අපේ රට වටවී ඇත්තේ මහ මුහුදින් වුවත් අපට නිදහසේ මහ මුහුදේ දිය නාන්නට පුළුවන්ද? පවුලේ අය සමඟ මහ මුහුදේ බයෙන් සැකෙන් තොරව විනෝදවීමට පුළුවන්ද... ඇතැම්විට මහ මුහුදේ සිට එන මහා දිය රැලි නිසා මහ මුහුදට බිලිවෙන උදවිය ගැන අප නිරතුරුවම ආසා ඇත්තෙමු.
එහෙත් ඔබට මහ මුහුදේ බයෙන් සැකෙන් තොරව නිදහසේ දිය නාන්නට, පවුලේ අය සමඟ හිතේ හැටියට විනෝදවන්නට පුළුවනි. ඕනෑනම් මහ මුහුදේ කිලෝමීටරයක් පමණ කිසිදු අනතුරකින් තොරව ඇවිද යන්නටද පුළුවනි. ඔබට මෙය පුදුම එළවන සුළු දෙයක් විය හැකිය. එහෙත් එය සත්‍යයකි. මෙය එක් අතකට සොබා දහමේ අපූරු නිර්මාණයකි. මේ අපූරු අවස්ථාව උදාකර ගත හැක්කේ මඩකලපුව පාසිකුඩා වෙරළ තීරයට ගියහොත් පමණි.
එක්තරා ආකාරයකට පාසිකුඩා වෙරළ තීරයේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරක් දක්වා ස්වාභාවික දිය තටාකයක් ලෙසද හැඳින්විය හැකිය. එය සොබා දහමේ අපූරු තිළිණයකි. එනම් පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා පිහිටි මුහුදු වෙරළේ සිට මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ශක්තිමත් කොරල්පර වැටියකි. මේ කොරල් වැටිය නිසා මහ මුහුදේ සිට එන විශාල දිය රැළි පාසිකුඩා මුහුදු වෙරළට එන්නේ නැත. මේ නිසා සංචාරකයන්ට රිසි සේ මහ මුහුදේ විනෝද වන්නට හැකිය.
මේ ශක්තිමත් කොරල් වැටිය පාසිකුඩා මුහුදු වෙරළේ සිට බලන විට පෙනෙන නොපෙනෙන ගානය. අපේ රටේ කිසිදු මුහුදු තීරයකට සොබා දහම මේ තිළිණය ලබාදී නැත. මේ නිසා පාසිකුඩා වෙරළ තීරය සංචාරකයන්ට අපූරු තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගියදා මාධ්‍යවේදින් පිරිසකට ද මේ අපූර්වත්වය විඳ ගන්නට පාසිකුඩා ප්‍රදේශයේ සංචාරය කරන්නට අවස්ථාව ලැබිණි.
එපමණක්ද නොව අපූරු රටා මවන කොරල්පරවලින් පාසිකුඩා මුහුදු තීරය පොහොසත්ය. සුනාමි ව්‍යසනය සමඟ සුන්දර කොරල්පර මියදුණද දැන් පාසිකුඩා මුහුදේ අපූරු කොරල්පර දැක ගත හැකිය. කොරල්පර බලන්නට යන සංචාරකයින්ට ඒ සඳහා සියලු පහසුකම් සහිතය.
කොරල්පර නැරැඹීමට හැකි වීදුරු බෝට්ටු පාසිකුඩා වෙරළේ බහුලය. දේශීය සංචාරකයන්ට කිලෝමීටර තුනක් පමණ දුර ගෙවා ගොස් ඒ සීමාවේ ඇති සුන්දර කොරල්පර නැරැඹීමට වැය වන්නේ එක් පවුලකට රුපියල් 1500 ක් වැනි මුදලකි. විදේශීය සංචාරකයන්ගෙන් නම් ඊට වැඩි මුදලක් අය කෙරෙයි.
දැන් පාසිකුඩා වෙරළ තීරයට නව එළියක් වැටෙමින් තිබේ. ඒ පාසිකුඩා සංචාරක කලාපය ඉදිවෙමින් පවතින නිසාය. මේ සංචාරක කලාපය ඉදි කෙරෙනුයේ සැලසුම් සහගතවය. පාසිකුඩා මුහුදු වෙරළට හානියක් වීමට ඉඩ නොතැබීමට සියලු සැලසුම් සකස් වී හමාරය. ඒ නිසා වෙරළ තීරය දූෂණය වීමට ඉඩක් නම් නැතිය.
