~''~'' මේ වස්සාන කාලයයි ''~''~

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
~''~'' මේ වස්සාන කාලයයි ''~''~

~මේ වස්සාන කාලයයි~
“අයං වස්සාන කාලො”


22927418497914155357810.jpg


මේ කාලයේ දී අපේ විහාරස්ථානවල “අයං වස්සාන කාලො” යන පාලි පද පෙළ සඳහන් කර තිබෙනවා. එහි අදහස මේ වැහි කාලය යනු යි. වස් කාලය යනු වැහි කාලයයි. අපේ රටේ වස්කාලය ආරම්භ වන්නේ ජූලි මාසයෙනි. [FONT=&quot]එය ඔක්තෝම්බර් මාසයෙන් අවසාන වෙයි. සිංහල මාස ක්‍රමයට අනුව නම් ඇසළ[/FONT]මාසයේ සිට ඉල්මාසය දක්වා ය.

90343118.jpg




වප් (ඔක්තෝබර්) පොහොය දින සිට ඉල් (නොවැම්බර්) පොහොය දින දක්වා කාලය තුළ පමණක් මෙකී කඨින චීවර පූජා සිදුකර ගත හැක. මෙම මාස දෙක අතර කාලය, චීවර මාසය, යනුවෙන් හැඳින්වේ. එම මාසයක කාලය තුළ මෙම පින්කමට සහභාගි නොවුණහොත් තවත් වසරක් බලා සිටීමට සිදු වේ.

48387571.jpg



කඨිනය යනු කුමක්ද?



කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි.



සමහරක් බලවත් අකුසල කර්ම හේතුවෙන් කුසල කර්ම විනාශ වන අවස්ථා තිබේ. නමුත් කඨින පූජාවෙන් ලැබෙන ආනිසංස වෙන කිසිත් අකුසල කර්මයකින් වළක්වන්නට නොහැකි වේ..එනම්, මෙහි කුසල ශක්තිය විපාක දීමට සමත් නොවන්නේ[FONT=&quot]පංචානන්තරිය අකුසල[/FONT]කර්මයකදී පමණකි. අට මහ කුසල කර්මයන්ගෙන් ප්‍රමුඛ ස්ථානය ලබන කඨින පූජාවඉතාම දුර්ලභපින්කමකි[FONT=&quot].
[/FONT]

[FONT=&quot]
98087175.jpg
[/FONT]


මේවා බුදුදහමෙහි අට මහ කුසල් යනුවෙන් ද හැඳින්වේ


1. කඨින චීවර පූජාව 2. අටපිරිකර පූජාව 3. සංඝාවාස පූජාව 4. සඟසතු කොට දන් පිදීම 5. දහම් පොත් ලිවිම 6. කෙත්වතු පූජාව 7. බුද්ධ ප‍්‍රතිමා ඉදිකිරීම 8. වැසිකිළි සකසා පූජාකිරීම
ඒ අතරින් කඨිනපූජාවට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි.


කඨින චීවර පූජාවෙහි අනුසස්

කඨිනානිසංස, මහත් ඵලය.
ගුණවත් භික්‍ෂූන් වහන්සේට කඨින සිවුරු පූජා කිරීමෙන් මහා කල්ප තිහක් දුගතියට පත් නොවන බව ද දක්වා තිබේ. කඨින සිවුරෙහි කරන ලද ගෙත්තමෙහි ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් සක්විති රජ සැප ලැබේ.
පංචානන්තර්ය පාප කර්ම කළ අයට කඨින පූජාවේ පින් ලැබෙන්නේ, ඒ අකුසල කර්ම ඵලදීමෙන් පසුව ය.
හය වන පැරකුම්බා රජතුමා විසින් රචනා කරන ලද කඨිනානිසංසය නම් පොතෙහි කඨින පූජාවේ ආනිසංස තවදුරටත් සඳහන් වෙයි. කඨිනය සමඟ ඉඳි කටුවක පමණ පූජාවක් තැබීමෙන් ද ලැබෙන පුණ්‍ය කර්මය මහත් ඵලය . මහානිශංසය.


64783578.jpg







වසරකට එක් තැනකදී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාවපිළිබඳ සඳහන් වේ. එම නිසාද කඨින දානය දුර්ලභ පින්කමකි.


-ධර්ම දානය පිනිසයි-
෴ ලොව උතුම්ම දානය - ධර්මදානයයි​෴







 
Last edited:

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
කඨින පිංකම් සමයේ පවත්වන ''කප් රුක් පූජාව'' - ආනිසංස

අට පිරිකර

  • මොනයම් අඩුපාඩුවකුත් නොමැති ආත්ම භාවයක් සදහාද
  • එහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදා ලාභයෙන් අර්හත්භාවයට හේතුවේ


නය

  • රන්වන් සිරුරක් ලැබීම
  • කිලිටි සිරුරක් නොවීම
  • සෝභාමත් සිරුරක් ලැබීම
  • ප්‍රතිපවත් බව ලැබීම
  • සිනිදු සිරුරක් ලැබීම
  • ශ්වේත වර්ණ වස්ත්‍ර පහල වීම
  • ස්වර්ණ වස්ත්‍ර පහල විම
  • රක්ත වස්ත්‍ර පහල වීම


