Bread Pudding හදමු!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    විවේකය අඩු නිසා කාලෙකින් විශේෂ යමක් හදන්න බැරි උනා!!
    කාලෙක ඉදලා අපේ යාලුවෝ කීප දෙනෙකුගෙන් ඉල්ලීමක් තිබුණා අතුරුපසට යමක් හදන්න කියලා!! ඒ නිසා මම අද හදන්න යන්නෙ පුඩින් වලින් සරළම එකක් වන පාන් පුඩිමක්!!
    වැඩිය අනං මනං නැති වුනත් රසෙන් අඩුවක් නෑ!!

    අවශ්‍ය දේවල් -

    BP1-1.jpg


    දිනක් පරණ පාන් ගෙඩියක්
    බිත්තර 4ක්
    උකුකිරි (ටින් කිරි) ටින් එකක්
    සීනි ග්‍රෑ 100ක්
    සුල්තානා (මුද්දරස්පලම්) ග්‍රෑ 100 -150ක්
    මාජරින් ග්‍රෑ 150 -200ක්
    වැනිලා එසන්ස් තේහැදි 2ක්
    අගල් 10 -12 කේක් තැටියක්

    BP2.jpg


    පාන් පෙති වල මාජරින් ගාගෙන කුඩා කැබළි වලට කපා හෝ කඩා තැටියට දමන්න.

    ඒ මතට සුල්තානා දමන්න.

    BP3.jpg


    ටින්කිරි ටින් එක කඩා භාජනයකට දමා වතුර ටින් 2ක් පමණ දමන්න.
    (ඒ වෙනුවට නැවුම් කිරි හෝ පිටිකිරිද වැඩිපුර සීනි දමා භාවිතා කළ හැකිය.)
    සීනි, බිත්තර සහ වැනිලා දමා හැන්දකින් තරමක් ගසා ගන්න.

    BP4-1.jpg


    තැටියේ ඇති පාන් 90% ක් පමණ හොදින් පෙගෙන සේ කිරි මිශ්‍රණය වත්කරන්න.
    ඉන්පසු පැය 1/2ක් පමණ පසෙක තබන්න.

    BP5-1.jpg


    සෙන්ටිග්‍රෙඩ් 180ක පමණ ඌෂ්ණත්වයේ විනාඩි 25-30ක් කිරි මිශ්‍රණය ඝණවී උඩ යාන්තම් දුඹුරුපැහැ වන තෙක් පුලුස්සා ගන්න.

    BP6-1.jpg


    මෙන්න මේ වගේ තමා අන්තිමට!!
    මමනම් කැමති උණුවෙන් කන්න!!
    ශීතකරණයේ තබා වුනත් කෑමට ගත හැකිය!!

    මගේ අනෙකුත් කෑම හදන ත්‍රෙඩ්ස්.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1183547
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕක පූසි හදලා තිබ්බා
    එල බං
    රසයි:P:P:P

    මළ කෙළියයි! විළිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ!!උඹලගෙ ගෙදර පූසිත් මේවා හදන්න දන්නවද?? :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුහ්....වැඩේ ආයේ පටන් අරං වගේ නේද කොල්ලා.......:rofl::P:D
    මමත් සෙට් වෙන්නං....:rolleyes:
    හැබැයි රජෝ පළවෙනිදයින් පස්සේ...........:baffled::yes::yes:

    මේ පුඩිම නම් නොම්මර එකයි ඈ.......!!!!!:yes::yes::D:D
    කෙළ හැලේ.......!!!:love::love:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පුහ්....වැඩේ ආයේ පටන් අරං වගේ නේද කොල්ලා.......:rofl::P:D
    මමත් සෙට් වෙන්නං....:rolleyes:
    හැබැයි රජෝ පළවෙනිදයින් පස්සේ...........:baffled::yes::yes:

    මේ පුඩිම නම් නොම්මර එකයි ඈ.......!!!!!:yes::yes::D:D
    කෙළ හැලේ.......!!!:love::love:

    කෙළ හැලේ ඩෙන්ටලේ!!
    හෝදපන් දැන් මලේ!!:lol::lol:

    කෝ නෙලුම් අල උයාපුවා??
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ape ammanan ova hadanava habari.... Rice cooker eke tama hadanne

    ඒකනම් මාර ලේසි වැඩක් වගේ !! අම්මගෙන් විස්තර අහලා දාන්න සහෝ කාටත් වටිනවා!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙළ හැලේ ඩෙන්ටලේ!!
    හෝදපන් දැන් මලේ!!:lol::lol:

    කෝ නෙලුම් අල උයාපුවා??

    දාන්නම් බං.....
    මේ දවස් වල වැඩ අධිකයි.......ගෙදර.....
    පළවෙනිදා පිරිතක් කියවනව - ඒ නිසා.....
    ඊට පස්සේ back to the business...!!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දාන්නම් බං.....
    මේ දවස් වල වැඩ අධිකයි.......ගෙදර.....
    පළවෙනිදා පිරිතක් කියවනව - ඒ නිසා.....
    ඊට පස්සේ back to the business...!!!

    හ්ම්!! ඉවසන්නම්!!!
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ඒකනම් මාර ලේසි වැඩක් වගේ !! අම්මගෙන් විස්තර අහලා දාන්න සහෝ කාටත් වටිනවා!!

    uba hadana vidihama tama..... Oven eke danne nathuva Rice cooker eke danava echcharai.....