පාසිකුඩා සංචාරක කලාපය ඉදි කෙරෙනුයේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත නැඟෙනහිර නවෝදය වැඩසටහනේ නියමුවා වන ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය මතය. ඒ අනුව පාසිකුඩා සංචාරක කලාපයේ ඉදිවෙමින් පවතින තරු පංතියේ හෝටල් සංඛ්‍යාව දාහතරකි.
එම හෝටල්වල සුඛෝපභෝගී කාමර දහසක් ඉදිකිරීමට නියමිතය. මේ සියලුම හෝටල් මේ වසරේ දෙසැම්බර් මාසය අග වෙන විට නිම කළ යුතුය. ඒ සඳහා ආයෝජකයන් ලංකා සංචාරක මණ්ඩලය හා එකඟවී ගිවිසුම් අස්සන් කොට තිබේ. මේ සංචාරක කලාපය සඳහා ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 5483 කි. රජය විසින් එම සංචාරක කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 800 කි.
මේ සංචාරක කලාපයේ ලොව සුපිරි සංචාරක කලාපවල මෙන් ම සියලුම පහසුකම් ඇති කෙරේ. අන්තර්ජාතික ගනුදෙනු සිදු කළ හැකි බැංකු පහසුකම්, සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණයක්, අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි ස්ථාන සහ පාසිකුඩා සංචාරක කලාපයට ඉතා ඉක්මනින් පැමිණීම සඳහා කොළඹ සිට සී ප්ලෙන් පහසුකම් ආදි වශයෙන් සුපිරි පහසුකම් එහි ඇති කිරීමට නියමිතය. සී ප්ලේන් යානා ගොඩ බැස්සවීම සඳහා ඕඩ්ඩමාවඩි ප්‍රදේශයේ ස්ථානයක් හඳුනාගෙන තිබේ.
සංචාරක කලාපයට ජලය සපයන ප්‍රධාන ජල ටැංකිය
ඉන්දුනීසියාවේ බාලි සංචාරක කලාපයට සමාන ලෙස පාසිකුඩා සංචාරක කලාපය නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහකාර අධ්යක්ෂ (සැලසුම් හා සංවර්ධන) හේමන්ත විජේකෝන් මහතා පැවැසීය.
“2009 වසරේ දී සංචාරක මණ්ඩලය පාසිකුඩා සංචාරක කළාපයේ තරු පංතියේ හෝටල් ඉදිකිරීම සඳහා ආයෝජකයන් සමඟ ගිවිසුම් අස්සන් කළා. මේ සංචාරක කලාපය අක්කර 100 ක් පුරා විහිදී තිබෙනවා. සමහර ආයෝජකයන්ට අක්කර 15 පමණ විශාල ඉඩම් ලබාදී තිබෙනවා. මේ සියලු ඉඩම් අවුරුදු 30 බදු සීමාවට අයත් වෙනවා.
ඒ වගේ ම මේ සංචාරක කලාපයේ දේශීය සංචාරකයන් සඳහාත් අක්කර දෙකක ප්‍රදේශයක් වෙන් කර තිබෙනවා. සියලු ම ඉඩම් වෙන්කර තිබෙන්නේ සුන්දර පාසිකුඩා මුහුදු වෙරළට මුහුණලා සිටින ආකාරයටයි. මොකද සෑම ආයෝජකයකුගේ ම හෝටලය ඉදිරිපස මුහුදු වෙරළක් තිබිය යුතුයි. එය දේශීය විදේශීය සංචාරකයන්ගේ ප්‍රධානම අවශ්‍යතාව වෙන නිසා” හේමන්ත විජේකෝන් මහතා කියා සිටියේ ය.
පාසිකුඩා සංචාරක කලාපයේ දේශීය සංචාරකයන් සඳහා හෝටල් කාමර 300 ක් පමණ ඉදිකිරීම සඳහා ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය අවසර ලබාදී තිබෙන බව ද හේමන්ත විජේකෝන් මහතා කියා සිටියේ ය. නැඟෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ නැඟෙනහිර පළාතේ තරු පංතියේ හෝටල් කාමර 3500 ක් පමණ ඇති කිරීම ලංකා සංචාරක මණ්ඩලයේ අරමුණයි.
ඒ යටතේ පාසිකුඩාහි හෝටල් කාමර 1000 ක් ඉදි කෙරෙනවා. ඊට අමතරව රජයේ ඉඩම්වලින් වාකරේ ප්‍රදේශයේ අක්කර 73 ක් සංචාරක මණ්ඩලයට පවරාගෙන තිබෙනවා. ඒ වගේ ම සිලාවතුර ප්‍රදේශයේ අක්කර 100 ක් සහ පුල්මුඩේ ප්‍රදේශයේ අක්කර 100 ක් පවරාගෙන තිබෙනවා. සෑම අක්කරයකටම තරු පංතියේ හෝටල් කාමර 10 ක් ඉදි කළ යුතු බවට අපි ආයෝජකයන්ට උපදෙස් දී තිබෙනවා” විජේකෝන් මහතා වැඩිදුරටත් අප සමඟ පැවසීය.
