චන්දෙ දීල ගුටි කන ජාතියක්
කැලණිය ශී‍්‍ර ධර්මාලෝක විදුහලේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට ආධාර පිණිස යැයි සඳහන් කරමින් පසුගිය දිනවලදී "පුබුදමු දම්ලෝ විදුහල් මාතා" යන ශීර්ෂය යටතේ ටිකට් පොත් නිකුත් කල අතර එහි එක ටිකට්පතක මිල රුපියල් සියයකි.
එක ටිකට් පොතක ටිකට් 20 ක් අඩංගු වූ අතර එවැනි ටිකට් පොත් දෙකක් විකුණා දීම එහි ඉගෙනගන්න සියලු සිසුන්ට අනිවාර්යකොට තිබුණි.
මෙම ටිකට් ලබාදීම අවසානයේ දිනුම් ඇදීමක් සුදානම්කර තිබුන අතර ටිකට් පතේ සඳහන් වුයේ දිනුම් අදින දිනය 2010 පෙබරවාරි 31 බවයි.
නමුත් වරින්වර එහි අවසන් දිනුම් ඇදීමේ දිනය වෙනස්කර ඇති අතර දැනට එහි සඳහන් වන්නේ එය පසුගිය මස 31 වනදා දිනුම් අදින බවයි.නමුත් එදිනද අදාළ දිනුම් දීම සිදුවී නොමැත.
මෙම ටිකට් පත් විකුණුම් ඉලක්ක සම්පුර්ණ නොකළ පාසල් දරුවන්ට ශාරීරික හා මානසික පිඩා විදුහලේ ගුරු මණ්ඩලය විසින් සිදු කිරීමේදී මෙම ලොතරැයිය ප්‍රෝඩාවක් බව කියමින් එම විදුහලේ සිසුවන්ගේ දෙමව්පියන් පිරිසක් එයට විරුද්ධවූහ.
පසුගිය දා ඇතැම් මාධ්‍යය මගින් එම දෙමව්පියන් අදහස් පල කල අතර අද දිනයේද ඔවුන් විදුහල ඉදිරිපිටට රැස්වුයේ ඔවුන්ට සිදු වූ අසාධාරණයට එරෙහි වන්නටය.
නමුත් විදුහලේ ඉහල නිලධාරියෙකුගේ ඇමතුමක් මගින් අදාළ ස්ථානයට අමාත්‍ය මර්වින් සිල්වා පැමිණි අතර ඔහු විසින් සිදු කලේ අසාධාරණයට එරෙහිව කරුණු දැක්වූ පියෙකුට කනේ පහරක් දී එලවා දැමීමයි.
මෙම ලොතර්යි වංචාව පිළිබඳව අද්යාපන අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් සිදු කිරීමටද නියමිතයි.
source1
source2