ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?

    ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?

    1728-ZoonosesWeb.gif


    ඔබේ සුරතලාට ඔබ කොතරම් ආදරේද? නමුත් ඔබේ සුරතලා නිසා
    ඔබ ලෙඩ වෙන්න කැමතිද?අනිවාර්යෙන්ම පිලිතුර "නැහැ" කියන එකනෙ
    නමුත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබෙ ගෙදර සුරත්ලේට ඇති කරන
    සුනඛයන් සහ බලලුන් නිසා ඔබට වැලදෙන රෝග ප්‍රමානය අති මහත්
    බොහෝ විට සුරතල් සතුන් ගෙන් වැලදෙන රෝග ගැන කතා කරනකොට හැමෝම හිතන්නෙ
    ජලභීතිකාව ගැනනේ මොකද මාරන්තික ලෙඩේ ඒකනෙ නමුත් තවත් මාරන්තික ලෙඩ ගනනාවක්
    තියන බව ඔබ නොදන්නවා ඇති මේ ලිපියෙන් මම කියල දෙන්න හදන්නේ අන්න ඒ වගෙ සතුන් මගින් වැලදෙන
    (zoonotic diseases)

    නමුත් නිසි දැනුවත් වීම මගින් පහසුවෙන් වලකාගත හැකි මාරන්තික සහ මාරන්තික විය හැකි රෝග කිහිපයක් පිලිබදවයි
    ZoonoticDiseaseTransmission.jpg


    මුලින්ම කියන්නම් කවුරුත දන්න ජලභිතිකාව ගැන තව දුරටත් නොදන්න අය ඉන්නවනම්
    දැනගන්න
    ජලභිතිකාව(Rabies)
    ජලභිතිකාව යනු වලක්වාගත හැකි මාරන්තික වයිරස් රෝගයකි
    trimp6.gif

    මෙය වැලදීමට මූලික ලෙසම බලපාන්නේ ආසදිත සතෙකුගෙ සපාකෑමය
    එමෙන්ම ඕනෑම ක්ශිරපායි සතෙකුට වැලදිය හැකි රෝගයකි ශ්‍රි ලංකාවේ
    ප්‍රදානතම ජලභිතිකා වාහකයා වන්නේ සුනඛයන්ය විශේශයෙන්ම අයාලේ යන සුනඛයනය
    සුනඛයාට අමතරව බළලුන්,නරින්,වවුලන්,මුගටියන් වැනි සතුන් මගින්ද මෙම රෝගය බෝවූ
    අවස්තා වාර්තා වී ඇත.
    ආසාදිත සත්වයෙකුගේ සපාකෑමට අමතරව ආසාදිත සතෙකුගෙ ඛේඨය කෙලින්ම ඇස්,
    නාසය,මුඛය හෝ තුවාලයක් මත තැවරීමෙන්ද මෙය බෝවීමට ඉඩ ඇත.
    rabies.jpg

    ජලභිතිකාව වැලදුන සතෙකුගේ ලක්ශන
    පොදු ලක්ශන
    චර්යා රටාව වෙනස් වීම
    රෝගී පෙනුමක් ඇතිවීම
    ඛේඨය ශ්‍රාවය අදික විම
    ඇවිදීමේ අපහසුතාවයන් ඇතිවීම

    රෝග ලක්ශන ප්‍රදාන ආකාර දෙකකි
    "Furious" Form
    images


    මෙම ලක්ශන දරන සතුන් බොහෝ විට දකින දකින ජීවී අජීවී සියලු දේ
    හැපීමට පෙලබෙන අතර මුඛයෙන් ඛේඨය වැගිරීමද දක්නට ලැබේ.රෝගය උත්සන්න
    වීමත් සමග ආසාදනය වූ සතුන්ට ගිලීමට නොහැකි වේ.
    "Dumb" Form
    Rabies.jpg

