The History Of Sri Lanka Rail way!! - ශ්‍රි ලංකාවේ දුම්රිය ගමන්මග අපි නො#

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    The History Of Sri Lanka Rail way!! - ශ්‍රි ලංකාවේ දුම්රිය ගමන්මග අපි නො#

    පසුගිය දා අලව්වේදී සිදුවු දුම්රිය අනතුරත් එක්ක රට පුරාම කෝච්චි ගැන කතාව.. :yes::yes:
    Chamikawpblogspotcom3-5.jpg

    ඒ හදිසි දුම්රිය අනතුරින් රියදුරුවරයකුට වගේම තවත් දෙදෙනෙකුට තම ජිවීතය අහිමි වුනා..
    2.gif


    Chamikawpblogspotcom11-3.jpg


    ඒ ගැන බොහෝ දෙනා දන්නවා ඇති.ඒ ජිවිත නැතිවෙච්ච අයටත් අනතුරින් තුවාල ලැබු හැමටත් ඉක්මන් සුවයත් කණගාටුවත් ප්‍රකාශ කරනවා..
    1.gif


    බොහෝමත් දෙනා කෝච්චි ගමනට කෝච්චි වලට ආස වුනත් මේ දේවල් ඒ කියන්නේ මේ ලංකාවේ අපි යන එන වටපිටාව අලංකාර පරිසරයෙන් යුතු රේල් පාරවල් හැදුවේ මොන කාලයේද කියන එක නම් දන්නේ අඩුවෙන්... :eek::eek::eek:


    අහම්බයෙන් මේ ගැන සඳහන් විස්තර තියෙන පුවරුවක් දැක්කා

    ගාල්ල දුම්රිය ස්ථානයේ තිබිලා... :P:P:P

    අන්න ඒ නිසා හිතුවා මේ ගැන විස්තරයක් දාන්න... :yes:

    ඒ හින්දා ගාල්ල දුම්රිය පොළ පැත්තට ආවොත් පොඩියට තිබුනත් ගොඩාක් වැදගත් මේ පුවරුව බලන්න අමතක කරන්න එපා... :P:P


    Chamikawpblogspotcom8-3.jpg


    මේ තියෙන්නේ ඒ පුවරුව...:D:D

    Chamikawpblogspotcom9-2.jpg


    ඒ පුවරුව සවිකිරීම ගැන ගාල්ල දුම්රිය ස්ථානාධිපති තුමාට
    ස්තුතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුයි. :yes:

    අන්න ඒකෙන් තමා මේ විස්තරය කට්ටියටම බලන්න ඉසව්ව පැත්තට දාන්න පුළුවන් වුනේ.... :D

    ඒ වගේම විස්තරය කියවලා තමන්ගේ අදහසත් දාලා යන්න අමතක කරන්න එපා! :P:P
    1768 දි ජේම්ස් වොට් නැමති පුද්ගලයා ප්‍රථම වාෂ්ප එන්ජිම තනන ලදි.

    ජේම්ස් වොට් :D
    Chamikawpblogspotcom14-2.jpg


    ඉන් නොනැවති 1784 ඩබ්.එම්.මර්ඩොක් නැමත්තා විසින් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන දුම්රිය එන්ජිමක් තනන ලදි..:D

    1804 දි රිචඩ් ට්‍රැවිටික් විසින් පීලි මත වැගන් රථ ඇදගෙන යා හැකි ලෙස එන්ජිමක් තැනු අතරම 1804 පෙබරවාරී 22 දින් එය සාර්ථකව අත්හදා බලන ලදි.එදිනම එය විසින් ටොන් 20 බරක් පැයට සැතපුම් 05 වේගයෙන් සැතපුම් 09 දුර ඇදගෙන යන ලදි. :P:P

    ජෝර්ජ් ස්ටීවන්සන් නැමැත්තා “බ්ලුවර්“ නමින් වු තැනු දුම්රිය මගින් පැයට සැ.05 වේගයෙන් ගල් අඟුරු සහිත වැගන් රථ 08 ක් පහසුවෙන්ම ඇදගෙන යන ලදි.

    “බ්ලුවර්“
    දුම්රිය එන්ජිම
    Chamikawpblogspotcom5-6.jpg


    එසේ ඔහු සැකසු දුම්රිය ඇන්ජිම 1825 දි ලොව ප්‍රථම දුම්රිය මාර්ගය වන එංගලන්තයේ ස්ටෝන්ටන් හා ඩාර්ලිංටන් අතර ගල් අගුරු සහිත වැගන් 06 හා මගී මැදිරියක් හා විවෘත රථ 21 ආසන සවිකරවා සැතපුම් 40 වු මේ දුර ධාවනය කරන ලදි.:cool:


