තර, කැරට් මිශ්‍රණය බැදෙන විට එයටම සිහින් ව ලියාගත් රතු ළූණු, කොත්තමල්ලි කොල, සේර, ඉගුරු, සැල්දිරි, සුදු ළූණු, පාස්ලි, මින්චි කොළ එක්කරන්න. එවිටම “සීසන්” කරගත් මාළු, ඉස්සන් සහ දැල්ලන් කැබළි එක්කර හොදින් බැදෙන්නට හරින්න.

    D.අවසානයට ලික්ස් සහ ළූණු කොල ද හැකි නම් කුඩා කොටු කැපූ රෙඩ් පෙපර් ටිකක් ද එක් කරන්න. මෙය මිශුකල වහාම පිසගත් බත් දමා කලවම් කරගත් යුතුය.

    rice4.jpg


    සාදා නිමකල Mixed Sea Food Fried Rice එක මෙලෙස දිස්වේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hot Garlic & Ginger Chicken

    අවශ්‍ය ද්‍රව්‍ය

    chicken1s.jpg


    1. බඩ ඉරිගු පිටි
    2. බැදීම සදහා එළවළු තෙල්
    3. විනාකිරි
    4. තක්කාලි සෝස්
    5. සෝයා සෝස්
    6. ටෙරියාකි සෝස්
    7. ඔයිස්ටර් සෝස්
    8. තරමක කැබලි කැපූ කුකුළුමස්
    9. ඉගුරු (ග්‍රෑම් 20ක් පමණ)
    10. සුදු ළූණු (ග්‍රෑම් 30ක් පමණ)
    11. සැල්දිරි අත්තක්
    12. සේර මුලක්
    13. කොත්තමල්ලි කොල ස්වල්පයක්
    14. ලුනු. ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ. සීනි ස්වල්පය බැගින් සහ කැබලි මිරිස් ග්‍රෑම් 30ක් පමණ

    සාදන ක්‍රමය

    chicken2z.jpg


    A.ඉගුරු, සුදු ළූණු , සේර ස්වල්පයක බැගින් සහ සැල්දිරි , කොත්තමල්ලි කොල මන්චරයක් ආධාරයෙන් සියුම් ව අඹරා ගන්න.

    B.ඇඹරූ ද්‍රව්‍ය මෙසේ දිස්වේ

    C. & D.විනාකිරි, සෝයා සෝස්. ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස්, ලුනු. ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ සහ සීනි කුකුළු මස් වලට මිශ්‍රකර හොදින් කලවම් කර ගන්න.
    මෙම මිශ්‍රණය පැය 2ක් පමණ තබන්න.

    chicken3o.jpg


    E.පසුව මෙම කුකුළු මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.

    F.බැදගත් කුකුළු මස් තෙල් බේරීමට තබන්න.

    G.සිහින් ව ලියාගත් ඉගුරු, සුදු ළූණු , සේර තෙල් මේස හැදි 2ක් පමන රත් කර හොදින් බැද ගන්න

    H.මෙයට බැදගත් කුකුළුමස් කැබලි එකතු කර ගන්න

    chicken4.jpg


    හොදින් මිශ්‍රකර ගත් බැදුමට සෝයා සෝස්. ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් ස්වල්පය බැගින් සහ තක්කාලි සෝස් සෑහෙන ප්‍රමාණයක් එක්කරන්න. මෙයට ම කැබලි මිරිස් එක්කර ගන්න.

    chicken5s.jpg


    මෙයට ග්‍රේවි එක ගණකම් කිරීම සදහා බඩ ඉරිගු පිටි ටිකක් ජලයට දියකර එක්කර ගන්න.
    සියල්ල හොදින් කලවම් කර ගන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mixed Vegetable Chop Soue