    මෙම ආකාරයේදී සතුන්ගේ ගාත්‍රා වලංගු නොවන අතර මොවුන්ට ඇවිදීමට අපහසුය
    එමෙන්ම මොවුන් ඉතා බියසුලු ගතියක් දක්වන අතර ආහාර ප්‍රතික්ශේප කරයි
    මොවුන්ගේ යටිහක්ක සහ මාංශ පේශීන් අක්‍රිය වීම සිදුවේ

    රෝගී මිනිසුන්ගෙ ලක්ශන
    2539.jpg

    ආසාදිත සතෙකු සපාකෑමෙන් දින 30-90ක් අතර කාලයේදී සාමානයෙන්
    රෝග ලක්ශන ඇතිවීම සිදුවේ.රෝග ලක්ශන ඇතිවූ විට මෙම රෝගය
    සුව කල නොහැක
    මුල් රෝග ලක්ශන ලෙස උණ,හිසරදය,තෙහෙට්ටුව ඇතිවන අතර පසුව
    පුද්ගලයන් උමතු ස්වාභාවයක් ගනී.මීට අමතරව ජලයට බියක් දැක්වීමද දැකිය හැක

    රෝගය වලක්වා ගන්නා ආකාරය
    රෝගය වලක්වා ගත හැකී මූලිකම ක්‍රමය ප්‍රතිශක්තී කරණයයි
    මෙය රෝගයට නිරාවරනය වීමට පෙර සහ පසු සිදු කල හැක
    rabiesvaccine.jpg


    රෝගයෙන් ආරක්ශාවන ආකාරය
    සැක කටයුතු සතෙකු සපා කෑ විගස තුවාලය සබන් යොදා ගලාගන යන ජලයෙන්
    මනාව සෙදීම අනිවාර්යෙන් කල යුතුය.ඉන්පසු හැකි ඉක්මනින් වෛදය උපදෙස් ලබා ගත යුතුය

    Toxoplasmosis
    Toxoplasma_gondii_tachy.jpg

    මෙය Toxoplasma gondii නම් ඒක සෛලික පරපෝශිතයා මගින් ඇතිවන බළලුන් මගින් බෝවන රෝගයකි
    මෙම පරපෝශිතයා නිරෝගි පුද්ගලයෙකුගේ සිරුරට ඇතුල් උවද බොහෝවිට
    රෝගී තත්වයක් ඇති නොකරයි
    කෙසේ නමුත් ගර්භනී මව්වරුන් සහ ප්‍රතිශක්තීකරන පද්දතිය අඩපන වී ඇති පුදගල
    සිරුරට ඇතුල් වූ විට රෝගී තත්ව ඇති කිරිම සිදුවේ
    Toxoplasma_LifeCycle_BAM1.gif

    පරපෝශිතයන් දේහයට ඇතුල් වන ආකාරය
    නොදැනුවත්ව සිදුවන බළල් මල ද්‍රවය ශරීර ගතවීම මගින් පරපෝශී බිත්තර දේහයට ඇතුල් වීම සිදුවේ
    එමෙන්ම බළල් මල ද්‍රවය වලින් අපවිත්‍ර වූ පලා වර්ග ආදිය නිසි ලෙස උයාගැනීමෙන තොරව ආහාරයට ගැනීමත්
    පරපෝශිතයා ශරීර ගත්වීමට හෙතු වේ
    මීට අමතරව ආහාර පිසීමට උදව් වන පිහි පරපෝශිතයන් සහිත මස් ආදිය කැපීමට භාවිත කිරීමද ආසාදනයට හෙතුවකි
    එමෙන්ම පරපොශිතයන් සහිත ජලය පානය කිරිම පරපෝශීන් ආසාදිත සිරුරකින් සිදුවන අවයව බද්ද කිරීමද ආසාදයනට හෙතු වේ.
    toxoplasmosis.jpg

    ගර්භනී මව්කට ආසාදය වූ පසු පරපොශිතයා කලලයට ගමන් කරන අතර මෙමගින් බිහිවන ලදරුවාටද රෝගය ඇති කරයි