    ප්‍රථම දුම්රිය ගමන

    Chamikawpblogspotcom1-6.jpg


    ජෝර්ජ් ස්ටීවන්සන්
    Chamikawpblogspotcom13-2.jpg


    එම වසරේදී ම වියලියම් ජෝසප් දාරයක් ඇති රේල් පීල්ලක් නිපදවු අතර පසුව එය වෙනස් කල ඔහු රෝදයට දාරය යොදා ඇන්ජිමක් හා රථ ධාවනයට යොදවන ලදි. :D

    ඔන්න ඔහෝම ආරම්භ වු දුම්රියේ කතාවෙන්
    දැන් ලංකාව පැත්තට එන්නයි මේ හදන්නේ... :P:P

    Chamikawpblogspotcom10-3.jpg


    මේ තියෙන්නේ ලංකාව පුරා විහිදි ඇති දුම්රිය ස්ථාන බොහෝමයක්

    හා මාර්ගය පෙන්වන සිතියමක් පැහැදිලි ද මන්දා....;)

    Chamikawpblogspotcom16-2.jpg

    ...

    බොහෝ අයට වැදගත් වේවි කියලා හිතනවා..:D

    ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාර්ග සැකසීම ගැන
    ඉතිහාස කතාව තමා
    කෙටියෙන් මේ තියෙන්නේ....:eek::eek::eek:
    1858 අගෝස්තු 03 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය
    හදන්නට පළමු පස් පිඬ කපනු ලබන්නේ....

    ඒ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා.. :D


    හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා පළමු පස් පිඬ කපමින්..
    Chamikawpblogspotcom6-5.jpg


    මෙසේ වැඩ ආරම්භ කරපු දුම්රිය මාර්ගයේ පළමුවෙන්ම දුම්රියක් ධාවනය කරන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා.

    ඒ කොළඹ සිට අඹේපුස්ස දක්වා...

    1865 ඔක්තෝම්බර් 02 වෙනිදා ඉස්සෙල්ලාම මගී ප්‍රවාහන දුම්රියක්
    අඹේපුස්ස දක්වා ධාවනය කරනවා.

    1866 ජනවාරි 01 වෙනිදා දුම්රිය මඟින් බඩු ප්‍රවාහනය ආරම්භ කරනවා.
    1866 නොවැම්බර් 01 වෙනිදා මහනුවර දක්වා දුම්රිය මාර්ගය දික් කරනවා.
    1867 අප්‍රේල් 25 මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ වැඩ අවසන් කරනවා.
    හරියටම ඊට දවසකට පස්සේ. ඒ කියන්නේ 1867-04-26 වෙනිදා.
    වැඩ අවසන් කල ඒ අලුත් මාර්ගයේ මුලින්ම දුම්රියක් ධාවනය වෙනවා :D

    1867 අප්‍රේල් 30 වෙනිදා කොළඹ කොටුවේ සිට මහනුවරට
    දුම්රියක් මුලින්ම ධාවනය කරනු ලබනවා.
    1867 අගෝස්තු 01 වෙනිදා තමයි මහනුවර දක්වා මගී ප්‍රවාහනය ඉස්සෙල්ලාම පටන් ගන්නේ.
    1873 ජනවාරි 15 ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය දිර්ග කරනවා.
    1884 ජූනි 04 වෙනිදා හැටන් දක්වා දිර්ග කරනවා.


    ලංකාවේ උසම දුම්රිය ස්ථානය - පට්ටිපොල

    Chamikawpblogspotcom7-4.jpg


    දුම්රිය මාර්ගයේ උසම ස්ථානය..

    Chamikawpblogspotcom12-2.jpg


    1888 මැයි 20 වෙනිදා නාණුඔය දක්වා දීර්ග කරනු ලබනවා.


    1924 පෙබරවාරි 05 වෙනිදා වෙනකොට දුම්රිය මාර්ග පද්ධතියේ සංදිස්ථානයක් තබමින් අපේ ලෝකේ තියෙන ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක් අපේ රටට දායාද කරමින් උඩරට මාර්ගයේ වැඩ කටයුතු බදුල්ලෙන් අවසන් කරනවා.:yes::yes::yes:

    උඩරට දුම්රිය මාර්ගයේ ඇති

    බිංගෙවල් සංඛ්‍යාව 46ක්.... ;);)

    දිගම බිං ගෙය හැටන් හා කොටගල අතර තමා තියෙන්නේ
    එය අඩි 1842 ක්..!
    8.gif


    දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බ්ංගෙවල් ගණනක් පිහිටා ඇත්තේ ඔහියත් ඉදල්ගස්හින්නත් අතරයි.

    ඒ බිංගෙවල් 14ක්... :yes::yes:


    Chamikawpblogspotcom17-1.jpg


    1894 පෙබරවාරි 14 කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ නිම කරනවා.
    1903 නොවැම්බර් 01 අනුරාධපුර දක්වා දීර්ඝ කරනවා.
    1900 ජූනි 14 වෙනිදා කන්කසන්තුරේ සිට උතුරු මාර්ගය ආරම්භ කරනවා.
    1905 අගෝස්තු 01 අනුරාධපුරය සිට පලෙයි දක්වා දීර්ග කර
    උතුරු මාර්ගයට සම්බන්ධ කරනවා.