    අවශ්‍ය ද්‍රව්‍ය

    chop1jv.jpg


    1. ටෙරියාකි සෝස්
    2. ඔයිස්ටර් සෝස්
    3. බඩ ඉරිගු පිටි
    4. බැදීමට එළවළු තෙල් ස්වල්පයක්
    5. රතු බෙල් පෙපර්
    6. කැබලි කැපූ බ්‍රෙකොලි
    7. කැබලි කැපූ ලීක්ස් කද කොටස
    8. කැරට් පෙති
    9. කැබලි කැපූ ගෝවා
    10. සැල්දිරි කොල
    11. කැබලි කැපූ ලොකු ළූණු
    12. පෙති කැපූ සුදු ළූණූ
    13. මින්චි කොල කීපයක්
    14. ඇමරිකන් ඔයිසිටර් හෝ ඕනෑම කෑමට ගන්නා හතු විශේෂයක්
    15. පෙති හෝ තීරු කැපූ අර්තාපල් අල
    16. කැබලි කැපූ මල් ගෝවා
    17. කැබලි කල බෝංචි

    සාදන ක්‍රමය

    chop2e.jpg


    A.වතුර සහ ලුණු නටන තෙක් රත් කර එයට ලොකු ළූණු, රතු බෙල් පෙපර්, සැල්දිරි කොල, මින්චි කොල සහ පෙති කැපූ සුදු ළූණූ හැර අනෙක් සියළු එලවළු එක්කරන්න. විනාඩි 2ක් පමණ තැම්බීමට හරින්න(මෙය හදුන්වන්නේ “බ්ලාන්ච් කිරීම” ලෙසය) නියමිත ප්‍රමානයට තැම්බුණු විට ගෝවා, බ්‍රෙකොලි සහ බෝංචි වල ඉතා ප්‍රසන්න කොල පැහැයක් දක්නට ලැබේ.

    B. & C.එලවළු වතුරින් ඉවත් කර වතුර ඉවත් වීමට තබන්න.

    D.තෙල් මේස හැන්දක් පමන බදුනකට තබා රත් වීමට හරින්න. මෙයට ලොකු ළූණු, රතු බෙල් පෙපර්, සැල්දිරි කොල, මින්චි කොල සහ පෙති කැපූ සුදු ළූණූ එක්කර බදින්න.

    chop3.jpg


    E.මෙයට තම්බාගත් එළවළු එක් කරන්න. තෙලෙන් බැදීමට ඉඩ හරින්න.

    F.මෙම මිශ්‍රණය මැද ඉඩක් හදා ටෙරියාකි සහ සෝයා සෝස් මේස හැදි 3 බැගින් එක් කරන්න.

    G.සොස් නටන විට එයට බඩ ඉරිගු පිටි මේස හැදි 2ක් වතුරෙන් දියකර එක්කර ගන්න.

    H.හොදින් මිශ්‍ර කර විනාඩි 3ක්න පමණ ලිපෙන් බා ගන්න. මෙවිට චොප් සොයෙ එක මෙසේ දිස්වේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතුරුපස සදහා දිවුල් ජෙලි

    අවශ්‍ය ද්‍රව්‍ය

    diwul1.jpg


    1. හොදින් ඉදුණු දිවුල් ගෙඩි 4ක් පමණ (හුටා....!!!දිවුල් කෝ බං...????? උනේ මේකයි මචංලා. මම අපේ බිරින්දෑට කිව්වා දිවුල් ටික නටන වතුරේ දාලා ටිකක් තැම්බෙන කන් තියල තියන්න කියලා, කටු ටිකත් වෙන ම තියල ෆෙටෝ එක ගන්න. මගේ හාදි “වැඩි හොදට” ඒක මිරිකලා ඇට අයින් කරලා දිවුල් පේස්ට් එක හදලා තියලා...!!!!!! ෆොටෝ එක ගන්න කලින් ම....මදැයි කොලා....!!!!ඒ පේස්ට් එක තමයි ඔය බාජනේ පිටින් ම තියෙන්නේ....!!!) මේ දිවුල් මදය සහ කටුව සූරා ගත් කොටසට නටන වතුර එක්කර තබා බ්ලෙන්ඩර් නොකර අතින් ඇට ඉවත් කර පේසට් එක බ්ලෙන්ඩර් කර ගත යුතුය.
    2. වැනිලා එසෙන්ස් තේ හැන්දක්
    3. ජෙලටින් ග්‍රෑම් 30ක පැකට්ටුවක්
    4. චොකලට් බ්‍රවුන් වර්ණකය තේ හැදි බාගයක්
    5. කස්ටර්ඩ් පව්ඩර් මේස හැදි 8ක් පමණ - මෙය කිරි සමග නටවා ටොපින් එකක් ලෙස භාවිතා කිරිමටය.
    6. කිතුල් පැනි කෝප්ප බාගයක්
    7. සීනි රස අනුව
    8. ලුණු රස අනුව