    Toxoplasmosis3.jpg

    ආසාදිත බළලුන්ගේ ලක්ශන
    මොවුන් බොහෝවිට රෝග ලක්ශන නොදක්වයි මෙනිසා බළලා ආසදිතදැයි දැන ගැනීම ඉතා අපහසුය


    ආසාදිත මිනිසුන්ගේ ලක්ශන
    රොග ලක්ශන විවිදාකාරය
    ඇතැම් පුද්ගලයන්ට උණ තත්වයක්, ඉදිමුනු වසා ගැටිති සහ මස්පිඩු වේදනාව දැකිය හැක
    දරුනු ආසාදනයන් වලදී පරපොශිතයා මොලයට, ඇස් සහ වෙනත් අවයව වලට හානි පමුනුවයි
    කලලයට සිදුවන ආසාදනයන් මගින් ඇතිවන ලදරුවන් මුල් කාලයෙදී රොග ලක්ශන නොපෙන්වුවද පසු කාලිනව
    රොග ලක්ශන පෙන්විය හැක
    කලාතුරකින් ලදරු ආසාදන ඉතා දරුනු වන අතර මොලයට සහ ඇස් වලට දරුනු හනී ඇති වීම සිදුවේ
    3430_3456_2.JPG


    රෝගයෙන් ආරක්ශාවන අන්දම
    පස් ආශ්‍රිත කටයුතු සිදු කිරීමේදී නිරතුරුවම අත් මේස් පැලදීම
    බළලුන් සිටින ස්තාන පිරිසිදු කිරීමෙන් පසු සබන් යොදා අත් සෝදා ගැනීම
    අමු මස් කැපීමෙන් පසු කැපීමට ගත් සියලු උපකරන උණු ජලයෙන් සේදීම කල යුතුය
    මස් කෑමට පෙර 160C උශ්ණත්වයේ පමන පිස ගත යුතුය
    බළලුන් සිටින ස්තාන දිනපතා පිරිසිදු ලක යුතුය
    බළලුන් සදහා අමු මස් ලබා නොදිය යුතුය මෙමගින් බළලුන්ට රෝගය වැලදීමට ඉඩ ඇත.
    ඔබ ඇති කරන බලලුන් නිවස තුලම තබාගත් යුතු අතර අයාලේ ගැවසෙන බලලුන සමග ගනුදෙනු කිරීමට ඉඩ නොදිය යුතුය
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Toxocariasis
    මෙය සුනඛයන්ගෙ බඩවැලේ ජීවත්වන (Toxocara canis)
    සහ බළලුන්ගේ ආමාශයේ ජීවත් වන(T. cati). යන පණූවන් නිසා
    ඇතිවන රෝගී තත්වයකි.
    Toxocara_egglarva2.jpg

    මෙම පනුවන් සුනඛ පැටවුන්ට ආසාදනය වන්නේ ආසාදිත සුනඛ මවගෙන්ය
    මෙම ආසාදනය පැටවුන් බිහිවීමට පෙර කලල අවස්තාවෙදී සහ බිහිවූ පසු කිරි වලින් සිදුවිය හැක
    මෙලෙස ඇතුල්වන නොමේරූ පනුවන් පැටවුන්ගේ බඩවැලතුල සීග්‍රයෙන් වර්දනය වී බිත්ත්‍ර නිපදවිමට පටන් ගනී
    පැටවුන්ගේ මල සමග පිටවන බිත්තර වලින් බාහිර පරිසරය තුලදී ආසාදිත (infective larvae)
    අවස්තාව ඇතිවේ
    මෙම ආසාදිත නොමේරූ පනුවන් සහිත ආහාර ශරීරගත වීමේන් මිනිසාගේ දේහය තුලට පනුවන් ඇතුල් වීම සිදුවේ
    මෙම ආසාදිත නොමේරූ පනුවන් මගින් ප්‍රදාන ආකාර දෙකක රෝග තත්ව ඇති කරයි

