CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි ඔන්න මටත් අපේ මොලේ පුස් කන්න නොදී යමක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා. CCNA (Cisco Certified Network Associate) ගැන උනන්දුවක් දක්වන හැමෝම වෙනුවෙන් සිංහලෙන් පාඩම් කිහිපයක් දාන්න හිතුනා. තව CISCO කරපු අයත් උදව් වෙන්න. තියෙන ප්‍රශ්න අහන්න. මම දන්න විදිහට සරල සිංහලෙන් මුල ඉදලා යමු.

    ccna-certification.jpg

    ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ CISCO කියන්නේ කියලා. CISCO කියන්නේ දැනට ලෝකයේ පරිගණක ජාල සදහා වන දෘඩාංග සහ මෘදුකාංග (Hardware and Software)නිපදවන ප්‍රධානම සමාගම. ඔය CISCO කියන නම හදලා තියෙන්නේ SAN FRANCISCO වල අන්තිම කෑල්ල අරන්.

    මේ පරිගණක ජාල සදහා Hardware/Software හදන්නේ CISCO විතරක් නෙවෙයි නේ තවත් ආයතන ගණනාවක් ඉන්නවා 3COM, D-LINK වගේ හොදයි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්ණයක් ඇති ඇයි ඒ අය ගේ මේ වගේ Exam එකක් නැත්තේ කියලා (සමහර අයගේ Exam තියෙනවා ඒත් එතරම් පිළිගැනීමක් නෑ).

    අන්න ඒක තමයි
    CISCO වෙළද පොලේ ලබා ඇති කීර්තිය ඔවුන්ගේ නිශ්පාදන සාමාන්‍යයෙන් අනිත් ආයතන වල නිපදවන ජාල උපකරණ වලට වඩා තත්වයෙන් සහ තාක්ෂණයෙන් උසස් ඒ වගේම ලෝකයේ බහුතරයක් ආයතන 60% ආසන්නව පාවිචිචි කරන්නේ CISCO උපකරණ. එම නිසා CISCO උපකරණ පිළිබද දැනුම ලබා ගත් කෙනෙකුට ලෝකයේ ඉල්ලුම වැඩියි ඒ වගේම එහෙම කෙනෙකුට ඉතා පහසුවෙන් වෙනත් ආතයන වලින් නිපදවපු ජාල උපකරණ සමගත් වැඩ කරන්න පුලුවන්.

    ඒ කියන්නේ
    CISCO Exam කරලා ඉහලට ගිය කෙනෙකුට සෑහෙන්න පිලිගැනීමක් සහ ඉහල වැටුපක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුලුවන් අද ලංකාවෙත් හුගක් ආයතන CISCO උපකරණ භාවිතා කරනවා ඒ නිසා ලංකාවෙත් හොද ඉල්ලුමක් තියෙනවා CISCO කරපු අයට.

    ඒ වගේම මතක තියා ගන්න ඕනේ
    CISCO Exam (online exam), සාමාන්‍යයෙන් Microsoft Exam තරම් ලේසි නෑ. ඒ වගේම Exam Fee එකත් ටිකක් වැඩියි. බය වෙන්න එපා අපි මුල ඉදලා යමු

    හොදයි
    මම ඔය කිව්වේ CISCO ගැන වටාපිටාව ටිකක් ඊලගට අපි කතා කරමු Exam Structure එකයි Fee එකයි Passing Marks ගැනයි
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    niyamai.......

    machan winsys kiyala institution ekaka
    CCNA 640-802 (ICND1) v1.1
    (ICND2) V1.1

    12,000/ = kiyala thiyenawa meganata CCNA karanna puluwanda.....
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    very good mcn.

    මමත් CCNA class ගිහිල්ල නැවැත්තුවා.ඉගෙන ගන්න ආසයි.සපොර්ට් එකක් දෙන්නම් වැඩේ දිගටම කර ගෙන යමු.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද අපි බලමු CISCO වල Exam ව්‍යුහය දිහා

    මුල්ම Exam එක තමයි CCNA (Cisco Certified Network Associate) කියන්නේ මේක තමයි අනිත් හැම Exam එකකටම Fundamental එක

    මේ
    Exam එක අකාර දෙකකට කරන්න පුලුවන්.

