ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැදද?????

ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැදද?????

295754_212717408791818_100001606822897_656662_91720929_a.jpg

Facebook හා වෙනත් Social Networks සම්බන්දයෙන් හෝ Internet එකේදි ඔබට අකටයුත්තක් සිදුවී ඇත්නම් වහාම ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න.

උදාහරණ ලෙස..

  • ඔබගේ නමින් වෙනත් Facebook Account එකක් ඇත්නම්,
  • ඔබගේ Facebook Account එක Hack කරලා කියලා දැනෙනවනම්,
  • ඔබගේ Email එක Hack කරලා කියලා දැනෙනවනම්,

ආදි දේවල් සහ ඔබට සිදුවී ඇති අකටයුතු සම්බන්දයෙන් පැමිණිලි කරන්න.

ඒ වගේම මම ඔබට කිවයුතු කරණා කීපයක් ඇත. මේ කාරණා ඔබට කියන්නේ මෙවැනි දේවල් වලින් ආරක්ෂාවීමටයි.

  • ඔබ කිසිම කෙනෙකුට ඔබගේ Password එක දෙන්න එපා. (අඩුම තරමේ හොදම යාළුවට,අම්මට තාත්තටවත්)

  • නොදන්නා Facebook apps Install කරගන්න එපා.

  • ඔබගේ Phone Number එක Facebook එකේ දාන්න එපා.

  • Facebook එකේ තිබෙන Security Option ක්‍රියාත්මක කරන්න.

  • ඔබ නොදන්නා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යන්න එපා.

  • ඒවගේම මේ කරුණ තමයි බෝහෝම වැදගත්.ඒ තමයි කවුරුහරි ඔබ Online ඉන්නවිට ඔබත් එක්ක Chat කරන්න *ඇවිත් ඔබට Link එකක් දුන්නෝත් "ඔයා මේකට ගිහිල්ලා Facebook Account එකෙන් Log වෙන්නකෝ" කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඔයා බැරිවෙලාවත් ඒ Llnk එකට ගිහිල්ලා Log වුනොත්, මෙයා Hacker කෙනෙක්නම් ඔයාගේ Facebook Password එක මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා.

මේ ආකාරයට ඔබව අපහසුතාවයට පත්වෙන ඕනෑම කටයුත්තකදි පහතින් දක්වා ඇති ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න. ඒවගේම මෙවැනි දේවල් ආයේ නොවෙන්නත් වගබලාගන්න ඕන.

මේ පැමිණිලි පිලිබදව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ,අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හා සම්බන්දවයි වැඩ කරන්නේ. ඒ නිසා මෙවැනි හොරු අහුවුනොත් දෙන දඩුවම ගැන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි තීරණය කරන්නේ........

Address - Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,Colombo 07, Sri Lanka

Tel - +94 11 269 1692

+94 11 269 1064
+94 11 267 9888

Fax - +94 11 269 1064

E-Mail - [email protected]

Web Site - http://www.slcert.gov.lk/index.html

►►►►☼ Tharanga ☼◄◄◄◄
 
MCGSLG

Active member
  • Aug 22, 2011
    357
    134
    43
    thank u !!!
    ඇයි මේකේ phone numbr එක facebook account එකේ දාන්න එපා කියල තියෙන්නේ..... ?
     
    thank u !!!
    ඇයි මේකේ phone numbr එක facebook account එකේ දාන්න එපා කියල තියෙන්නේ..... ?

    මේකයි, facebook එකේ වැදගත් උදවිය වගේම වැදගත් උදවියගේ නම් වලින් Fake Profile හදපු පිස්සෝ ටිකකුත් ඉන්නවනේ, ඔයා කැමතිද ඔය පිස්සෝ ඔයාගේ Phone number එකට කතා කරලා ඔයාව බයිට් කරනවට, ඔයාගේ Number එක වෙන නරක මිනිස්සුන්ට දීලා ඔයාව බයිට් කරවන්න දකින්න කැමතිද? නෑ නේ. ඔයාට ඔයාගේ Number එක දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් එයා Online ආවහම Chat කරන ගමන් number එක යවන්න.

    ඔයාට අදුරන්නේ නැති කෙනෙක්ට Number එක දෙන්න ඕනෙනම් එයාට Massege එකක් ගහන්න. මොකද ඕන කෙනෙක්ට Massege ගහන්න පුළුවන්නේ........

    මම මෙහෙම කීවට ඔයාට මම වැරදි කියලා හිතෙනවනම්, ඔයාට කැමති දෙයක් කරන්න. මම මේ ලිපිය ලිවේ Internet එකේ ඉද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියන්නයි.
     
    • Like
    Reactions: C$K

    ඔව් ඔව් එක ඇත්ත..........! thnx :D:D:D:D