මර්වින් සිල්වා මැරයෙක් ද
කට කැපුවත් කියන්න තියෙන දේ නොබියව කියන, ඡන්ද වෙනුවෙන් නොව තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන මර්වින් සිල්වා ඇමැතිතුමා පුද්ගලිකව මැදිහත් වී මුන්නේෂ්වරම් හි සිදුවීමට ගිය මහා සත්ව බිලි පූජාව නැවැත්වීමත් සමගම වේදනාවට පත් වූ සමහරක් අවජා”ති”කයින් (සිංහල ජා”ති”කත්වයක් නොමැති උදවිය) විලාප තැබීමට පටන් ගෙන ඇති අතර ඒ ගැන මුහුන් පොත් සගයින් තබන ලද සටහන් ඇසුරෙන් මෙලෙස ලියමි.
1979 වසරේ ජුනි 24 වැනිදා කැබිනට් මණ්‌ඩල තීරණයක් මත සත්ව බිලි පූජා තහනම් කර ඇති අතර 1980 වසරේ ජනවාරි 16 වැනිදා සිට මෙරට කිසිදු හේතුවක් මත බිලි පූජා සඳහා සතුන් මැරීම තහනම්ය. මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ සංවිධාන වලින් සත්ව බිලි පූජා වලට විරුද්ධව උද්ඝෝෂණ කළද, මෑතකදී අධිකරණ නියෝගයකින් මුන්නේෂ්වරම් සත්ව සංහාරය තාවකාලිකව අත්හිටවූවද, ඒම අධිකරණ නියෝගය පවා නොසලකා හරිමින් කාලි යකින්නගේ භක්තිකයින් සතුන් දහස් ගණනකගේ බෙලි කපා දැමීමට සූදානම්ව සිටියෝය.
සතුන්ව මරා දැමීමට තව තිබුනේ පැයක් වැනි කාලයකි. හදිසියේ එතනට අමුත්තෙක් පැමිණියේය, සත්ව ඝාතනය තාවකාලිකව නැවැත්වීමට ඉල්ලූ SSP වරයාට පවා සද්ද බද්ද දැමූ මුන්නේෂ්වරම් පූසාරියාට, එම අමුත්තා දුටු විට සුළු දිය පහ නොවුනේ යන්තමිනි.
ඇමතිතුමා පැමිණ ” සත්තු කපන එක නවත්වන්න මම ආවෙ. අද සත්තු කපන්නෙ නෑ ” ආදී ලෙස කියද්දී පූසාරියාගේ දිව ගොත ගැසුනා මිස වචනයක් වත් පිට වුනේ නැත. එතනින්ම අසරණ සතුන් දහස් ගණනකගේ දිවි රැකුනි. එහි සිටි එළුවන්, කුකුළන් ආදී සතුන් දහස් ගණන ආරක්ෂිතව පොලීසියට ගෙන යන ලෙස නියෝග කළ ඇමතිවරයා කා සමගවත් ගැටුමක් ඇති නොකර ඉන් පිට විය. ඉදිරියේදී සත්ව ඝාතනයට විරුද්ධව ප්‍රබල ජන මතයක් තිබේනම් මින් මතුවට මුන්නේෂ්වරම් කාලි යකින්නට සත්ව ලේ රස බැලීමට නොහැකි වනු ඇත.
බිලි පූජාව නැවැත්වීමට උසාවි නියෝගය දී ඇති විටදී මර්වින් සිල්වා එතනට ගොස් ලකුණු දා ගත් බව සමහරුන් කියන්නන් වාලේ කියයි. එහෙත් ඊට පෙර සත්ව ඝාතනයට විරුද්ධව දැමූ නඩුව විභාග කිරීම මේ මස 17 වැනි දා දක්වා දීර්ඝ කල බවත් සත්ව ඝාතනය තහනම් නොකළ බවත් පහත පුවතින් පැහැදිලි වේ.