    01. 640-802 කියන
    Exam එක විතරක් Pass කිරීමෙන් CCNA සම්පූර්ණ කරන්න පුලුවන්

    02. එහෙම නැත්තම් 640-822 (Internetconnecting CISCO Network Device Part 1) සහ

    640-816
    (Internetconnecting CISCO Network Device Part 1) යන Exam දෙක වෙන වෙනම කි‍රීමෙන් CCNA සම්පූර්ණ කරන්නත් පුලුවන්

    තව වැදගත් කාරණයක් තමයි CCNA Exam එක වලංගු වන්නේ අවුරැදු 3 ක කාලයකට පමණයි ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් Exam එක කරන්න ඕනේ එහෙම නැත්තම් ඒ අවුරැදු 3 ඇතුලත ඊට උඩින් තියෙන Exam එකක් කරන්න ඕනේ ඒකත් හොදට මතක තියාගන්න

    CCNA Exam එකට $250 ක් ඒ කියන්නේ රැපියල් වලින් 25000 - 30000 අතර මුදලක් වැය වෙනවා. මේ මුදල පොඩ්ඩ පොඩ්ඩ එහා මෙහා වෙනවා ඒක නිසා හරියටම ගානක් කියන්න බෑ නමුත් ලොකු ගානකින්නම් අඩු වැඩි වෙන්නේ නෑ ඒක නිසා බය වෙන්න එපා

    මම නම් කියන්නේ එකපාර 640-802 කරලා CCNA සම්පූර්ණ කරන එක හොදයි කියලා නමුත් ඒ සදහා කාල වේලාව නැති අයට කොටස් දෙකක් විදිහට 02 ක්‍රමයෙන් ඉවර කරන්න පුලුවන්. ඔය මොන ක්‍රමයේත් තියෙන්නේ එකම Syllabus එක ඒක නිසා බයවෙන්න දෙයක් නෑ.

    -------------------------------------------------------------

    හොදයි ඊට පස්සේ බලමු දෙවෙනි අදියර.
    CCNA ඉවර කලාට පස්සේ එන Exam එක තමයි
    CCNP (CISCO Certified Network Professional) හෝ
    CCIP (CISCO Certified Internetwork Professional)

    CCNP සම්පූර්ණ කරන්න අපිට Exam 3ක් කරන්න වෙනවා. ඒවා තමයි

    1. 642-902 – Route (Implementing Cisco IP Routing)
    2. 642-813 – Switch (Implementing Cisco IP Switched Networks)
    3. 642-832 – TSHOOT (Troubleshooting and Maintaining Cisco IP Networks)

    කියන Exam 3. මේකේ එක Exam එකක් කලාට පස්සේ නැවත CCNA අලුත් කරන්න ඕනේ නෑ.

    මීට අමතරව CCIP වල
    Exam 4 ක් තියෙනවා ඒකෙන ඔය 642-902 කියන Exam එක CCNP සහ CCIP දෙකටම පොදුයි

    1. 642-901 or 642-902 – BSCI or Route
    2. 642-642 – QOS (Implementing Cisco Quality of Service)
    3. 642-661 – BGP (Configuring BGP on Cisco Routers)
    4. 642-611 – MPLS (Implementing Cisco MPLS)

    ----------------------------------------------------------------

    ඊට පස්සේ තියෙන
    Exam එක තමයි CCIE (CISCO Certified Internetwork Expert)

    මේ Exam එක නම් ටිකක් අමාරැයි. අනික ශ්‍රී ලංකාවේ මේ Exam එක සදහා අවශ්‍ය වල Labs නෑ ඒ නිසා අපිට මේ Exam එක කරන්න ඉන්දියාවට හෝ සිංගප්පූරැවට හෝ වෙනත් රටකට යන්න වෙනවා.

    හොදයි
    CCIE කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි ලියන්න තියෙන කොටස අනික Lab එකක සම්පූර්ණ කල යුතු ප්‍රායෝගික කොටස

    1. CCIE Routing and Switching Written Exam

    2. CCIE Routing and Switching Lab (8 Hrs)

    ඉහත Written Exam එක සාමාන්‍යයෙන් USD $350 - $400 අතර වැය වෙනවා

    Lab එකට USD $1400- $1500 විතර ඕනේ.

