Maxxahttp://www.elakiri.com/forum/images/smilies/sq/yes4lo.gif
ඇන්ජලෝ මැතිව්ස් අපේ ක්‍රිකට් කතා පොතේ අලුත්ම පිටුවක් සනිටුහන් කලේය. ඔහු ගැන කතා කරන්නට ඉදිරියට තව බොහෝ දේ තිබෙනු ඇත.සැබවින්ම ඇන්ජලෝ මැතිව්ස් යනු ශ්‍රීලංකාව බොහෝ කාලයක සිටම සෙවූ ක්‍රීඩකයෙකි. මෙම සටහනේ උත්සාහය මැතිව්ස් පෙරලූ නව පිටුවේ පසුබිම් කතාව සොයා බැලීමටය.
අපේ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය ලෙස අදටත් සදහන් කල හැක්කේ 96 ලෝක කුසලාන ජයග්‍රහණය සහ ඉන්පසු එළැඹි වසරක හා දෙකක කාල සීමාවය.සහභාගී වන සෑම තරඟාවලියක්ම එම යුගයේදී අවසන් වූයේ ජයග්රහණයෙනි.
එම යුගයේ කණ්ඩායමේ සංයුතිය සකස් වී තිබුනේ පිතිකරුවන් 7 දෙනෙකු දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වශයෙනි.දඟ පන්දු යැවිය හැකි පිතිකරුවන් කිහිප දෙනෙකුම කණ්ඩායමේ සිටිය නිසා සමබරතාවය පිළිබඳව එම යුගයේදී එතරම් ප්‍රශ්නයක් පැන නොනැඟුනි.එම යුගයේ බොහෝ තරඟ ප්‍රමාණයක් පැවතියේ ආසියානු උපමහද්වීප කලාපය තුල වීම නිසාවෙන්ම පන්දු යැවීමේ බර බොහෝ විට දඟ පන්දුයවන්නන්ට පැවරී තිබුණි.
මෙම යුගය වනවිට පන්දුවට පහරදිය හැකි දඟ පන්දුයවන්නන් කිහිප දෙනෙකුම ශ්‍රීලංකාවෙන් බිහිවී තිබුනත් පන්දුවට පහරදිය හැකි මදවේග පන්දුයවන්නෙකු ලෙස වැඩි දස්කම් දක්වා තිබුනේ රවී රත්නායක පමණී.
නමුත් ශ්‍රීලංකාවට ආසියානු කලාපයෙන් පිටත තරඟ වැඩිවැඩියෙන් ලැබීම හේතුවෙන් වේග පන්දු යවන්නන්ට වැඩි වගකීමක් දරන්නට සිදුවීම මත කණ්ඩායමේ සමබරතාවය පිළිබඳ ගැටලු පැන නගින්නට විය.පන්දුවට පහරදිය හැකි මදවේග පන්දුයවන්නෙකු සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට මේ හේතුවෙන් තේරීම් කමිටු වලට සිදුවිය.
මෙම කාලයේදී ලෝකයේ අනෙකුත් හැම කණ්ඩායමකම මෙම ගණයේ ක්‍රීඩයෙකු ක්‍රීඩා කලේය.
දකුණු අප්‍රිකාවට කලීස් සහ ක්ලූස්නර් යන දෙපලම සිටියේය.ඕස්ට්‍රේලියාවේ ටොම් මූඩි සිටියේය.නවසීලන්තයට ක්‍රිස් කෙයාන්ස් ක්‍රීඩා කලේය. එංගලන්තයේ ෆ්ලින්ටොෆ් සිටියේය. අසැල්වැසි ඉන්දියාවට රොබින් සිං සහ පාකිස්ථානයට රසාක් ක්‍රීඩා කලේය.
ලොව ප්‍රබල රටවල් සියල්ලකටම සිටියත් මෙවැනි ක්‍රීඩකයෙකු ශ්‍රීලංකාවට නොමැතිවීම විශාල පාඩුවක් විය.
කලක් කණ්ඩායමෙන් ඉවත් කර සිටි හතුරුසිංහ හා දුලිප් ලියනගේ යලි කණ්ඩායමට එකතු වන්නේ ඔවුන්ගේ තුන් ඉරියව් හැකියාවන් මතය.
සුරේශ් පෙරේරා තරඟාවලි එකක් දෙකක් සාර්ථක වෙමින් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක්ද සොයා ගත්තත් එය වැඩි කලක් රදවා තබා ගැනීමට ඔහුට නොහැකි විය.
