පළමු කතාව නොදුන්නාට මර්වින්ගෙන් බාල්දියක්
තමන්ට ප්‍රථමයෙන්ම කතාවක් පවත්වන්නට අවස්ථාව ලබා නොදුන් බව පවසා සංවිධායකයින්ට බැණ වදිමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පෙරවරුවේ කොළඹ සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයෙන් පිටත්ව ගොස් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ජේ.ජේ එන්ටර්ටෙයින්මන්ට් නිෂ්පාදනය කරන ලද"නාමල් අරණ"ටෙලි වෘත්තාන්තයේ මුහුරත් උළෙලට පැමිණි අමාත්‍යවරයා එහි සංවිධායකයන් සමග ගැටුමක් ඇති කරගත් බව කියැවෙයි.
"මං ආවේ එක එකාගේ කතා අහන්න නෙවෙයි.මට ඕන දේ කියන්නයි"කියූ අමාත්‍යවරයා ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ට වැඳ වහා එතැනින් පිටත්ව ගිය බව සඳහන් වෙයි.
"නාමල් අරණ"ටෙලි වෘත්තාන්තයේ රඟපාන නළු නිළි කැල මෙන්ම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු ආරාධිතයන් බොහෝදෙනකු ඉදිරියේ මෙම සිදුවීම සිදුවිය.