කටෙන්_අඳින_චිත්‍ර

නටන්න බැරි මිනිහට පොලවත් ඇදයි කියා කියමනක් ඔබත් අසා ඇතුවාට සැක නැහැ. වැඩබැරි මිනිහාට කොහොමටත් බැරි වුනත් තමන්ගේ සිරුරේ විවිද අඩුපාඩු හෝ පසුකාලීනව ආබාධවලට ලක්වූ සමහර ධෛර්යවන්තයන් කරන දේවල් පරිපූර්ණ සිරුරක් ඇති අයවළුන් පවා නොකරන දේවල්. මේ ලිපියෙන් ඔබට එවැනි දක්ෂයකුගේ කුලසතාවයන් දැක ගත හැකියි.
Doug Landis, උපතින් ආබාධිතයෙකු නොවෙයි. ඔහු තරුණ අවධිය වනතෙක්ම බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක්. එහෙත් ඔහු සිය උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී එම විද්‍යාලයේ පැවති මල්ලව පොර තරඟයක යෙදෙමින් සිටියදී සිදුවූ අනතුරකින් පසුව බෙල්ලෙන් පහල අංශභාග තත්වයට පත්වූ අයෙක්.

සාමන්‍ය ජීවිතයක් ගත කල කෙනෙක් මෙවැනි අවාසනාවන්ත තත්වයකට ලක්වූ පසු ඇදවැටෙන තත්වය ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. කෙසේවෙතත් ඔහු ටිකෙන් ටික ඒ ජීවිතයට හුරුවන විට සිය සැගවී තිබූ දක්ෂතාවයන් තේරුම් ගෙන සිය මුඛයෙන් පැන්සල් පින්තූර ඇදීමට පටන් ගෙන ඇත. මුලින් එය අසීරුකටයුත්තක් වූවත් ක්‍රමයෙන් එය ප්රගුණකරගෙන දැන් ඔහුට ඉතාමත් විසිතුරු ලෙස පින්තූර නිර්මාණය කල හැකියි. එක් පින්තූරයක් නිමවීමට ඔහුට පැය 40 සිට 200 දක්වා කාලයක් ගතවන බවත් සදහන්.
කෙසේවෙතත් මාහට විද්‍යුත් තැපෑලෙන් ලැබුන මෙම පින්තූර පිළිබදව පළමුවරට සැකයක් ඇතිවූයේ පරිගණක මෘදුකාංග ඇසුරෙන් කූඨ ලෙස මෙවැනි පින්තූර ඇදිය හැකි නිසායි. එබැවින් අන්තර්ජාලයේ තවදුරටත් කරුණු සොයන විට ඉහත ඔබට පැවසූ විස්තරය සොයාගන්නට ලැබුනා. ඒවගේම ඔහු පින්තූර අදින අයුරු ඇතුලත් සේයාරූද ලැබුන අතර ඒවාද මෙහි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙනවා.
කොහොමද වැඩ??

උපුටා ගැනීමකි....