ඡායාරූප මුද්‍රණය Photo prints

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඡායාරූප මුද්‍රණය Photo prints

    මේ දවස් ටිකේම මම උඹලට යමක් ගැන විස්තර ටිකක් දුන්න වගේම ඔන්න අදත් ආවා ගොඩක් කස්ටිය නොදන්න දෙයක් කියල දෙන්න.
    දන්න කස්ටිය බොහෝ ඇති..නොදන්න කස්ටියත් බොහෝ ඇති. දන්නවා වගේ ඉන්න නොදන්න කස්ටියත් ඇති..ඔය හැමෝටම මෙන්න අද ඡායාරූප මුද්‍රණය ගැන විස්තරයක්.

    අද කාලෙ ගොඩක් අය ළග කැමරා තියෙනවා. ඒවා බොහෝ විට ඩිජිටල් කැමරා.. රීල් දාන කැමරා දැන් අභාවයට ගිහින්..ඒක නිසා හැමෝම මෙමරි කාඩ් එකකට තමයි ෆොටෝ සේව් කරගන්නේ..ඩිජිටල් කැමරා නැතිවුනත් අපි ගොඩක් අය ගාව කැමරා ෆෝන් තියෙනවා. කැමරාකරණය ගැන ඉගෙනගත්තෙ නැතත් පුලුවන් විදිහට කොහොම හරි ඒවා වලින් ෆොටෝ ගන්නවා..ගොඩක් අය ඒවා මුද්‍රණය කරන්නෙ නැතුව අවශ්‍ය විට බලන්න කොහෙ හරි සේව් කරනවා.
    ඒත් සමහරු
    මුද්‍රණය කරනවා.. මේ විස්තර ඒ මුද්‍රණය කරන අයට වැදගත් වෙයි..

    සාමාන්‍යෙයන් දැන් හැම තැනම කලර් ලැබ් වැහි වැහැල තියෙනවා..අපි ෆොටෝ එකක් ප්‍රින්ට් කර ගන්න ගියහම සමහර විට ඒවා වලින් දාන සමහර අලුත් වචන වලින් අපි කොර වෙනවා.. අපි දන්නෙ නැති නිසා.. ඒත් මෙන්න දැනගන්න..

    ලැබ් එකක
    මුද්‍රණය කරන්න පුලුවන් ෆොටෝ එකක තියෙන්න ඕනි ලක්ෂණ කීපයක් තියෙනවා..
    1. ආර්.ජී.බී. පාට RGB
    colours ඒ කියන්නේ Red Green Blue කියන පාට තුනෙන් තමයි අපි දෙන ඕනම ෆොටෝ එකක් මුද්‍රණය වෙන්නෙ.. අපි සී.එම්.වයි.කේ. CMYK Colours වලින් ෆොටෝ එකක් දුන්නොත් ඒක හරියට මුද්‍රණය වෙන්නෙ නැහැ..ඒක නිසා අපි හැම තිස්සෙම මුද්‍රණය කරන්න දෙන ෆොටෝ එක ආර්.ජී.බී. පාට RGB colours වලින් දෙන්න ඕනි..(සාමාන්‍යෙයන් හැම කැමරා එකකම ගන්න ෆොටෝ ආර්.ජී.බී. පාට RGB colours වලින් තමයි සේව් වෙන්නෙ.;);))
    2. අපි හැම තිස්සෙම මුද්‍රණය කරන්න දෙන ෆොටෝ එකේ රෙසයූෂන් එක 300 ක අගයකට තමයි දෙන්න ඕනි..එතකොට තමයි කොලිටි එක නියම ගානට එන්නෙ..සමහර ලැබ් වල තියෙන මුද්‍රණය යන්ත්‍රවලින් 300 ට වඩා තියෙන ෆොටෝස් ප්‍රින්ට් වෙන්නෙ නැහැ.. ඒක නිසා අපි හැම තිස්සෙම රෙසයූෂන් 300 තියෙන ආර්.ජී.බී කලර් RGB coloursතියෙන ෆොටෝ එකක් මුද්‍රණය කරන්න දෙන්න ඕනි..:yes::yes:
    රෙසයූෂන් 300 අඩු ෆොටෝ එහෙමත් තියෙනවා..ඒවා වල කොලිටි එක ටිකක් විතර අවුල්..

    .....................................................................................................
    ඊළගට අපි බලමු ෆොටෝ වල සයිස් එහෙම
    ලැබ් එකක මුද්‍රණය කරන්න පුලුවන් ෆොටෝ එකක සයිස් කීපයක් තියෙනවා..

