මචං "ගාමනී" පිටිපස්සේ ෙනාකියන කතාවක් තියනව රියර් අද්මිරල් සරත් වීරසේකර සර්. කතාවට මූලික වෙන්නේ යුද්ධය ඉවරවෙන්න කලින් උඹලට මතක ඇති තරුණ නිර්මාණ කරුවෙකු වන විමුක්ති (සමාවෙයල්ලා මට වාසගම මතක නෑ උගේ) "සුළග එනු පිණිස" කියල හදපු පළමු සිනමා නිර්මාණයට ඉහලම සම්මානයක් ලැබුණා. "සුළග එනු පිණිස" කියල මෙහේ ප්රදර්ශන කරපු මේ චිත්රපටයට ඉංග්රීසි නම විදියට යොදල තිබ්බේ Forsaken Land -"අතැර දැමූ බිම" කියන නම්. මේ චිත්රපටය තැනිල තිබ්බේ ත්රස්ත තර්ජිත ගම්මානයක ජීවිත වටා. හැබැයි චිත්රපටයේ හැටියට මේ ගම්මානයේ මිනිස්සුන්ට තිබ්බ ලොකුම ප්රශ්නය ත්රස්තවාදය නෙවෙයි. ගෑනුත් එක්ක හැ**නේ කොහොමද කියන එක. ඒකෙ තිබුණේ බල්ලො බලල්ලු වගේ ගස් අස්සේ පදුරු අස්සේ ශාරීරිකව එක්වන මිනිස්සු ගෑනු ගැන.
චිත්රපටිය පටන් ගන්නේ මෙහෙම.....
පොඩි වලක ග්රාමාරක්ෂක භටයෙක් සහ සොල්දාදුවෙක් ඉන්නව.එකෙක් අනික ගෙන් අහනව,
"උඹ ගංජ ගහල ප්ලේන් එකක ගිහින් තියනවද?. මාර ආතල් බං, හරියට දෙයියෙක් පු* ඇරිය වගේ තේරෙන්නේ"
මේ විකෘතියට විරුද්ධව ඉස්සෙල්ලාම පත්තරයට ලිව්වේ රියර් අද්මිරල් සරත් වීරසේකර සර්. මෙහෙම මර බියේ ඉන්න මිනිස්සුන්ට මේවගේ ලිංගික හැගීම් එන්නේ නැති බව අහන්න දෙයක් නෑ. නමුත් චිත්රපටය සම්පූර්ණයෙන් මේ කාරනා විකෘති කරකවා. කැපවීමෙන් සටන් කරන මිනිස්සුන් ගේ සෙබලුන් ගේ මානසිකත්වය බිද දානවා.
මේ ලිපියට පිළිතුරක් ලියල තිබ්බේ සිංහල සිනමාවේ "මං පොර" කියල හිතං හිටපු තිස්ස අබේසේකර. ඒ ලිපියේ තිබුණේ එකට එක යටි පෙළක් විතරයි. ඒ තමා "නාවික නිලධාරියෙක් මොන පයන්න ද දන්නේ සිනමාව ගැන. සිනමාව ගැන දන්නේ අපි. මේක මාර ම, මාර ම සිරා ම සිරා සිනමා කෘතියක්. අඩෝ! සරත් වීරසේකරයා, තෝ නොදන්න දේ ගැන කට ගහන්නේ නැතුව හිටු. අපි ඉන්නව විවේචන වලට. තොපි මොනවද සිනමාව විවේචනය කරන්න දන්නේ" ඔන්න ඔහොමයි උනේ. මේ සංවාදය ගියේ දිවයින ඉරිදා සංග්රහයේ.
අවාසනාව, මේ නාවික නිලධාරියාට සිනමා පටයක් කරන්න පුළුවන් වෙන කොට අර බමුණා, සිනමා පොර, තිස්ස අබේසේකර චුත වෙලා ගිහින් තියන එක. හිටිය නම් මිනිහට කට උත්තර නැති වෙන හැටි බලන්න තිබුණා.
ස්තූතියි මචං, මේ අංකුර විචාරයට.