    Toxocara_LifeCycle_BAM.gif



    එම ආකාර දෙක නම් Ocular larva migrans (OLM)

    toxocariasis1.jpeg

    මෙහිදී
    නොමේරූ පනුවන් ඇස් තුලට ගමන් කරන අතර එමගින් ඇස් නොපෙනීම ඇති කරයි
    අනෙක් අකාරය නම් Visceral larva migrans (VLM)
    එනම් දේහ අවයව තුලට නොමේරූ පනුවන් ගමන් කිරීම තුලින් අවයව ඉදිමීම
    ස්නායූ ආභාද ඇති කිරීම සිදුවේ.
    මෙම නොමේරූ පනුවන් නිසා ඇතිවන රෝගී තත්ව බොහෝවිට ඇතිවන්නේ කුඩා ලමුන්ගේ වන අතර වැඩිහිටියන්ගේ
    රෝගි තත්ව ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදුවේ

    රෝගය වලක්වා ගන්න අකාරය
    ඔබගේ සුනඛයන්ට බලලුන්ට පනුවන් මර්දනය සදහා නිසි බෙහෙත් නිසි මාත්‍රාවෙන් නිසි කාල අන්තර තුලදී ලබාදීම
    සුරතල සතුන් සහ පස් ආශ්‍රිත කටයුතු කිරීමෙන් පසු හොදින් සබන් යොදා අත් සොදා ගැනීම
    සුරතල් සතුන් සිටින ස්තාන දිනපතා පිරිසිදු කිරිම

    Sarcoptic Mange
    මෙය ඇසට නොපෙනෙන sarcoptes නැමති mites
    වර්ගය නිසා ඇතිවන රොගී තත්වයකි.

    Sarcoptes.gif


    මෙම රෝගී තත්වය ඕනෑම වයසක සිටින සුනඛයන් හට වැලදිය හැකිය
    මෙම රෝගී තත්වය සහිත සුනඛයන් සමග සෙල්ලම් කිරිම ආදිය නිසා මෙය මිනිසාට ආසාදනය වීම
    සිදුවේ.

    sarmang2.jpg

    සුනඛයන්ගේ රෝග ලක්ශන
    දේහය පුරා ලොම් හැලී යෑම
    කැසීම
    සමේ තුවාල ඇතිවීම

    Picture_201.jpg


    මිනිසුන්ගේ රෝග ලක්ශන
    සම ආශ්‍රිත ආසාදන (rash) ඇතිවීම සිදුවේ

    317699-25021-50.jpg


    රෝගය වලක්වා ගන්නා ආකාරය

    ඔබගේ සුනඛයාගේ සම ආශ්‍රිත රෝග වලට නොපමාව ප්‍රතිකාර ලබාදීම
    ඔමගේ සම ආශ්‍රිත කැසීම් රතු ලප ඇති උවහොත ඒ සදහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම
    ඔබගේ සුනඛයා අයාලේ යන රෝගී සුනඛයන් සමග ගැටීමේන් වලක්වාඅ ගැනිම

    ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා කියවලා බලන්න;);)
     
    • Like
    Reactions: gceal

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    Black%2BGerman%2BShepherd.jpg


    අපේ ගෙදර ඉන්නෙ බල්ලෙක්.මේකෙක්:P.

    කොහොම උනත් වැදගත් තොරතුරු ටිකක්

    rep+
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Good post:) Rep denna nam belu..

    Good thread. Thanks 4 sharing :D

    :shocked: baya hithenawane banz,.. :shocked:

    maxxa bro maxxa ane Rep denna nm epalu :(

    Good thread..thanx docs....:D:D

    wow good thread bro
    rep+


    Good Post machan
    Elakiri

    Machan meka nam sira thread eka thanXz 4 da share REP+++ we must be aware of trhis situatioOon aniva nikan amaruve venna one nane!!


    බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා..
    රෙප් +10

    ස්තුතියි යාලුවා
    thanks a lot:P:P:P:D