    සාමාන්‍යයෙන් මේ Exam එක කරා කියන්නේ ගොඩම තමයි අනික මේ Exam එක සම්පූර්ණ කරපු කට්ටියත් අඩුයි ලංකාවේ මේක කරපු අය සියල්ල වෙනත් රටවල රැකියා කරනවා :D:D

    අනික මම දැකපු දෙයක් තමයි
    CCIE සම්පූර්ණ කරපු හුගක් දෙනෙක් ඒක ඉවර කරලා තියෙන්නේ 2 පාරත් Exam එක කරලා. ඒ කියන්නේ 1 පාර අසමත්.

    ඉතින් මෙතනදි අපිට අපේ ආර්ථික තත්වයත් බලන්න ඕනෙනේ :D අනික මේකේ

    CCIE කරලා පාස් වෙච්ච අයගේ List එකක් මෙතෙනින් බලා ගන්න පුලුවන්

    http://carlproject.wordpress.com/2008/08/06/ccie-hall-of-fame-list/

    හොදයි CISCO Exam ගැන තව වැඩි විස්තර ඕනේ නම් පහත link එකෙන් ගිහින් බලන්න

    http://en.wikipedia.org/wiki/Cisco_Career_Certifications
     
    Last edited:

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    හරි ඔන්න මටත් අපේ මොලේ පුස් කන්න නොදී යමක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා. CCNA (Cisco Certified Network Associate) ගැන උනන්දුවක් දක්වන හැමෝම වෙනුවෙන් සිංහලෙන් පාඩම් කිහිපයක් දාන්න හිතුනා. තව CISCO කරපු අයත් උදව් වෙන්න. තියෙන ප්‍රශ්න අහන්න. මම දන්න විදිහට සරල සිංහලෙන් මුල ඉදලා යමු.

    ccna-certification.jpg

    ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ CISCO කියන්නේ කියලා. CISCO කියන්නේ දැනට ලෝකයේ පරිගණක ජාල සදහා වන දෘඩාංග සහ මෘදුකාංග (Hardware and Software)නිපදවන ප්‍රධානම සමාගම. ඔය CISCO කියන නම හදලා තියෙන්නේ SAN FRANCISCO වල අන්තිම කෑල්ල අරන්.

    මේ පරිගණක ජාල සදහා Hardware/Software හදන්නේ CISCO විතරක් නෙවෙයි නේ තවත් ආයතන ගණනාවක් ඉන්නවා 3COM, D-LINK වගේ හොදයි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්ණයක් ඇති ඇයි ඒ අය ගේ මේ වගේ Exam එකක් නැත්තේ කියලා (සමහර අයගේ Exam තියෙනවා ඒත් එතරම් පිළිගැනීමක් නෑ).

    අන්න ඒක තමයි
    CISCO වෙළද පොලේ ලබා ඇති කීර්තිය ඔවුන්ගේ නිශ්පාදන සාමාන්‍යයෙන් අනිත් ආයතන වල නිපදවන ජාල උපකරණ වලට වඩා තත්වයෙන් සහ තාක්ෂණයෙන් උසස් ඒ වගේම ලෝකයේ බහුතරයක් ආයතන 60% ආසන්නව පාවිචිචි කරන්නේ CISCO උපකරණ. එම නිසා CISCO උපකරණ පිළිබද දැනුම ලබා ගත් කෙනෙකුට ලෝකයේ ඉල්ලුම වැඩියි ඒ වගේම එහෙම කෙනෙකුට ඉතා පහසුවෙන් වෙනත් ආතයන වලින් නිපදවපු ජාල උපකරණ සමගත් වැඩ කරන්න පුලුවන්.

    ඒ කියන්නේ
    CISCO Exam කරලා ඉහලට ගිය කෙනෙකුට සෑහෙන්න පිලිගැනීමක් සහ ඉහල වැටුපක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුලුවන් අද ලංකාවෙත් හුගක් ආයතන CISCO උපකරණ භාවිතා කරනවා ඒ නිසා ලංකාවෙත් හොද ඉල්ලුමක් තියෙනවා CISCO කරපු අයට.

