ගෝරිල්ලා සහ සිංහයා !!!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගෝරිල්ලා සහ සිංහයා !!!

    සර්කස් කණ්ඩායම දින දින පාඩු ලැබුවා බැවින් ඒය වසා දැමීමට අයිතිකරු තීරණය කලේය. …එම තීරණය නිසා කරනම් ශුරයකු වූ සුනිල්ට තම ජොබ අහිමිවූ බැවින් ජොබ් කට්ටක් හොයා ගැනීමට උත්සහ කරත් හොයා ගැනීමට නොහැකි විය….. සුනිල් අන්තිමේදී ඔහුගේ මාමා කෙනෙක් සත්තු වත්තේ කළමනාකරු ලෙස වැඩකරන බව මතක් විය…..

    සත්තු වත්තේ වත් ජොබ් එකක් සොයා ගැනීමට ඔහු ගොස් මාමා මුණගැසුණේය…..මාමාටත් සුනිල් ගැන දුක සිතුනි. දෙන්නට කිසිදු ජොබක් නැතිවූ බැවින් මාමට හොද අදහසක් පහල විය…. ගිය සතියේ සත්තු වත්තේ සිටි ගෝරිල්ල මැරුණු හෙයින් සුනිල්ව ගෝරිල්ලෙක් විදියට අන්දවා එලිමහන් කුඩුවට දැම්මේය…..

    දවස් දෙක තුනක් සුනිල් එලෙස වැඩ කරත් කම්මැලි සිටුනු නිසා සුනිල් ගස් වලින් ගස් වලට පැන පැන කරනම් ගැසීමට පටන් ගත්තේය . මෙය දුටු නරබන්නන්ද අතුපුදී ගසා ගෝරිල්ල දිරිමත් කළේය…… මෙයින් දිරිමත් වූ සුනිල් අසල සිංහයාගේ එලිමහන් කුඩුවේ තාප්පය මතද කරනම් ගැසීය….. සිංහයාද ගොරවමින් ගොරිල්ලා දෙසට පැන පැන සිටියේය.හදිස්සියේ කකුල ලිස්සා යාමෙන් සුනිල්ව සිංහයාගේ එලිමහන් කුඩුවට වැටුණි ….. සුනිල්ට තරු පෙනුනි.

    අමාරුවෙන් නැගිට ගත් ඔහු දුටුවේ….. සිංහයා තමන් සිටින පැත්තට එන බවය. සුනිල්ට තරු පෙනුනි. හීන් දාඩිය දැම්මේය ….. හදවත ඉතා වේගයන් ගැසෙන්න විය. සුනිල්ට උන් හිටිතැන් අමතක විය ……

    “බුදු අම්මෝ මාව බේරා ගනියෝ” ලෙස කෑගැසූ සුනිල් පන කඩාගන දුවන්න විය. සිංහයාද සුනිල්ගේ පසු පසින් එලවා ගෙන විත් සුනිල්ගේ කරට පැන සුනිල්ව බිම දාගත්තේය…… සුනිල් දැන් මුනින් අතට වැටි තමාගේ අවසාන බැව් දැන අතපය ගසා අන්තිම සටනට බැස්සේය………….

    සිංහයා උපක්‍රම ශීලීව තම පා සුනිල්ගේ බෙල්ල උඩ තබා හොම්බ කන අසලට ලංකර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    “හු #@$ තෝ මගේ ජොබ් එකට කෙලින්න හදනවාදැයි” ඇසීය

    :rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගෝරිල්ලද එතකොට සිංහයා වෙලා තියෙන්නේ . :lol:
    කාලොචිතයි :rofl:
    idea6.jpg