සතුන් කැපීම තහනම්කර, පසුව උසාවි නියෝගය පැනවුනේ සත්ව ඝාතනයට සිදු කිරීමට පැය කීපයකට කලින් වන අතර, මුන්නේෂ්වරම්හි පූජකයින්ට එම නඩු තීන්දුව නොලැබුනා කීමට ඕනෑ තරම් අවස්තාව තිබිනි. එහෙත් මර්වින්ගේ පැමිණීම නිසා පූජකයින්ගේ සැලසුම් සියල්ලම ව්‍යර්ථ විය. උසාවි නියෝගයට මුවා වී මර්වින් ලකුණු දාගත් බව ඊනියා මානුෂිකවාදීන්™ ඔළුවෙන් හිටගෙන කීවත් මුන්නේෂ්වරම් හි පූජකයින් නම් සත්‍යය හොඳින් දන්නා බව පෙනෙන්නේ, සතුන්ව බේරාගත් එක නිසා මර්වින් සිල්වාට විරුද්ධව පලි ගසා ඇති බැවිනි.
සත්ව බිලි පූජාවක් තිබෙන තැනකට රජයේ ඇමතිවරයෙක් පැමිණ කතා බහ කර එය නැවැත්වීම කිසි සේත්ම නීතිය අභිබවා යාමක් නොවේ. ඒත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මීට පෙර මැදිහත් නොවුනේ ඇයිද යන්න ගැටළුවකි. සිංහලයින් විසින් මෙවැනි සත්ව බිලි පූජාවක් තියා වැරදීමකින් හෝ පූජා භූමියක යම් ශාන්තිකර්මයක් පවා සංවිධානය කළොත් එතනට කඩා වදින පොලිසිය හැසිරෙන ආකාරය ගැන ඔබ හොඳින් දනී. මිතුර, මින් පෙනෙන්නේ සිංහලයින් තමන්ගේ මාතෘ භූමිය තුළදීම අසරණ වී ඇති බව නේද? එසේනම් සුළු ජාතික අයිතිවාසිකම් ගැන කතා කිරීමට පෙර මහ ජාතියේ අයිතිවාසිකම් ලබා ගත යුතු නැද්ද?
වෙනදාට මර්වින් සිල්වාට පඩයක් ගියත් මහා ඝෝෂාවක් කරන ඇටමැස්සී, මාලන්, පිස්සා, බුන්දි, ඩබ්ලිව්3ලංකා ආදී ඊනියා මානුෂවාදී අවජාතික නඩය මේ ගැන සද්දයක්වත් නැත. රටට හතුරුකම් කරන අවජාතිකවාදීන්ගේ ගොං ඇජෙන්ඩා නිසා ඔවුන් දේශද්‍රෝහීන් බව අප හොඳින් දන්නා නමුත් දැන් දැන් ඔවුන් ගෝත්‍රිකයින් බවද පෙනෙන්නට පටන් ගත්තේ ආණ්ඩුවට විරුද්ධ වීමට පමණක් ඇති ගෝත්‍රික මානසිකත්වයට යහපත දැක ඊට ප්‍රසංශා කිරීමට හිත් නොදීම නිසයි. මුස්ලීම් අන්තවාදය ගැන පෙරමුනේ රාළගේ අටුවාවෙන් පළ කරන ලිපියක් ලිපියක් පාසා ආණ්ඩුවටද චෝදනා එල්ල වෙද්දී යහපතට යහපත යැයි කීමට අපි පසුබට නොවෙමු. මීට මාස ගණනකට පෙර සිටම දළදා පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් ගැන ඊනියා කරුණාවකින් යුතුව හඬා වැළපෙමින් කෑ ගැසූ අවජාතිකයින් මුන්නේෂ්වරම් ගැන වචනයක්වත් නොදෙඩුවේ ඔවුන් සිංහලයින්ට විරුද්ධව දෙමළ ජාතිවාදය වෙනුවෙන් පමණක් පෙනී සිටින කුහක වර්ගවාදීන් නිසා නොවේද?
