Web OS - ඔන්ලයින් මෙහෙයුම් පද්ධති.
මෙහෙයුම් පද්ධති කීවාම හැමෝටම මතක් වෙන්නේ අපි පරිගණකයට ස්ථාපිත කරලා භාවිතා කරන පද්ධති මෘදුකාංග,උදාහරණයක්
හැටියට ගත්තොත් Windows,Linux වගේ.නමුත් Internet Servers වල සිට ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිත් තියෙනවා.
මේ මෙහෙයුම් පද්ධති Web Operating System හෙවත් Web OS කියා හඳුන්වනවා.
මුල්ම සාර්ථක Web OS එක නිර්මාණය කරනු ලැබුවේ ස්වීඩනයේ ජීවත්වන පරිගණක ක්‍රමලේඛ ශිල්පියෙකු වන ෆෙඩ්රික් මැල්මර්
විසිනි.ඒ 1998 දියි.එය Web OS නමින්ම හැඳින්වූ අතර www.webos.org Web අඩවියට පිවිසීමෙන් එය බාවිතා කල හැකි විය.
මෙම Web OS වල Desktop එක Web Desktop නැත්නම් Webtop ලෙස හඳුන්වනවා.කෙසේ වෙතත් මෙම Web OS
මේ වන විට වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ Online OS ලෙසයි.
මේ අවුරුදු 13ක කාලය ඇතුලත මෙම Web OS හෙවත් Online මෙහෙයුම් පද්ධති සංකල්පය විශාල වශයෙන් දියුණු වී තිබෙනවා.
මේ වන විට එය Web 2.0 පරම්පරාව සමග හොඳින් පෑහි කටයුතු කිරීමට හැකි ලෙස දියුණු වී තිබෙනවා.මෙම Web OS ප්‍රචලිත වීමට කරුණු කීපයක් බලපා තිබෙනවා
කෙසේවෙතත් මේ Web OS වල අවාසිත් නැතුවම නෙවේ.
මේ තියෙන්නේ දැනට ජනප්‍රිය Web OS කීපයක්
Cloudo
eyeOS
G.ho.st
YouOS
Craythur
Goowy

- එහි අතුරුමුහුනත (Interface) පරිශීලකයාට අවශ්‍ය පරිදි සකස් කරගත හැකිවීම
- එය ජංගම මෙහෙයුම් පද්ධතියක් වීම.(අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඕනෑම විටක ඕනෑම තැනකදි තමන්ගේ Desktop එකට පිවිසීමට හැකි වීම)
- ප්‍රතිවයිරස් මෘදුකාංග Update කිරීම,මෙහෙයුම් පද්ධතිය Update කිරීම ආදිය පරිශීලකයා සිදු කල යුතු නොවීම.(එය Web OS එක සපයන ආයතනය විසින් සිදුකරයි)
- නවීන පන්නයේ හෝ ඉතා ප්‍රබල දෘඩාංග මෙම මෙහෙයුම් පදධති භාවිතා කිරීමට අවශ්‍යය නොවීම.
- අන්තර්ජාල පහසුකම් ඇති ජංගම දුරකතන,PDA වලින් වුවද Web OS බාවිතා කල හැකි වීම.
කෙසේවෙතත් මේ Web OS වල අවාසිත් නැතුවම නෙවේ.
- මුල්ම ගැටළුව නම් ආරාක්ෂාවයි,මෙම Web OS වල හුවමාරු වන දත්ත හැකර් ලට පැහැර ගැනීමට ඇති හැකියාව වැඩිය.
- මෙම Web OS බාවිතා කිරීමට නම් වේගවත් අන්තර්ජාල සබඳතාවක් අවශ්‍ය වෙනවා
- Web OS එකක පරිපාලනය සිදුවන්නේ එහි Administrator ට අවශ්‍ය ආකාරයටයි,එනම් ඔවුන් සපයනමෘදුකාංග ආදිය පමණක් අපට බෘවිතා කිරීමට සිදුවෙනවා.
මේ තියෙන්නේ දැනට ජනප්‍රිය Web OS කීපයක්
Cloudo
eyeOS
G.ho.st
YouOS
Craythur
Goowy
තොරතුරු - අන්තර්ජාලය ඇසුරණි
© roshancs05
2011/08/19
© roshancs05
2011/08/19
Last edited:

රෙප් ++ 