සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතූ
රජකම ගන්න පුතු රජගෙට ගියයි සිතු
අම්මා දනී නම් මේ සරසවියේ තතු
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
අසරණ වෙලා මා මෙහි ලග සිටින විට
රුපියල් දෙකේ බත් අඩුවෙන් යැපෙන කොට
පත්තර බිම එලා රැය ගත කරන විට
කාටත් වඩා මා ගැන දුක සිතුනි මට
සටහන් මිටිය සමනොළ කඳු වැටිය වැනි
නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි
දහදිය මුගුරු සාගාරයේ ජලය වැනි
ඇනුනොත් විභාගය අපි බලු පැටව් වැනි
දහවල් කලට ඇදුරිඳු වාසනාවන්
සැන්දෑ කලට කෙල්ලන් වාසනාවන්
රෑ තුන් යාමට මදුරුවන්ගේ ගායනාවන්
එළිවෙන පැයට නිදි දුව වාසනාවන්
ධනපති පන්තියට පන තැන අරගත්තු
කළා පීටේ අධිපති සී අතපත්තු
තම නිල බලය ගිනි අවියක් කර ගත්තු
නොමරා මරනවා සරසවි දූ පුත්තු
මගේ නෙත ගැටෙන සහසක් ළඳුනේ සොඳුරු
අකලට කුමට මට මේ ලෙස වී රුදුරු
පායනාව ලෙස පුබුදුවන හිරු
තනි වී ඉන්න වේවිද දිවි තිබෙන තුරු
ආලය සිගමනකි නොසිගන අය සිගන
ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන
කස ගස්වල කොළ ගැලවී වැටීයන්
තෙල් බැමිවල ගල් ගැලවී වැටීයන්
අහුමුලුවල නයි පොලගුන් පිරීයන්
මා ඇන කල තෝ කනවැන්දුන් වීයන්
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
සරසවි හොද්ද නේරංජන ගග වේවා
කැන්ටින් මුදලාලි කන්ථක අසු වේවා
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
එය කිව එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වූ එකා ලග කොකු හත අටය
ඉවසපු නිසා මම තවමත් තනිකඩය
සුරා කමින් සුළු පිරිසක් විදිති සැපා
වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා
ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළද දෙපා
වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා
මා මිය ගියත් දෙරණේ මේ අසමසම
රතු මල් පිපෙනු ඇත පෝරට රැගෙන ලැම
ලෝකය පිටු දකින දිනකදී දිළිදුකම
නැගිටිමි ආත්මය සමගින් එදින මම
මට රව රවා අර යන්නේ මගේ ඇණය
අය්යෝ දැනුයි දැක්කේ වකුටුය තනය
කොටුයි මිට්යි කොක්කට නම් ඇ පණය
මා ගැලවුනා ඉතිරියි කාලය ධනය
වැහිදාට හැමදාම අපේ ගේ තෙමෙනවා
අම්මගේ ජීවිතේ ලනු ඇදට දිරනවා
අය්යල අක්කලා තම ගෙවල් හදනවා
අම්මේ මම කවද හරි අපේ ගේ හදනවා
උකසට තැබූ කුබුරෙන් වී ලැබෙන්නද
පැතුවේ පොතට දිවියම කැප කරන්නද
සරසවි අවේ මෙතරම් දුක් විදින්නද
කවද අම්මේ මම මේ නය ගෙවන්නද
නිදි නැති රැයේ හද තනියම රජයනවා
කරගැට දැමු ඔබේ දෑතම සිහි වෙනවා
අප්පච්චියේ නොතැවෙන් දුක නිම වෙනවා
ලෝගුව දමාගෙන පුතු ලගදීම එනවා
කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ
ඔරලෝසුව නුවර බෑගය අම්පාරේ
මේවා එකට කවද හමුවේද ජපුරේ
නලින් විකාරය
පීරිස් දුමාරය
ජේ.බී. සිරාමය
අහෝ වී.සී.භයන්කාරය
මෙව්වා මම ලියපුවා නම් නෙවෙයි.මේ ජපුර university එකේ ඉස්සර හිටපු අය්යල අක්කල තමන්ගේ දුක,තනිකම නැති කර ගන්න තැන් තැන් වල ලියපු කවි.සමහ ඒවා ලියල තියෙන්නේ වදකාගාරවල ඉන්නකොට,ලේ වලින්.ඉතින් මේවා ලියපු ගොඩක් අය්යල අක්කල අද ජීවතුන් අතර නෑ.අපි ඒ අයත් සිහිපත් කරගෙනම කවි ටික දැම්මේ..(සමහර ඒවා කලින් දැකලත් ඇති)
හොඳ නම් රෙප් දීල යන්න.තමන් වැඩියෙන්ම කැමති මොන කවියටද කියලත් කියන්න.