    ඒ වගේම මතක තියා ගන්න ඕනේ
    CISCO Exam (online exam), සාමාන්‍යයෙන් Microsoft Exam තරම් ලේසි නෑ. ඒ වගේම Exam Fee එකත් ටිකක් වැඩියි. බය වෙන්න එපා අපි මුල ඉදලා යමු

    හොදයි
    මම ඔය කිව්වේ CISCO ගැන වටාපිටාව ටිකක් ඊලගට අපි කතා කරමු Exam Structure එකයි Fee එකයි Passing Marks ගැනයි

    Great stuff....appriciate ur work bro.........Very usefull..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    niyamai.......

    machan winsys kiyala institution ekaka
    CCNA 640-802 (ICND1) v1.1
    (ICND2) V1.1

    12,000/ = kiyala thiyenawa meganata CCNA karanna puluwanda.....

    මචං ගාන ප්‍රශ්නයක් නෑ නමුත් පොඩ්ඩක් හොයලා බලපන් Labs කොහොමද කියලා. තව ඕකේ කලින් කරපු කෙනෙක්ගෙන් අහගන්න පුලුවන්නම් හුගක් ‍හොදයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    very good mcn.

    මමත් CCNA class ගිහිල්ල නැවැත්තුවා.ඉගෙන ගන්න ආසයි.සපොර්ට් එකක් දෙන්නම් වැඩේ දිගටම කර ගෙන යමු.

    බොහොම ස්තූතියි මචං හැ‍මෝගෙම Help එක ලැබෙනවනම් වැඩේ ලේසියි. මොකද මම නොදන්න දෙයක් තව කෙනෙකුට දාන්න පුලුවන්.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Great work!
    mata podi help ekak one...mage ambition eka thamai Network Enginner kenek wena eka.
    mata ekata karanna one courses, yanna one paths gena poddak kiyala denna puluwanda?

    CCNA, CCNP, MCITP wage professional courses karoth harida? naththam Networking Degree ekath karoth hondaida?
    (Example: SLIIT's Bsc(hons) CSN)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Great work!
    mata podi help ekak one...mage ambition eka thamai Network Enginner kenek wena eka.
    mata ekata karanna one courses, yanna one paths gena poddak kiyala denna puluwanda?

    CCNA, CCNP, MCITP wage professional courses karoth harida? naththam Networking Degree ekath karoth hondaida?
    (Example: SLIIT's Bsc(hons) CSN)

    මචං අද CCNA, CCNP වගේම MCSE, MCSA, MCTS, MCITPවගේ professional courses ගොඩක් තියෙනවා මේ course වලින් CISCO වලට සෑහෙන්න පිළිගැනීමක් තියෙනවා වගේම උඹට කිසිම බයක් නැතුව Job එකක් Set කර ගන්න පුලුවන් (ලංකාවේ CISCO Exam කරලා තියෙනවා කියලා කිව්වම ගොඩක් ආයතන වලින් ඒකේ Validity Period එකවත් අයන්නේ නෑ) නමුත් ඒ Job එකේ උඩට යන්නනම් උඹ අනිවාර්්‍යයෙන් Degree එකක් කරන්න ඕනේ (මම කියන්නේ ලංකාවේ තත්වය) නමුත් CISCO වල CCIE ලෙවල් එකට යන්න පුලුවන්නම් ඔය මොන Degree ක් වත් ඕනේ නෑ (ඒක සමහර විට Degree කටත් වඩා අමාරැ වෙයි)

    ඉතින් හොදම ක්‍රමය තමයි CISCO හරි Microsoft කරලා Job එකකට යන්න ඒකේ ඉන්න ගමන් අර උඹ කියලා තියෙන Degree එකක් කරපන්. එතකොට සල්ලි වල ප්‍රශ්නෙත් සෑහෙන්න විසදෙයිනේ

    තව දෙයක් කියන්න තියෙනවා IT වල Technical පැත්තෙන් කරන්න තියෙන Degree හරි අඩුයි ලංකාවේ 90% විතර Degree Program තියෙන්නේ Software පැත්ත Target කරලා ඉතින් අර උඹ කිව්ව SLIIT එකේ Network Degree එකනම් හුගක් Popular. මට ආරංචියක් ආවා කොළඹ University එකෙන් ලගදි ඔය Technical පැත්ත Target කරපු Degree එකක් Introduce කරන්න යනවා කියලා එහෙම වුනොත් හොදයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    cisco-certification-path.gif

    මෙන්න මේකේ CISCO Path එක පැහැදිලිව පෙන්නලා තියෙනවා