ඉන්පසු හසන්ත ප්‍රනාන්දු,දිල්හාර ලොකු හෙට්ටිගේ දෙපලද කණ්ඩායමට එකතුවුවත් ඔවුනටද වැඩි කලක් නොගොසින්ම තම ස්ථාන අත්හැර ගැනීමට සිදුවිය.
ශ්‍රීලංකාව දිගුකලක් පෙලුණු මෙම හිසරදයට යම් සහනයක් ගෙන එමින් පර්වීස් මහරූෆ් කණ්ඩායමට එකතුවිය. ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වන තුරුම මහරූෆ් තම ස්ථානය රැක ගත් සේම පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු වශයෙන් අවශ්‍ය අවස්ථාවල තම කාර්ය භාරයද රට වෙනුවෙන් ඉටු කලේය.
නමුත් මහරූෆ් අලස පන්දු රකින්නෙකි.බොහෝ විට පිටියේ ඔහුව සඟවා තැබීමට නායකයාට සිදුවිය.
මෙම කාලය පුරාවටම චමින්ද වාස් පිතිකරුවෙකු ලෙස දස්කම් දැක්වුවත් ඔහු කණ්ඩායමට ක්‍රීඩා කලේ ආරම්භක වේග පන්දු යවන්නා වශයෙනි.
මේ සියල්ලටම පිලිතුරු එක් කරමින් අවසානයේ මැතිව්ස් කණ්ඩායමට එකතුවිය.මැතිව්ස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකි.තාක්ෂනයෙන් පරිපූර්ණ වූ සුපිරි ක්‍රීඩකයෙකි.
ඔහු අතිදක්ශ පිතිකරුවෙකි.කණ්ඩායමට අවශ්‍ය ආකාරයට ඕනෑම අවස්ථාවක ඊට උචිත පරිදි ක්‍රීඩා කල හැකි සුපිරි ක්‍රීඩයෙකි.පන්දුව ක්‍රීඩාංගනයෙන් ඉවතට එල්ල කර පන්දු යවන්නන් මෙල්ල කල හැකි ක්‍රීඩකයෙකි.ඕනෑම පීඩනයක සැහැල්ලුවෙන් පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයෙකි.
![]()
ඔහු සුපිරි පන්දු යවන්නෙකි.ආරම්භක පන්දුවාරයේ සිට අවසන් පන්දුවාරය තෙක්ම ඕනෑම මොහොතක විශ්වාසයෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙකි.තුන්වන හෝ දෙවන වේග පන්දු යවන්නා වශයෙන් කණ්ඩායමට ක්‍රීඩා කල හැකි ක්‍රීඩකයෙකි.
![]()
ඊට අමතරව මැතිව්ස් සුපිරි පන්දු රකින්නෙකි.එසේම පිටියේ ඕනෑම තැනක පන්දු රැකිය හැකි ක්‍රීඩකයෙකි.ස්ලිප් ස්ථානයේ පන්දු රැකිය හැකි මඳ වේගපන්දු යවන්නෙකු මීට පෙර ශ්‍රීලංකාව නියෝජනය කල බවක් මගේ මතකයේ නැත. එසේම පිටිය කෙලවර ඔහු අති වේගවත් පන්දු රකින්නෙකි.
![]()
මේ කරුණු හැම එකක්ම නිසාවෙන් මැතිව්ස් සුවිශේෂී ක්‍රීඩකයෙකි.කණ්ඩායමට පැමිණ ටික කලකින්ම ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් ත්‍රිත්වයේම ස්ථානය ඔහු තහවුරු කර ගත්තේය. අවසානයේ කණ්ඩායමේ උප නායකයා ලෙසින් වගකීම භාර ගැනීමටද ඔහුට හැකිවී තිබේ.
මැතිව්ස් ඔබ වැනි ක්‍රීඩකයෙකු ලැබීම ක්‍රිකට් ප්‍රේක්ෂක අප ලැබූ මහත් භාග්‍යයකි.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ඔබට භාර දීමට මුලුමහත් ක්‍රිකට් ප්‍රේක්ෂක සැවොම නොබියව සූදනම් වී ඇත.ඔබට තව යෑමට බොහෝ දුරක් ඇත.ඉදිරියේදී ඔබ වෙනුවෙන් ලිවීමටද බොහෝ දේ තිබෙනු ඇත.
අපේ ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ කිරීමට ඔබට ධෛර්යය ශක්තිය වාසනව ලැබේවායි හදවතින්ම සුභ පතමින් අපි ඔබ සමඟින් සිටින්නෙමු.![]()