    1914 පෙබරවාරි 24 මන්නාරම දක්වා දීර්ඝ කරනවා.
    1928 මාර්තු 12 මඩකලපු/ ත්‍රිකුණාමලය දක්වාත් 1926 මැයි 12 පුත්තලම
    දක්වාත් දීර්ඝ කරනවා.


    1900 මාර්තු 22 කැළණිවැලි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
    1902 සැප්තැම්බර් 15 අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කරනවා.
    1919 මැයි 02 වෙනකොට ඕපනායක දක්වා වැඩ කටයුතු

    අවසාන කරනවා.


    1900 නොවැම්බර් මාසයේ තමයි ලංකාවේ තිබුනාය කියන
    ලස්සනම දුම්රිය මාර්ගයේ වැඩ
    කටයුතු ආරම්භ කරන්නේ. :cool::cool:

    ඒ කොළඹ - අවිස්සාවේල්ල/ඕපනායක මාර්ගය වගේ

    තවත් පුංචි කෝච්චි පාරක්. :cool:

    ඒ මාර්ගය නානුඔය සිට රාගල දක්වායි.
    1904 අගෝස්තු 15 රාගල දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.

    අද වෙනකොට නානුඔය රාගල මාර්ගයේ කිසිම සලකුණක් දකින්නට ලැබෙන්නේ නෑ.
    2.gif

    මේ මාර්ගය පිළිබඳව තියෙන එකම සටහන නම් නානූඔය දුම්රිය ස්ථානයේ පොළවේ කොටා ඇති රාගල දුම්රිය මාර්ගයේ දිශාව දක්වන සලකුණයි. :D

    Chamikawpblogspotcom19-1.jpg


    රාගල දුම්රිය මග සොයා ගිය ගමනක විස්තර හා ජායාරෑප

    පහත ඇති ඔයාලට බලාගන්න පුළුවන්! :D

    ඒ ගැන විස්තර මහන්සිවෙලා හොයලා එලකිරි එකට දාපු
    ශෙවන්ත සහෝදරයට ස්තුතිය!
    11.gif


    1925 පෙබරවාරි 16 පොල්ගහවෙල දක්වා ද්විත්ව මාර්ගය දීර්ඝ කරනවා.
    1877 මාර්තු 01 මොරටුව දක්වාත් සැප්තැම්බර් 01 පානදුර දක්වාත්
    මුහුදුබඩ මාර්ගයේ වැඩ නිම කරනවා.


    1879 සැප් 22 කළුතර වෙනකන් වැඩ අවසන් කරනවා.
    1890 මාර්තු 31 අළුත්ගම දක්වා දීර්ඝ කරනවා.
    1893 නොවැම්බර් 15 අම්බලන්ගොඩ වෙනකනුත් 1894 මැයි 07
    වෙනකොට ගාල්ල දක්වාත් වැඩ කටයුතු අවසන් කරනවා. :cool::cool:


    1895 දෙසැම්බර් 17 මාතර දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.
    1991 දෙසැම්බර් 27 වෙනිදා මාතර කතරගම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. :D


    අපේ එලකිරියේ ශෙවන්ත ..රාගල දුම්රිය මග සොයා ගිය ගමනේ විස්තර හා ජායාරෑප
    මෙන්න මෙතනින් ඔයාලට බලාගන්න පුළුවන්...

    මෙතනින් බලන්න පුළුවන්..!

    මේ සියල්ලකගේම සාරංශය ගත්තොත් 1858 අගෝස්තු 03 වෙනිදා

    වැඩ ආරම්භ කරන මේ දැවැන්ත මාර්ග පද්ධතියම නිම වෙන්නට ගත වෙන්නේ
    වසර
    70ක් වගේ කාලයක්.

    1928 මාර්තු 12න් මාර්ග පද්ධතියේ වැඩ කටයුතු සම්පූර්ණ වෙනවා.
    :yes::yes::yes::yes:

    මම උපුටා ගත්තේ නම් මෙතනින්!:D
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ado galle neda matin wikramasingha house eka ehema thread ekakata genna idea ekak nedda

    :) අනිවා ...බලමු!!
    කොග්ගල තමා තියෙන්නේ ගාල්ලේ ඉඳලා වැඩි දුරක් නම් නෑ!!

     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    Chamika aiya ithin wedak kaloth aye maxxa ma wewa ne :cool: ;)

    Bohoma isthuthi share kalata :yes: Godak watina thread ekak :)

    Suba Dhavasak Sahodaraya :D
    Budusaranai
    Jaya Wewa ;)