9/11 නිව්යෝක් ප්‍රහාරය-Remembering 9/11th“The falling man”

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    9/11 නිව්යෝක් ප්‍රහාරය-Remembering 9/11th“The falling man”

    9/11 නිව්යෝක් ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරයේදි 107 මහලින් ඉවතට වැටෙන මිනිසා ..
    Remembering 9/11th “ The falling man”


    Chamikawpblogspotcom5-4.jpg


    2001/09/11 ඇමරිකානු නිව්යෝර්ක් හි ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වු ත්‍රස්ත්‍ර ප්‍රහාරය
    සිදුව වසර 10 ගත වී ඇත. :eek::eek:
    Chamikawpblogspotcom6-3.jpg


    ප්‍රහාරය එල්ලවෙද්දි ජිවිත බේරාගැනීමට ඉහල මාලවල සිට
    බිමට පනින ලද අය 200 කට අධික විය. :shocked::shocked:
    ඒ අතරින් “ The falling man” ලෙස හදුන්වනු ලැබු මිනිසකු ගොඩනැගිල්ලෙන් බිමට පනින ජයාරූපය කාගේත් කතාබහට ලක්විය..
    නැවතත් මේ ජයාරුපය ගැන කතාබහ ඇති වී ඇත.:rolleyes: :rolleyes:

    මේ ගැන ඔබ දැන සිටියාද? :rolleyes: දැක තිබුනාද? :rolleyes:
    Chamikawpblogspotcom4-4.jpg


    1973 අප්‍රේල් මස 04 වැනිදා නිව්යෝර්ක් හි මැන්හැටන් හි විවෘත වු ලෝක වෙලඳ මධ්‍යස්ථානය සැලසුම් කරන ලද්දේ මිනොරුසු යමසාකි විසිනි.:D
    1966 අගෝස්තු මස 05 වන දින වැඩ ආරම්භ කල මෙහි
    නෝර්ත් ටවර් හෙවත් උතුරු කුළුණ 1972 දී ද,
    සවුත් ටවර් හෙවත් දකුණු කුළුණ 1973 ජුලි මාසයේ ද වැඩ අවසන් කරන ලදි.:) :)

    Chamikawpblogspotcom1-4.jpg


    එකල රු.ඩොලර් මිලියන 400 වියදම් කරමින් මහල් 110 යුතුව නිව්යෝර්ක් නගර මධ්‍යයේ ඉදිවු මෙහි වර්ග අඩි මිලියන 13.4 ඉඩකඩ ප්‍රමාණයක් තිබුණි.:cool:

    (2011 දි නම් වියදම් වුයේ නම් එය
    ඩොලර් 2,169,16,354 වේ)
    :cool:

    1975 පෙබරවාරි 13 ගින්නකටද, 1993 පෙබරවාරි 26 අල්කයිඩා ත්‍රස්ත්‍රවාදි බෝම්බ ප්‍රහාරයකටද ලක්වු මෙය මීට වසර 10 පෙර එනම් 2001 සැප්තැම්බර් මස 11 දින බෝයින් 767 යානා දෙකක් ගොඩනැගිලි වල වද්දවමින් විනාශ කල අතර ඉන් විනාඩි 56 පසු දකුණු කුලුණ බිමට සමතලා වු අතර ඉන් පැය භාගයකට පසුව උතුරු කුළුනද බිමට සමතලා වුයේ මිනිස් ජිවිත 2753 අහිමි කරමිනි. ඒ තවත් අල්කයිඩා ප්‍රහාරයක් ලෙසිනි..
    :eek::eek: :eek::eek:

    AP හෙවත් Associated Press හි වෘත්තිය ජයාරූප ශිල්පියකු වු
    රිචර්ඩ් ඩ්රූ (Richard Drew)

    Chamikawpblogspotcom2-4.jpg


    2001/09/11 උදෑසන 9.41.15 පමණ ඉහත ජයාරෑපයේ දැක්වෙන පුද්ගලයා උතුරු කුලුනින් හිස පොලව දෙසට හරවාගෙන බිමට පනින දර්ශණය රිචර්ඩ් ඩ්රූ ඔහුගේ කැමරාවේ
    ජායරෑප 12 ක් පමණ සටහන් කරගන්නා ලදි. :eek::eek:
    2001/09/12 දින the New York Times පුවත් පතේ 07 පිටුවේ පලවු අතර එමගින් මෙය කාගේත් මනස තුල දුකක් ඇති කල ජායාරූපයක් බවට
    පත්වු අතර එය “ The falling man” ලෙස හදුන්වන්නටද විය.

