ප(ර්)ල් වරාය
ඔන්න ඉතිං අදත්,කවුරුත් දන්න(නොදන්න
) ~unknown~,හැමෝ ම දන්න දෙයක් ගැන දැනුම බෙදාගන්න ආව.මොකක්ද මේ කවුරුත් දන්න දේ,ඒ තමයි ප(ර්)ල් වරාය(pearl harbour)
.හැමෝම දන්නවනෙ,නොදන්න (පොඩි) අයත් ඇති
.කොහොම හරි මේ ගැන තොරතුරු ටිකක් දැන ගෙන ඉන්න එක කොයිකාටත් හොඳයිනෙ.මොකද ලෝක යුධ ඉතිහාසය ගැන කතාකරද්දි අමතක කරන්න බැරිම දෙයක් තමයි ප(ර්)ල් වරාය.පර්ල් වරාය පිහිටල තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ,හවායි දූපත් ආශ්‍රිතව.මේ වරායට මේ නම ලැබිල තියෙන්නෙ ඒ වරාය අශ්‍රිතව තියෙන මුහුදු ජලය මුතු කැට වැනි නිසා යැයි කියැවෙනව.කොහොම උනත් මුල් වකවානුවේ.ඒ කියන්නෙ 19වන සියවස පමණ කාලයෙදි මේ කලපුව අශ්‍රිතව පැවති නොගැඹුරු මුහුදු තීරය නිසා මේ වරායට සේන්දු උනේ කුඩා වෙළඳ නැව් විතරයි.අතීතයේ හවායි දූපත් පැවතුනේ වෙනම රාජ්‍යයක් ලෙසට.19 සියවස මැද භාගය වන විට ඇමරිකා එක්සත් ජනපදය යුධමය වශයෙන් ශක්තිමත් වෙමින් පැවති අතර,එහි ප්‍රතිඵලයක් ලෙස 1875 හවායි දූපත් රාජ්‍ය සමග එකඟතාවයකට එළැඹෙන්න ඇ.එ.ජ හැකි උනා.ඒ තමයි ප(ර්)ල් වරාය තුළ නාවික අනුකන්ඩයක් පිහිට වීම.මෙම අනුකන්ඩය පිහිටු වීමත් සමග ප(ර්)ල් වරාය ශීග්‍ර දියුණුවක් පෙන් වූවා.එහි ප්‍රතිපලයක් ලෙස,මෙම වරායට අළුත් නැව් තටාකාංගන(docks),දොඹකර(cranes) අදිය එක් උනා.
ප(ර්)ල් වරායට ප්‍රහාරයක්
මෙම බිහිසුණු ඉරනමට,ප(ර්)ල් වරායට මුහුන දීමට සිදු උනේ 2වන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසටයි.දෙවන ලෝක යුද්ධය පැවතුණු වකවානුව ලෙස සැළකෙන්නේ 1939-1945 කාලයයි.මේ යුද්ධයේ දි ඇ.එ.ජ හා ජපානය හිටියෙ විරුද්ධවාදීන් ලෙස,මේ නිසා හැම දේටම හපන් ජපනා 1941 දී ප(ර්)ල් වරායට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කරා,ඒ අනුව ජපාන බුද්ධි අංශ වල සහයද ඇතිව හවායි මෙහෙයුම(Hawaii Operation) සැලසුම් කළා.මේ සැළසුමට අනුව යමින් 1941 දෙසැම්බර් 7 වෙනිදා උදෑසන ප(ර්)ල් වරායට ප්‍රහාරයක් එල්ල උනා.මේ සඳහා ගුවන් යානා 353 ක් සහභාගී වුනා.මෙම ගුවන් යානා අතර ප්‍රහාරක යානා,බෝම්භ හෙලන යානා තිබුනා.මෙම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් විදිහට ඇ.එ.ජ අයත්ව තිබුණු විශාල ප්‍රමාණයේ යුධ නෞකා හතරක් මුහුදුබත් උනා.ඒ වගේම ඇමරිකානුවන් 2,402 මරණයට පත් උනා.
දැන් ඉතින් කතා කරා ඇති.මේ කතාව කියවල කියවල මහන්සිත් ඇතිනෙ(කියවපු අයට
). ඔය කට්ටියන්ගෙ ඇස් දෙකෙන්ම බලාගන්නකො ප(ර්)ල් වරාය.හැබැයි ඉතින් ගොඩක් ඡායාරූපවල තියෙන්නෙ ප(ර්)ල් වරායට ප්‍රහාරය එල්ල කරන මොහොතෙ ගත්ත එව්ව.මේ ඡායාරූප සෑහෙන්න විරල ඡායාරූප කිහිපයක්,ඒත් ඉතින් සමහර අන්තර්ජාල වෙබ් අඩවි වල මෙවැනි ඡායාරූප දකින්න පුළුවන්
Load වෙනකන් පොඩ්ඩක් ඉවසන්න

Add Rep+ If You Like
Last edited:



