ජීවිතේ හදාගන්න ජීවිතයට ඔවදන්....!!!

කෂ්ටිය මොකද මේ ග&#3536


  • Total voters
    28

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ජීවිතේ හදාගන්න ජීවිතයට ඔවදන්....!!!

    Hellowww Friends....!!!



    මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් වටින දෙයක්...මේක තවත් නාකි කෝලමක් එහෙම නෙමේ..:no::no: අවවාද,ඔවදන්..!!! ඕවා කොච්චරනම් අහල ඇදද අපි නේ??? :oo::oo: අම්මලගෙන් ගුරුවරුන්ගෙන් නෑදෑයන්ගෙන්...ඔක්කොම එන්නෙ ඔවදන් දෙන්න බලාගෙන..ඕවා කරන්න ඕන අපිනෙ..:frown::frown: එයාලනම් කියයි:angry::angry::angry::angry::frown:...සමහර වෙලාවට ඔය අවවාද දෙනකොට හොම්බට අනින්න තරම් මල පනිනවා නේ අපිට...


    නමුත් මම දෙන්න යන්නෙ දේසනාවක් නෙමේ ඔයාලට...අපි කොල්ලො හැටියට ජීවත් වෙනකොට අපිට ජීවීතේදි ගොඩක් පුරස්නවලට, එක එක අත්දැකීම් වලට, වැදගත් තීරණ ගන්න ඕන අවස්තාවන්වලට මූණ දෙන්න වෙනව..ඒ වේලාවට අපි යමක් දැනගෙන ඉන්න එක අපිට ගොඩක් වැදගත් වෙනවා...ඒ දේවල් අපිට ඒ හැමදේම පහසු කරනවා..අපිව හරි තීරණ ගන්න පොලඹවනවා...ඒ නිසා කොල්ලනෙ මේ දෙන ඔවදන් දෙක තුනක් හරි හොදට හිතේ මතක තියාගන්න උත්සහ කරන්න...ජීවිතේදි කොයි මොහොතක හරි ඔයාලට උවමනා වෙයි..ඔවදන් කිව්වට ඔවදන්ම විතරක් නෙමේ..තමන්ගෙ උත්සහයෙන් මේ ලෝකෙ දිනපු එලකිරි මිනිස්සුන්ගෙ නියම ටෝකුත් මේ අතර තියෙනවා....මගෙ ජීවිතේනම් ගොඩක් අවස්තාවන් වලදි ,මේ දේවල් දැනන් හිටපු එක ගොඩක් ලොකු පිටි වහලක් උනා හැම වෙලේම හරි තීරණ ගන්න....:yes::yes::yes:

    මේ මොකක්ද මේ සීන් එක කියල බලනව ඇති දැන් උබලා..ඔන්න එහෙනම් මන් උදාහරණයක් එක්කම කියන්නම්කො...හිතහල්ලකො අපි මොනාහරි වැඩක් පටන් ගන්න යනකොට බෑ වගේ,ඒක අමාරුයි වගේ හිතෙනවා කියල..ඒක අපිට කරන්නම බෑ වගේ හිතෙනව කියල..මටත් ඒ වගේ අනන්තවත් හිතිල තියෙනවා...ඒ වෙලාවට මම අහපු කියමනක් මං ඔලුවට ගන්නවා..ඒ තමා යමක් බැහැයි කියල උත්සහ නොකර ඉන්නවට වඩා උත්සහ කරල පරදින එක වටිනවා කියන එක..ඒ නිසා මම හැම දේටම කෙලවෙන්න බලාගෙන හරි උත්සහා කරල තියෙනවා..උබලට කියන්න ඒ නිසා මං කරපු වැඩ 90% ක්ම වගේ හරිගිහින් තියෙනවා..ඒ හැම වැඩක්ම කරන්න මට ෆිට් එක දුන්නෙ අර කියමන...ඒ නිසා මම කෙලවෙන්න බලා ගෙන හරි හම්බෙන ඕන චැලෙන්ජ් එකක් බාරගන්නවා...

    අන්න ඒ වගේ අපේ ජීවිතේ ගොඩක් අවස්තාවන් වලට අන්න ඒ වගේ කියමන් ප්‍රායෝගිකව ගොඩක් වටිනවා...ඒ නිසා මේ දෙන හැමදේම කියවලා,ඒවා හොදට තේරුම් අරන්,දෙක තුනක් හරි සදහටම මතක තියාගනිල්ල...කවදාවත් නරකක් වෙන්නෑ....:no::no::no::baffled:




    1. මිනිසාගෙ ඉලක්කය තම අරමුණු ඉටුකර ගැනීම වුවත් ආතම විස්වාසය නැති මිනිසා ඒ ගැන නොසිතා තම පැවැත්ම උදෙසා උත්සහා කරයි.