අනෙක් අතට මුන්නේෂ්වරම් හි බිලි පූජාව අවශ්‍ය වුනේ එතනට යන බෞද්ධයින්ට නොව දෙමළ හින්දුන්ටයි. එසේම වෙසක් සමයේදී සිංහලයින් විසින් ගවයින් දහස් ගණන් නිදහස් කළද ගව මසටම ලොල් වූ ජන කොට්ඨාශයක් ඊට මාස කිහිපයකට පසුව දහස් ගණන් ගවයින් මරා දමන්නේ ඔවුන්ගේ ආදි කල්පිත ඉගැන්වීම් කර මත තබාගැනීම නිසාය. ඉතින් සිංහලයින් යනු අමු ගෝත්‍රිකවාදීන් යැයි කියා අපහාස කරන ඊනියා මානුෂිකවාදීන්™ තේරුම් ගත යුත්තේ, තවමත් ගල් යුගයේ තිබූ පුද පූජාවන් කරමත තබාගෙන ඒවා වර්තමානයේදීත් මානුෂික කිරීමට උත්සාහ දරන්නේ සිංහලයින් නොව ඔවුන්ගේ කිඹුල් කඳුළට පාත්‍ර වන උදවියම බවයි.
මේ හරහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුන බවට අඳෝනාවක් ගෙන හැර පාන උදවියගෙන් අපි මෙලෙස අසමු. ඉන්දියාවේ සමහරක් දෙමළ හින්දුන් කාලි වෙනුවෙන් නර බිලි දෙද්දී ඒකත් මේ රටේ ක්‍රියාත්මක කරන්න ගියොත් (දැනටමත් රහසිගතව වෙනවාද යන්න අපි නොදනිමු) එයත් දෙමළ අයිතිවාසිකමක් සේ සිතා අපි නිහඬව සිටිය යුතුද? නො එසේනම් නීතියෙන්ම තහනම් කර ඇති නර බිලි පූජා මෙන්ම සත්ව බිලි පූජාද දැක දැක දෙමළ අයිතිවාසිමක් හෝ සහෝදරත්වයක් ගැන මෙනෙහි කරමින් උඩබලාගෙන සිටිය යුතුද?
ශ්‍රී ලංකාව තුළ ආහාරය පිණිස ඊට වඩා සතුන් ප්‍රමාණයක් මුස්ලීමුන් විසින් මරා දමද්දී මුන්නේෂ්වරම් ගැන විතරම් වද වීම කොතරම් සාධාරනදැයි සමහරක් උදවිය අසයි. ඔවුන්ගේ සිඟිති මොළයට නොවැටහෙන කාරනය වන්නේ ඊනියා දෙවියන්ව සතුටු කිරීම වස් අහිංසක සත්ව ජීවිත දහස් ගණනක් කපා දැමීම කොතරම් නුසුදුසුද යන්නයි. හින්දු ආගම මගින් සතුන්ට අසීමිත කරුණාව දක්වද්දී ලංකවේ රාජ්‍ය ආගම වන බුද්ධාගම මගිනුත් සතුන්ගේ ජීවත් වීමේ නිදහස ආරක්ෂා කර තිබියදී හින්දු ආගමේ නාමයෙන් සතුන් මැරීම කොතරම් උචිතද? තමන් වෙනුවෙන් සතුන් මරන ලද විට දෙවියන් සතුටු වෙනවා කීම බහුදේවත්වයට අනුව පිළිගැනෙන දෙවියන් හෙවත් අපිට නොපෙනෙන තල වල සිටින උසස් උතුමන්ට කරන අපහාසයක් නොවේද? රටේ නීතියෙන්ම බිලි පූජා තහනම් කර තිබියදී නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සතුන් කැපීම උචිතද? එසේ තිබියදීත් රටේ ආහාරය පිණිස මැරන සතුන් ගැන කියමින් මේ මහා අභය දානය අවතක්සේරු කරමින් තැන් තැන් වල කොමෙන්ට් දැමූ අමනයින් ගැන බුද්ධිමත් ඔබ සිතන්නේ කුමක්ද?