    Chamikawpblogspotcom3-3.jpg


    මාධ්‍ය විසින් මෙලෙස බිමට පනින ලද අය “jumpers” ලෙස හදුන්වන ලදි. :rolleyes: :rolleyes:
    නැවත කෙදිනකවත් එය පුවත්පතක දැක ගත නොහැකි වු අතර 2006 දි නැවත වරක් the New York Times පුවත් පතේ මුල් පිටුවේ ඉදිරිපත් කරන ලදි. :)

    ප්‍රහාරය සිදුවි වසර 05 පසුව මේ පින්තුරයේ සිටින පුද්ගලයා හදුනාගනු ලැබුවේ ලෝක වෙලඳ මධ්යමස්ථානයේ උතුරු කුලුනේ 106 හා 107 තට්ටුවල පිහිටා තිබු
    Windows On the Wall අවන්හලේ
    43 හැවිරිදි සුපවේදි මයිකල් ලොමෙන්සෝ විසිනි. :)
    ඒ ප්‍රහාරය සිදුවි වසර 05 පසුවයි..:rolleyes:
    ජොනතන් බ්රිලේ නැමති වු මේ පුද්ගලයා නිව්යෝක් මවුන්ට් වර්නන් හි ජිවත් වු ශබ්ද පරිපාලන ඉංජිනේරුවකු වු ඔහු ප්‍රහාරය අවස්ථාවේ
    Windows On the Wall අවන්හලේ සේවය කරමින් සිට ඇත. :)
    2003 දි මේ සිද්ධිය පදනම් කොට ගෙන කෙටි වාර්තා චිත්‍රපටියක් ද සකසන ලදි.
    මේ ඒ වාර්තා චිත්‍රපටයයි..


    ගින්නට හා දුමට හසුව මිය යනවාට වඩා ගොඩනැගිල්ලෙන් ඉවත පැනීම හොද බව බොහෝ විටම ඔහු සිතන්නට ඇති....:rolleyes: :rolleyes:

    මිනිසුන් 2753 මරු කැඳවු 2011/09/11 දිනට ලෝක වෙළඳ මධ්‍යස්ථාන
    ත්‍රස්ත්‍ර ප්‍රහාරය සිදුවි වසර 10 කි..
    එහිදි නැති වු ජිවිතවල කතා බොහෝ ඇත..
    මේ එයින් එකක් පමණි...

    තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
    දැන් උපුටා ගත්තේ මෙතනින්!
    ඔබේ අදහසත් දාලාම යන්න ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Dial Eka Bimata Wetenna Kalinma Eyage Muthun Miththan Lagata Gihin Ethi
    Oka Machan Kawuda Set Ekak Geyak Ethule Indala Full Seen Ekama Shoot Karala Tv Eke Pennuwa Mara Seen Eka Thamai Duka Hithenawa Eka Dakinakota
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැව ගිලෙන්න කලින් වතුරට මියෝ පනිනවලු:eek:
    පව් ජීවීතෙ බෙරගන්න හිතලා පනින්න ඇත්තෙ:(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැමෝම මැරෙන්න බයයි බන් මිනිස්සු 200 විතර ඔහොම පැනල තියනව
    තමන්ට මරණය අනිවාර්ය බව දැනුනහම ගන්න තීරණ ගැන ඒ අද්දැකීම
    නැති කට්ටිය කොහොම තේරුම් ගන්නද




     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    හැමෝම මැරෙන්න බයයි බන් මිනිස්සු 200 විතර ඔහොම පැනල තියනව
    තමන්ට මරණය අනිවාර්ය බව දැනුනහම ගන්න තීරණ ගැන ඒ අද්දැකීම
    නැති කට්ටිය කොහොම තේරුම් ගන්නද





    Uda video eka nam pissu hedenawa. :shocked: :( :sorry:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Uda video eka nam pissu hedenawa. :shocked: :( :sorry:
    අපි එතන හිටියනම් අපිත් සමර විට පනියි බන්
    කට්ටිය ලොකු දේවල් කිව්වට හැමෝම මැරෙන්න බයයි :(
    ඕක කරේ US Gov: එකම කියලත් කියනව
    :baffled:
    planecrash.jpgg75614.jpg