    1. පෝස්කාඩ් සයිස් කියන්නෙ අපිට හුරු පුරුදු සයිස් එකක්..
    අපි ඉස්සර ඉදන්
    මුද්‍රණය කරන ෆොටෝස් වල සයිස් එක මේක තමයි.
    ඒකෙ සයිස් එක වෙන්නෙ උස අගල් 3.5 - පළල අගල් 5 යි.
    ලැබ් වලදී මේ සයිස් එකට කියන්නෙ 3R කියල..:baffled::baffled:

    2. ඊට පස්සෙ තියෙන සයිස් එක තමයි ජම්බො සයිස් එක කියල අපි ඉස්සර කිව්වෙ..මේක
    උස අගල් 4 - පළල අගල් 6 යි.අද කාලෙ වෙද්දි වැඩිපුරම ජනප්‍රිය මේ ප්‍රමාණයේ ෆොටෝස් තමයි...
    ලැබ් වලදී මේ සයිස් එකට කියන්නෙ 4R කියල..:baffled::baffled:

    ඊට පස්සෙ තියෙන සයිස් ටිකත් එක්ක ඔක්කොම ටික මම චාට් එකක් විදිහට දාන්නන්..

    3R - උස අගල් 3.5 - පළල අගල් 5 යි.
    4R - උස අගල් 4 - පළල අගල් 6 යි.
    5R - උස අගල් 5 - පළල අගල් 7 යි.
    6R - උස අගල් 6 - පළල අගල් 8 යි.
    6RW :shocked::shocked::oo::oo: මොකක්ද මේ W එක??:P:P
    ඒ කියන්නෙ
    උස අගල් 6 තියෙද්දිම පළල ඊළගට තියෙන සයිස් එක දක්වා ලොකු වෙනවා.. ඒකියන්නෙ උස අගල් 6 - පළල අගල් 10යි.
    8R - උස අගල් 8 - පළල අගල් 10 යි.
    8RW- උස අගල් 8 - පළල අගල් 12 යි.
    10R - උස අගල් 10 - පළල අගල් 12 යි.
    10RW- උස අගල් 10 - පළල අගල් 15 යි.
    12R - උස අගල් 12 - පළල අගල් 15 යි.
    12RW- උස අගල් 12 - පළල අගල් 18 යි.

    ඔය ටික තමයි සාමාන්‍යෙයන් එනිනෙදා භාවිතා කරන්නේ..ඊට අමතරව තව ගොඩක් සයිස් තියෙනවා..
    ඒවා හැබැයි ගොඩක් දුරට පළල අගල් 30න් සීමා වෙනවා..(ලංකාවෙ දැනට තියෙන්න උපරිම පළල දාන්න පුලුවන් මැෂින් එක අගල් 30 යි දාන්න පුලුවන්..දිග ඇති තරම් දාන්න පුලුවන්;);))


    දැන් මම උඹලට කියල දෙන්නම් ලංකාවෙ සම්මත ඡායාරූප කිහිපයක සයිස් ටිකක්..:shocked::shocked:

    මෙන්න එහෙනම්
    ..
    1. ජාතික හැදුනුම්පතේ එන ඡායාරූපයේ සයිස් එක දන්නවද?
    ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් අයිඩින්ටි කාඩ් එක අරන් බලන්න පොඩ්ඩක්..
    මෙන්න ඒකෙ සයිස් එක..
    පළල අගල්
    0.875 යි. උස අගල් 1.375
    (වර්ණ ඡායාරෑපයක්)

    මේකෙදි අපි කැමරාවට කෙළින්ම මුහුණ දීල නෙමෙයි ඡායාරූපය ගන්නෙ.පොඩ්ඩක් දකුණු පැත්තට ඇල වෙලා..හරියටම කියනවනම් දකුණු කණ ඡායාරෑපයට පේන්නෙ නැති වෙන්න ඕනි..ඒ කියන්නෙ ඒ තරමට අපි ඇල වෙන්න ඕනි..මේක
    මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් දාන්නෙ නැහැ..මේන්න උදාරණයක් (මේක මම ගත්තේ ගූගල් එකෙන්..අයිති කෙනා මුකුත් හිතන්න එපා..)
    images


    2. රට යන්න හදන පාස්පෝට් එකේ ඡායාරූපයේ සයිස් එක දන්නවද?
    ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් පාස්පෝට් එකත් අරන් බලන්න පොඩ්ඩක්..
    මෙන්න ඒකෙ සයිස් එක..
    පළල සෙ.මීටර 3.5
    යි. උස සෙ.මීටර 4.5
    (වර්ණ ඡායාරෑපයක්)