පාසිකුඩා සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැදගත්කම් රැසකි. සවස් ජාමයට සින්දු කියන මාළු දැකගත හැකි කල්අඩි පාලම ආසන්නයට යාමට පාසිකුඩා සිට ගත වන්නේ විනාඩි තිහක පමණ කාලයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ මන බැදගත් පෞරාණික ස්ථාන රැසකින් හෙබි පොළොන්නරුවට යාමට පාසිකුඩා සිට ගත වන්නේ විනාඩි 45 ක් පමණි. එපමණක් නොව දිඹුලාගල ද සංචාරකයන්ගේ සිත් දිනා ගත් ස්ථානයකි.
අනෙක් අතට දෙස් විදෙස් සංචාරකයන් ප්‍රිය කරනු ලබන මුහුදු රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව සඳහා අපුරුතම ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත්තේ සුදුන්දර ආරුගම්බේ මුහුදු තීරයයි. එහි ළඟා වීමට පාසිකුඩා සිට ගත වන්නේ පැය දෙක හමාරක් පමණ කාලයකි.
ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල ද සංචාරකයන් අතර ජනපි‍්‍රයත්වයක් උසුලයි. එමෙන් ම දකුණු ආසියාවේ පිහිටි එකම ස්වභාවික වරාය පිහිටා ඇත්තේ ද ත්‍රිකුණාමලයේ ය. ත්‍රිමලයේ උණුවතුර ළිං ද සංචාරකයන්ගේ සිත් ඇදගත් ස්ථානයන් ය. පාසිකුඩා සංචාරක කලාපයේ සිට ත්‍රි’මලයට යාමට ගත වෙනුයේ පැය දෙක හමාරක් වැනි කාලයකි.
පසුගියදා පාසිකුඩා සංචාරක කලාපයේ ප්‍රථම තරු පංතියේ හෝටලය විවෘත විය. එය නම් කොට ඇත්තේ ‘මාළු මාළු’ සංචාරක නිකේතනය නමිනි. එහි සුඛෝපභෝගී කබානා 40 කින් යුක්තය. එය දෙස් විදෙස් සංචාරකයන් සඳහා දැන් විවෘතය.
මාළු - මාළු සංචාරක නිකේතනය ඉදි කර ඇත්තේ ද දේශීය අනන්‍යතාවට අනුව ය. ධීවරයන්ගේ මාළු වාඩි සිහියට නංවන ලෙස කබානාවල වහල සෙවිලිකොට ඇත්තේ පොල් අතු යොදා ගෙන ධීවරයන්ගේ මාළු වාඩිවල ආකෘතියට ය.
මාළු - මාළු සංචාරක නිකේතනයේ හිමිකරු හෝටල් කර්මාන්තයේ හසල අත්දැකීම් ඇති චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ය. මේ ඔහුගේ හඬ ය.
“මා යුද්ධයට පෙර සහ යුද්ධය පැවැති කාලයේදීත් මේ පාසිකුඩා ප්‍රදේශයට පැමිණ තිබෙනවා. මගේ බලාපොරොත්තුවක් තිබුණා කවදා හෝ පාසිකුඩාවල සංචාරක හෝටලයක් ආරම්භ කරන්න. මා දන්නවා 1970 දී බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියටත් අදහසක් තිබුණා පාසිකුඩාවල සංචාරක කලාපයක් බවට පත් කරන්න. නමුත් ඇයට එය කරන්න බැරි වුණා.
පාසිකුඩා මුහුදු බොක්කට මුහුණලා වෙරළේ සිට කිලෝමීටරයක් දුරින් පාසිකුඩා මුහුදු බොක්ක දිගේ කිලෝමීටර් දෙක හමාරක් පමණ දිග ශක්තිමත් කොරල් වැටියක් තිබෙනවා. පාසිකුඩා මුහුදු තිරයේ විශේෂත්වය එයයි. මේ නිසා පාසිකුඩා මුහුදු වෙරළ ඉතාම ආරක්ෂිතයි. සංචාරකයන්ට ඉතාම හිතකරයි. කිසිවකුත් මුහුදු රළට බිලිවීමට ඉඩක් නැහැ. ඇත්තටම මුහුදු වෙරළේ සිට කිලෝමීටරයක් දුරට මුහුදු දිය තටාකයක් ලෙස හඳුන්වා දිය හැකියි. සංචාරකයෝ මුහුදු ජලයේ නාන්න කැමැතියි. ඊළඟට පාසිකුඩාවල තිබෙන කොරල් පරවලට හික්කඩුවේ කොරල් පර පරාදයි. හික්කඩුවට වඩා විවිධ කොරල් පර පාසිකුඩාවල තිබෙනවා.
