මුහුද හත් ගවුවක් තියන අමුඩ ගහනවා අපේ නිදහස් අධ්‍යාපනය ලබන පිරිස. ඔක්කොටම කලින් දැනට ලංකාවේ ඉන්න දොස්තරලා ලෙඩ්ඩු මරල නැද්ද? ඉන්ජෙක්ෂන් ගහල අත් කපපුව එහෙම ඕන තරම් අහල තියෙනවා අපි නම්.
පෞද්ගලික අත්දැකීමකුත් කියන්නම්. මගේ මල්ලිට අසනීප වෙලා ලොකු තැනකට ගිහින් බෙහෙත් ගත්තම එතන හිටපු එකා කිසි දෙයක් නොබලා දුන්නෙ මීමැස්මොර රෝගයට දෙන බෙහෙතක්. විශේෂඥ වෛද්‍ය වරයෙක්. අපිට ඒ දොස්තරය බෙහෙත් දීපු ක්‍රමය (දොරෙන් ඇතුල් වෙනකොටම බෙහෙත් ලියල ඉවරයි) අල්ලපු නැති හින්ද තවත් තැනකට මල්ලිව පෙන්නුවම කිවේ අම්ලයක් අඩුවීම නිසා සිදුවුණ නිසා ඇති උන රෝගී තත්වය බය වෙන්න ඕන නැහැ කියල.එක පෙති වර්ගයක් පමණක් ලබා දුන්න..ඒකෙන් පස්සේ රෝගය සම්පුර්නෙන්ම සුවයි. අර කලින් බෙහෙත් ලියපු මොට්ට විශේෂඥය මාලඹේ එකෙක් ද?
ප්‍රයිවට් උනත් රජයේ උනත් ඕන දොස්තරයෙක්ට හොඳ ආකල්ප තියෙන්න ඕන. නිසි පුහුණුවත් අත්‍යාවශ්‍යයි. හැබැයි ඔය රජයේ විශ්‍යවිද්යාල වලට රිංගන සමහරක් කට පාඩම් පොතේ ගුරාලාට වඩා ලක්ෂ ගණන් වියදම් කරලා වෛද්‍ය උපාදියක් හදාරන කොල්ලෙකුට දොස්තර කෙනෙක් වෙන්න ලෙඩෙකුට බෙහෙතක් කරන්න උනන්දුවක් ආසාවක් තියෙනවා කියල මට 1000%ක විශ්වාසයි.