    මේකෙදි අපි කලින් වගේ ඇදේට නෙමෙයි ඉන්නේ..කැමරාවට කෙළින්ම මුහුණ දීලයි ඡායාරූපය ගන්නෙ.
    මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් මේකෙදිත් දාන්නෙ නැහැ..මේන්න උදාරණයක් (මේකත් මම ගත්තේ ගූගල් එකෙන්..අයිති කෙනා මුකුත් හිතන්න එපා..)
    220px-Passport_of_Sri_Lanka.jpg

    newsakor.jpg



    3. අපි ඊළගය බලමු අපි පොඩි කාලෙ හදපු තැපැල් හැදුනුම්පත (තැපැල් අයිඩින්ටිකාඩ් එක) ඡායාරූපයේ සයිස් එක
    ගොඩක් අය දන්නෙ නැහැ..දැන් පුලුවන්නම් පාස්පෝට් එකත් අරන් බලන්න පොඩ්ඩක්..
    මෙන්න ඒකෙ සයිස් එක..
    පළල අගල්
    2.25 යි. උස අගල් 3.25
    (දුඹුරු - සුදු ඡායාරෑපයක්
    Broun & white)
    මේකෙදිත් කෙළින්ම කැමරාවට මුහුණ දීල තමයි ෆොටෝ එක ගන්නෙ..
    හැබැයි මේක මුද්‍රණය කරද්දි වටේට බෝඩර් එකක් දානවා සුදු පාටින්..මේන්න උදාරණයක්
    2q32l4o.jpg


    තව සයිස් ගොඩාක් තියෙනවා..දැනට ඔය ටික ගොඩක් වටිනවා කියල හිතනවා..ඉතුරු ටික පස්සෙ දාන්නම්..
    ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''


    ආ....තව දෙයක්..මේක ගොඩක් වැදගත් වෙයි හැමෝටම..
    ඔය වගේ පාස්පෝට්, නැෂනල් අයිඩී කාඩ්, වගේ ෆොටෝ ගද්දි ලැබ් වලින් රැ.200-300 ක් වගේ ගානක් ගන්නව මම දන්න විදිහට ෆොටෝ 4 ක් විතර දෙන්න..
    ඉතින් දැන් සයිස් දන්න එකේ...කැමරාවකුත් තියෙනවනම්...ගෙදරදිම එක 4R එකකට ඔය ෆොටෝස් 2,3 ක් දාගෙන ගියානම් ලැබ් එකකින් රු.15ත් 20ත් අතර ගානකට පහසුවෙන්ම කරගන්න පුලුවන්..;);)


    මෙන්න 4R එකකට තැපැල් හැදුනුම්පත් ඡායාරෑප දෙකක්ම දාලා..;);)
    2afdef5.jpg
    මෙන්න බලන්න 4R එකකට ජාතික හැදුනුම්පත් ඡායාරෑප දාලා තියෙන තොගේ..;);) අපිට 4R 1ක් ගත්තොත් අයි.ඩී.සයිස් ෆොටෝ බර තොගයක් ගන්න පුලුවන්..:yes::yes:
    25rjs3m.jpg


    ඉතින් ආයිත් ලැබ් වලට ගිහින් නොදන්න වචන වලට කොර වෙලා..බර ගාණක් වියදම් කරල ෆොටෝ ගන්න කලින් මේ විස්තර ටික දැනගෙන හිටියනම් ඉවරයි නේද? :yes::yes::yes:
    ...................................................................................
    දන්න දේවල් ටිකක් තියෙනවා තව..නොදන්න දේවල් ගොඩා....ක් තියෙනවා තව... දන්න ටික හරි බෙදා ගන්න ලැබිච්ච එක සන්තෝසයි එලකිරි යාලුවො එක්ක..:yes::yes:

    පාඩම අදට ඉවරයි..;););)


    කළින් පාඩම්..
    පත්තරේ සයිස් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1192598

    මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1191924
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ එලකොල්ලෙක් නේ මචන් !
    දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්ත..

    Tread ඒකේ ඉතුරු කොටසත් ඉක්මනටම දාපන් !

    රෙප් බෑ ලු..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මගේ නම් passport, driving licence, visas..etc ඔය ඔක්කොටම දුන්නෙ මං ගෙදරදී ගනිපු photos. නිකන් studio වලට සල්ලි දෙන්නෙ මොකටද.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නෙ නැති දෙයක් තියෙනවනම් අහන්න..දන්නවනම් මම කියල දෙන්නම්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ නම් passport, driving licence, visas..etc ඔය ඔක්කොටම දුන්නෙ මං ගෙදරදී ගනිපු photos. නිකන් studio වලට සල්ලි දෙන්නෙ මොකටද.
    :yes::yes: එල එල..අන්න නියම වැඩ කාරයෝ..එල මචන්:yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    නියමයි දන්නෙ නැති දෙවල් ගොඩක් දැන ගත්තා:yes:
    රෙප් දෙන්න බැලු:(
    2afdef5.jpg

    මෙ දාල තියෙන පින්තුරෙ ඉන්නෙ උබද;)