නීතිය-අවනීතිය 2
අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති.
කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය.
සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත.
පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත.
පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ. පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ. මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ.
කෙසේ වෙතත්, නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ.
source

Para dunna seen ekak tiyenne
මුංට බොරැවක් වත් කියන්න දන්නෑ 