සිවුරු පටි

  • සමාධීන්හි කම්පා නොවීම
  • සමාධියෙහි වශී භාවය ඇතිවීම
  • නොබිදෙන පිරිස් ඇති වීම
  • අනුන් පිලිගන්නා වචන ඇතිවීම
  • එළඔ සිටි සිහි ඇතිවීම
  • බියක් ඇති නොවීම


පාත්‍රා

  • රන්තලි රිදී තලි මැණීක් තලි පරිබොජනයට ලැබීම
  • උවදුරු අනතුරු නැතිවීම
  • සැම කලිහී ගරුතරන්නෙක් වීම
  • ආහාර පාන වස්ත්‍ර සයනාසන ලැබීම
  • භෝග හානි නොවීම
  • ස්තිර සිත් ඇතිවීම
  • සද්ධර්මය තැමති වීම
  • මද කෙලෙස් ඇතිවීම

දැලිපිහිය

  • හැම කල්හි ශූරයෙක් වීම
  • නොවිසුරුනු ස්ත් ඇතිවීම
  • විශාරදයෙක් වීම
  • ධෛර්ය ඇත්තකු වීම
  • පූරුෂ වීර්යය ඇත්තකු වීම
  • අනුබල දෙන සිත් ඇතිවීම
  • කෙලෙස් සිත් සිදලීමට සමත් ශුද්ධ වූ සියුම් ඥානය ලැබීම


ඉදිකටු

  • සැක නැතිවීම
  • සැක සිදීමට හැකිවීම
  • මනා රුව ඇතිවීම
  • තියුණූ නුවණ ඇතිවී ගැඹුරු සියුම් අර්ථයන් දැනගන්නා නුවණ ඇතිවීම
  • වප්ර සමාන නුවණ ඇතිවීම




පෙරහන්කඩ

  • අන්අයට වඩා දීර්ඝායුෂ ඇතිවීම
  • සොරුන්ට හා සතුරන්ට පීඩා කිරීමට නොහැකිවිම
  • ආයුධ හා විෂ වලින් විපතක් නොවීම



ඇඳන්



  • ඇඳන් පිදීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් අගතියක නොඉපිද සත්රුවන් හිමි සක්ව්ති රජව උපන් අප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මගපල ලැබූ සසනදායක ථෙර ආපදානය නිදසුන්වේ.


පුටු

  • උසස් කුලයක ඉපිදීම
  • මහා භෝග ඇතිවීම
  • සියල්ලන්ගේ ගෞරව ලැබීම
  • කීර්තිමත් කෙනෙකු වීම
  • ප්‍රිය වීම

පා පුටු

  • බොහෝ යාන වාහන ලැබීම
  • තමා නිසා ජීවත්වන අඹුදරු සේවකාදීන්ගේ මනා උවටැන් ලැබීම


සබන්

  • 1. ඡවි කල්යාණයෙන් යුතු ප්‍රසාදජනක නිරෝගී කෙනෙකුවීම

කොට්ට

  • අගනා විසිතුරු කොට්ට හිස තැබීමට ලැබීම
  • අෂ්ඨාංගික මාර්ගාදි ධර්ම ඥාණ උපදවා ගැනීමට පහසුවේ.


අල්මාරි

  • හැමකලිහී ලබන ආරක්ෂා ඇතිවිම
  • සැපයෙන් යුක්තවීම
  • මහත් යසස් ලැබීම
  • සියලු අනතුරු වලින් මිදීම
  • මහත් නැණ ඇති කෙනෙකු වීම
  • නොනැසෙන වස්තු ලැබීම
  • බිය නැති තෙනෙකු වීම


හැරමිටිය

  • බොහෝ පුත්‍රයන් ලැබීම
  • තැති නොගන්නා කෙනෙකු වීම
  • අනුන්ගේ පීඩා වලට හසු නොවීම
  • සියලු ආරකෂා ලැබීම
  • චිත්ත පීඩා ඇති නොවීම
 
Last edited:
  • Like
Reactions: Gstar

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ගොඩක් වටින ත්‍රෙඩ් එකක් (Bookmarked ;) )
හැමෝටම පැහැදිලි වෙන විදිහට සරලව කරුණු විස්තර කරලා,පැහැදිලි කරලා තියෙනවා
ගොඩක් පින් අපිත් එක්ක මේ කරුණු බෙදාගත්තට :)
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් (Bookmarked ;) )
    හැමෝටම පැහැදිලි වෙන විදිහට සරලව කරුණු විස්තර කරලා,පැහැදිලි කරලා තියෙනවා
    ගොඩක් පින් අපිත් එක්ක මේ කරුණු බෙදාගත්තට :)
    හායි:P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් (Bookmarked ;) )
    හැමෝටම පැහැදිලි වෙන විදිහට සරලව කරුණු විස්තර කරලා,පැහැදිලි කරලා තියෙනවා
    ගොඩක් පින් අපිත් එක්ක මේ කරුණු බෙදාගත්තට :)

    :):)
     
    • Like
    Reactions: 9dimuthu