    2. හැම විටම ධනාතමක ප්‍රකාශ භාවිතා කරන්න...

    3. එක් එක් පුදගලයාට ආවේණික වූ විශේෂ අවශ්යතා ඇත..ඒවා පිලිබද අවබෝධ කොටගෙන ඒවා ඔවුන්ට ලගා කරදීමෙන් ඔබට ඔහුව මනාව හැසිරවිය හැක...

    4. පිළිගැනීම සහ අනුමත කිරීම මගින් මිනිසුන් සමග හොදින් කටයුතු කිරීමේ අවකාශය ලැබේ.

    5. වැරදුනු දෙවල් තේරුම් කරදීමට පෙර ඔබ කල යුත්තේ කර ඇති දේ ගැන පැසසීමයි.

    6. නිතරම ඔබ විවේචන එල්ල කල යුත්තේ කරන ලද කාර්යයට මිස පුද්ගලයාට නොවේ.

    7. ඔබේ උනන්දුව හා ආශාව ඇත්තෙ කුමකටද මුලු ශක්තියම යොදා එය දියුනු කරන්න.

    8. ඔබ අන් අයගේ කවර ගති ලක්ෂණවලට කැමතිදැයි සිතා බලන්න.ඔවුන් ඔබ සමග සබදතා පවත්වන විට ඔවුන් කෙසේ හැසිරිය යුතුදැයි සිතා බලන්න...පසුව ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන ගති ලක්ෂණම ඔබ ඔවුන්ට පෙන්වන්න..

    9. තමන් තමන්ගේ ආත්ම ප්‍රතිරෑපය කුමක්දැයි මනාව වටහා ගත යුතුය...

    10. එක් එක් දවසකට එක් එක් වූ අරමුණක් හෝ අරමුණු සිතා පාන්දර ඒ බව මෙනෙහි කොට ක්‍රියා කරන්න


    11. හොදම උදව්ව ආත්ම උදව්වයි...

    12. ඔබ දැන් මේ මොහොතේ කරන දේ ගැන සිතන්නට තැත් කරන්න..ස්වයං ක්‍රීයව ඉබේ හැසිරෙන්නෙකු නොවන්න..

    13. විවේකීව සිටීමේන් කණස්සල්ල තවත් වැඩි වි ඔබේ සිත තවත් නරක අතට හැරෙයි..

    14. කවර කාර්යය කලත් පූර්ණ අවදානය ඒ දෙසට යොමු කරන්න..

    15. හැකිතාක් ප්‍රශ්න වලින් පාවී යන්නට උත්සහ කරන්න...

    16. ............................................. COMING SOON 16++





    මතු සම්බන්දයි...​



    මෙතන

    ඔයාලගෙ අදහස් පල කරන්න
    මේ එක් එක් දේවල් ගැන හැමෝම එක්ක එකතුවෙලා සාකච්ඡා කරන්න
    ඔයාල දන්න දේවලුත් බෙදා හදාගන්න..
    මේ ත්‍රෙඩ් එක යට නොයන්නට වග බලාගන්න..

    කෙල්ලෙක්ගෙ ෆොටෝ දිහා බලල දිව දික් කරනවට වඩා පොඩ්ඩක් හරි හොදයි...:P:P







    TO BE CONTINUED



    FROM RAJ
    11.gif
    11.gif
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපේ රං ගොජාට මොලේ පෑදිල තියෙන්නෙ දැන් නෙව...
    හොඳා හොඳා
    දිගටම යන්න...:yes::yes:
    ඔබට ජය...
    :D:D
    රී පෝස්ට් ද මන් දා..
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අපේ රං ගොජාට මොලේ පෑදිල තියෙන්නෙ දැන් නෙව...
    හොඳා හොඳා
    දිගටම යන්න...:yes::yes:
    ඔබට ජය...
    :D:D
    රී පෝස්ට් ද මන් දා..

    :confused::confused::confused::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DCSDj

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඹ සරණයී:baffled:
    එල වැඩක් දිගටම කරගෙන යන්න අරවා දෙන්න බැලු පස්සෙ දෙන්නම්:)
    ජයවේවා
    11.gif