ඊළඟට කායන්කර්නි කොරල් දූපතක් තිබෙනවා. එය පාසිකුඩාවලට නුදුරින් තිබෙන්නේ. ඒ වගේම මනම්පිටිය නෙළුම්වැව පැත්තට ගියොත් ස්වාභාවික උණු වතුර ළිං දැක බලා ගත හැකියි. ඉතින් ඒකයි මා කියන්නේ පාසිකුඩා කියන්නේ සංචාරකයන්ගේ පාරාදීසයක් කියලා. එය ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම රජය මේ සංචාරක කලාපයේ ආයෝජකයන් වන අපට ලබා දෙන පහසුකම් සහ උදව්වලට අප ස්තුතිවන්ත වෙනවා.
ඒ විතරක් නෙමෙයි මේ වන විට අපේ සංචාරක හෝටලයට හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේ වන විට ප්‍රංශ, බ්‍රිතාන්‍ය සහ ජර්මන් සංචාරකයන් අපේ හෝටලයේ කාමර වෙන් කරවාගෙන තිබෙනවා” මාළු මාළු සංචාරක නිකේතනයේ අධිපතිවරයා කියා සිටියේය.
පාසිකුඩා සංචාරක කලාපය මේ වන විට විදේශීය සංචාරකයන්ගේ ද අවධානය දිනාගෙන තිබේ. ඊට හොඳම සාක්ෂියක් අපට හමුවිය. ඒ මාළු - මාළු සංචාරක නිකේතනයේදී අපට හමුවූ රුසියානු කොනේෂන් සංචාරක ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා උනරන්කුවා එලීනාය. අප ඇයගෙන් විමසූයේ පාසිකුඩා සංචාරක කලාපය ගැනය.
“මම පාසිකුඩා ගැන දැනගත්තේ අන්තර්ජාලයෙන්. මම මේ පාසිකුඩාවේ විශේෂත්වය අත්වින්දා. මේ මුහුදු වෙරළ ආකර්ෂණීයයි. ලස්සන කොරල් පර බලන්න පුළුවන්. මුහුදේ නාන්න බිය විය යුතු නැහැ. විශාල රළ එන්නේ නැහැ. මගේ අරමුණ මේ වසර නිමා වෙන විට රුසියානු සංචාරකයන් 5000 ක් ලංකාවට ගෙන ඒමයි. මගේ අරමුණ ඔබේ රටේ නැඟෙනහිර පළාතේ පාසිකුඩා, ආරුගම්බේ, ත්‍රිකුණාමලය සහ පොලොන්නරුවට අපේ රටේ සංචාරකයන්ට හඳුන්වා දීම. ඒ වගේම පාසිකුඩාවලට සංචාරකයෝ බොහොම ඇලුම් කරාවි.” රුසියානු කෝනේෂන් සංචාරක ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරිය අවධාරණය කළාය.
පාසිකුඩා වලට ගිය අයනම් එළකිරියේ ගොඩක් ඇති.. නොගිය අයටත් කියන්නේ පාසිකුඩා වලට යන්න.. ලංකාව පාරාදීසයක් කියල හිතෙන්නේ මේ වගේ තැන් දකිනකොට. මාළු මාළු වෙබ් අඩවියේ පාසිකුඩා වලට එන ආකාරය ගැනත් සඳහන් වෙනවා මේ විදියට
Travel Option 1: Airport or Colombo / Polonnaruwa / Passekudah (Travel time approx. 5 ½ hours)
Travel Option 2: Airport / Kandy (105 Kms. Travel time approx. 3 Hours), Kandy / Passekudah (225 Kms. Travel time approx. 3 ½ hours)
Travel Option 3: Airport / Dambulla
(145 Kms Travel time approx. 3 ½ hours), Dambulla via Polonnaruwa to Passekudah (136 Kms Travel time approx. 2 hours)
අනිත් අයටත් බලන්න ත්‍රෙඩ් එක බම්ප් වෙන්න කමෙන්ටුවක් ලබාදී සහයෝගය දක්වන්න..
Last edited:
tnX 