රජකම ගන්න පුතු රජගෙට ගියයි සිතු
අම්මා දනී නම් මේ සරසවියේ තතු
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතු
අසරණ වෙලා මා මෙහි ලග සිටින විට
රුපියල් දෙකේ බත් අඩුවෙන් යැපෙන කොට
පත්තර බිම එලා රැය ගත කරන විට
කාටත් වඩා මා ගැන දුක සිතුනි මට
සටහන් මිටිය සමනොළ කඳු වැටිය වැනි
නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි
දහදිය මුගුරු සාගාරයේ ජලය වැනි
ඇනුනොත් විභාගය අපි බලු පැටව් වැනි
දහවල් කලට ඇදුරිඳු වාසනාවන්
සැන්දෑ කලට කෙල්ලන් වාසනාවන්
රෑ තුන් යාමට මදුරුවන්ගේ ගායනාවන්
එළිවෙන පැයට නිදි දුව වාසනාවන්
ධනපති පන්තියට පන තැන අරගත්තු
කළා පීටේ අධිපති සී අතපත්තු
තම නිල බලය ගිනි අවියක් කර ගත්තු
නොමරා මරනවා සරසවි දූ පුත්තු
මගේ නෙත ගැටෙන සහසක් ළඳුනේ සොඳුරු
අකලට කුමට මට මේ ලෙස වී රුදුරු
පායනාව ලෙස පුබුදුවන හිරු
තනි වී ඉන්න වේවිද දිවි තිබෙන තුරු
ආලය සිගමනකි නොසිගන අය සිගන
ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි සිතට ගෙන
කස ගස්වල කොළ ගැලවී වැටීයන්
තෙල් බැමිවල ගල් ගැලවී වැටීයන්
අහුමුලුවල නයි පොලගුන් පිරීයන්
මා ඇන කල තෝ කනවැන්දුන් වීයන්
පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
සරසවි හොද්ද නේරංජන ගග වේවා
කැන්ටින් මුදලාලි කන්ථක අසු වේවා
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
එය කිව එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වූ එකා ලග කොකු හත අටය
ඉවසපු නිසා මම තවමත් තනිකඩය
සුරා කමින් සුළු පිරිසක් විදිති සැපා
වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා
ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළද දෙපා
වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා
මා මිය ගියත් දෙරණේ මේ අසමසම
රතු මල් පිපෙනු ඇත පෝරට රැගෙන ලැම
ලෝකය පිටු දකින දිනකදී දිළිදුකම
නැගිටිමි ආත්මය සමගින් එදින මම
මට රව රවා අර යන්නේ මගේ ඇණය
අය්යෝ දැනුයි දැක්කේ වකුටුය තනය
කොටුයි මිට්යි කොක්කට නම් ඇ පණය
මා ගැලවුනා ඉතිරියි කාලය ධනය
වැහිදාට හැමදාම අපේ ගේ තෙමෙනවා
අම්මගේ ජීවිතේ ලනු ඇදට දිරනවා
අය්යල අක්කලා තම ගෙවල් හදනවා
අම්මේ මම කවද හරි අපේ ගේ හදනවා
උකසට තැබූ කුබුරෙන් වී ලැබෙන්නද
පැතුවේ පොතට දිවියම කැප කරන්නද
සරසවි අවේ මෙතරම් දුක් විදින්නද
කවද අම්මේ මම මේ නය ගෙවන්නද
නිදි නැති රැයේ හද තනියම රජයනවා
කරගැට දැමු ඔබේ දෑතම සිහි වෙනවා
අප්පච්චියේ නොතැවෙන් දුක නිම වෙනවා
ලෝගුව දමාගෙන පුතු ලගදීම එනවා
කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ
ඔරලෝසුව නුවර බෑගය අම්පාරේ
මේවා එකට කවද හමුවේද ජපුරේ
නලින් විකාරය
පීරිස් දුමාරය
ජේ.බී. සිරාමය
අහෝ වී.සී.භයන්කාරය
මෙව්වා මම ලියපුවා නම් නෙවෙයි.මේ ජපුර university එකේ ඉස්සර හිටපු අය්යල අක්කල තමන්ගේ දුක,තනිකම නැති කර ගන්න තැන් තැන් වල ලියපු කවි.සමහ ඒවා ලියල තියෙන්නේ වදකාගාරවල ඉන්නකොට,ලේ වලින්.ඉතින් මේවා ලියපු ගොඩක් අය්යල අක්කල අද ජීවතුන් අතර නෑ.අපි ඒ අයත් සිහිපත් කරගෙනම කවි ටික දැම්මේ..(සමහර ඒවා කලින් දැකලත් ඇති)
හොඳ නම් රෙප් දීල යන්න.තමන් වැඩියෙන්ම කැමති මොන කවියටද කියලත් කියන්න.