මර්වින් යනු බොහෝ උදවිය හරියට හඳුනාගත් චරිතයක් නොවේ. මැරයෙක් ලෙස පෙන්වමින් ඔහු කරන්නේ පොලීසියට පවා ලෙහෙසියෙන් පාලනය කළ නොහැකි දාමරිකයින්ව (ලොව දක්ෂතම ත්‍රස්ත විමර්ශන ජාලයක් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ලොව බිහිසුනුම පාතාලයක් තිබේනම් ලංකාව ගැන කුමන කතාද?) පාලනය කිරීමට සුදුසු ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමේ රඟපෑමක් බව දන්නෝ දනිති. කෘතිමව ගොඩ නගා ගත් මැර ප්‍රතිරූපය නොතිබෙන්නට පූසාරීන්ගේ මන්න පහරවල් වලින් මර්වින් සහ ඔහුගේ ආරක්ෂකයින්ව එදා මුන්නේෂ්වරම් දේවාලය ඉදිරිපිටදී කීතු කීතු වනු ඇත.
තමුන්ගේම ගෝලයෙක්ව ගස් බැඳීම, රූපවාහිනිය දිවයින ආදී රජයට හිතවත් ජනමාධ්‍ය සමගම ගැටුම් ඇති කර ගැනීම, කප්පන් ගන්නවා කියා ආණ්ඩුවේම ඇමති රාජිතගෙන් චෝදනා ලැබීම, තම සමීපතම මිතුරෙක් වන රන්ජන් සමග ප්‍රසිද්ධියේ ගහගැනීමට හැදීම, සිරස සමග කාලයක් තිස්සේ ගැටුම් ඇති කර ගැනීම ආදී බොහෝ දේවල් ඔහු සැලසුම් සහගතවම කරන රඟපෑම් වන අතර ඒවායින් දෙපාර්ශවයන්ටම වාසි සිදු වෙන බව බුද්ධිමතුන්ට අළුතෙන් පැහැදිලි කළ යුතු නැත. කෙසේ නමුත් මේවා එකින් එක පැහැදිලි කළ හැකි වුනත් එය කිරීමට නොයන්නේ ඔහුගේ මැර ප්‍රතිරූපය සුනු විසුනු කර දැමීමට මට අවශ්‍යතාවයක් නොමැති බැවිනි. මර්වින් ගොඩනගාවත් එම ප්‍රතිරූපය යොදා ගනිමින් ගම්පහ ගව ඝාතනය සහ ගව මස් අලෙවිය නතර කරන්න යන විට ඒ ගැන වෙන වෙන කතා කියමින් විරුද්ධ වන්නේ ගව මසට ගිජු මුසල්මානුවන්ම බව නොකියා බැරිය. සත්ව ඝාතනයට විරුද්ධව තැබූ අඩිය පසුපසට නොගෙන එකී විජයග්‍රාහී මානසිකත්වයෙන් යුක්තවම කුරගල, දෙවනගල, මූදු මහා විහාරය, තිරියාය, දීඝවාපිය ආදී ගව ඝාතනාගාර වූ පුද බිම්ද නැවතත් සිංහලයාට අත් පත් කර දීමට මර්වින් ඇතුළු සිංහල ජාතිමාමක බලවේග ගමන් කළ දාට ශ්‍රී ලාංකික දේශපාලනයේ නව පරිච්ඡේදයක් ඇරඹෙනු ඇත.
මර්වින් යනු පරමාදර්ශී චරිතයක් නොවේ, ඔහුගෙන් වැරදි සිදු වන්නට ඇත. ඔහුට අප එකඟ නොවන තැන් බොහෝ තිබේ. එහෙත්… මෙම පෝස්ට් එක දැම්මේ, ඔහු ජාතික වැදගත්කමකින් යුත් වැඩක් කළ බැවින් ඒ ගැන අපගේ ප්‍රශංසාව හිමි විය යුතු බැවිනි, ප්‍රශංසාව ලැබිය යුතු තැන ප්‍රසංශා කිරීමට අපි කුහක නොවන බැවිනි. අනුරාධපුර මහමෙවුනාවේ නීතිවිරෝධී පල්ලිය කැඩූ සිංහලයින් මෙන්ම, කාටවත් කිසිදු හිරිහැරයක්, අපහාසයක් හෝ දේපළ හානියක් නොකර වචන කිහිපයකින් සතුන් “දහස් ගණනකගේ” ජීවත බේරා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ විශාලතම අභය දානය දුන් මර්වින් සිල්වා මහතාද කළේ මහඟු කර්තව්‍යයකි.
so-peramunerala.com