නිවන් සැප ලැබේවා.................
පෞද්ගලික පරිගණකය මෙන්ම නූතන පරිගණක ක්ෂේත්රයේ නිර්මාණ රැසක් ඉදිරිපත් කළ ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මියයාම පිළිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ශෝකය පළකර තිබෙනවා. ඔහු සඳහන් කළේ, ස්ටීව් ජොබ්ස්ගේ වියෝව ලොවට දාර්ශනිකයෙකු අහිමි වීමක් බවයි. ලෝකයේ වෙනසක් සිදුවිය යුතු බව විශ්වාස කළ පුද්ගලයෙකු මෙන්ම එවැන්නක් කිරීමට සමර්ථකමක් තිබූ පුද්ගලයෙකු ලෙසයි ජනාධිපති ඔබාමා ස්ටීව් ජොබ්ස් හැඳින්වූයේ. ස්ටීව් ජොබ්ස් සමග සමීපව කටයුතු කළ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ද කියා සිටියේ, ඔහු වැනි සගයෙකු සිටීම තමා ලද ගෞරවයක් බවයි. තෝමස් අල්වා එඩිසන් හෝ ඇල්බට් අයින්ස්ටයින් වැනි මහා විද්‍යාඥයන්ට සම කළ හැකි විශ්මිත නිමැවුම්කරුවෙකු ඇමෙරිකාවට අහිමි වූ බව නිව්යෝක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් සඳහන් කළා. වර්ණවත් අයිමැක් පරිගණකය, අයිපොඞ්, අයිෆෝන් සහ අයිටැබ් යන පරිගණක නිර්මාණ ද ස්ටීව් ජොබ්ස්ගේ ඉදිරිපත් කිරීම්.