    සාදන ක්‍රමය

    diwul2.jpg


    A.ජෙලටින් පැකට්ටුව උණු වතුර කෝප්ප බාගයක හොදින් දියකර ගන්න

    B.දිවුල් පේස්ට් එක නිවි ඇත්නම් පමණක් එය ලිප තබා රත් කර දියකළ ජෙලටින් එයට එක් කරන්න.

    C.මෙයට ම සීනි, ලුණු, කිතුල් පැණි,චොකලට් බ්‍රවුන් වර්ණකය සහ වැනිලා එක් කරන්න.

    D.මෙය ජෙලි මෝල්ඩ් එකකට වත්කර ගන්න. නිවුණු පසුව ශීතකරණයක තබන්න.

    diwul3.jpg


    ජෙලි එක ගනකම් වූ පසුව එය මෝල්ඩ් එක පිටින් ම උණුවතුර බදුනක තත්පර 30ක් පමන පාකරන්න. පැතලි පිගානක් මෝල්ඩ් එක උඩින් තබා එකවරම අනෙක් පැත්ත හරවන්න. මෙවිට ජෙලි එක මෝල්ඩ් එකෙන් ගැලවී පීගාන මතට පැමිනේ.

    diwul4.jpg


    කස්ටර්ඩ් ටොපිංඑක දාන්න කලින් ම මගේ පුත්‍රරත්නය ජෙලි එකට වගකිව් බව එලකිරියේ සියළු දෙනා හට ගෞරව පුරස්පරව දන්වා සිටිනු රිසියෙමි.......!!!!!!!!!!!

    මෙම ආහාර හැමදාම භක්ෂනය කරනු පිණිස නොවන බවත්, විශේෂ අවස්ථාවන් සදහා පමණක් වන බවත් මේ ත්‍රෙඩ් වලට මඩ ගැසීමට බලා සිටින සියළුම ෆේක් රාජෝත්තමයාණන් වහන්සේල වෙත ගෞරව බහුමාන පූර්වක ව දන්වා සිටිනු කැමැත්තෙමි.

    එසේම බ්ලොග් හෝ වෙනයම් ජාලගතවන /ගත කරනු ලබන වෙනත් ඉදිරිපත් කිරීමක දී මාගේ නාමය උපුටා දැක්වීම අනවශ්‍ය බවත්, නමුත් “ගත්තේ එළකිරි.කොම් එකෙන්” යනුවෙන් දැමීම සහ ලින්ක් එක එළකිරි.කොම් වෙත යා කිරීමත් අනිවාර්යය වන බව සළකන්න.


    දැනට අන් අය ගේ ඇස ගැටීමට බම්ප් එකක් දමනා ලෙසත්, සාදා පින්තූරයක් පල කොට මා දිරිමත් කරන ලෙසත් ඉල්ලා සිටිමි.....!!!!
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    බුදු අම්මෝ...!!!

    :P:P:P:P:P:P:P:P:P:P:P:P

    හ්ම්ම්! මම බලන් හිටියේ චොප්සිය හදන හැටි දානකන්...!!! :yes::yes::yes:

    නියමයි බොස්.! :D:D:D:love::D:D:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මට අන්තිම වට්ටොරුව තමයි හිතට ගියෙ (Mixed Vegetable Chop Soue),නියමයි යාලුවා,අපෙ ඩොක්ටර්ට හොඳින් උයන්නත් පුලුවන් නෙ,රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්න ඔනෙලු