අක්ෂිදාන සංගමය සහ පටක බැංකුව
පින්වත් එළකිරි එළකිරි සහෝදර/සහෝදරියනි...
සියලුම දෙනා මෙම පින්කමට සහභාගි වන්න...
මළායින් පසු දිරා කුණු වී යන සිරුර උතුම් පින් කඳක් බවට පත් කරගන්න..
ඔබේ නෑදෑ හිතවතුන් මේ පිළිබඳව දැනුවත් කරන්න..
හදිසි අනතුරු වලින් පුද්ගලයන් මිය යන අවස්ථාවලදි ඔවුන්ගේ නෑදෑයන්ට මේ පිළිබඳව උපදෙස් දී පටක දානය කරවීමට උත්සාහ කරවන්න..
-----------------------------------------------
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සහ පටක බැංකුව
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
”ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනිවේ.”
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත, කොළඹ 07.
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051
උපදෙස්
Gstar ගේ තවත් ධර්ම දානයක්...
ඔබට තෙරුවන් සරණයි.

- දායකත්ව පොරොන්දු පත්රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම්කවරයක් සමග පහත ලිපිනයට යොමුකරන්න.
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත, කොළඹ 07.
- ඕනෑම ඇස් හාපටකදන්දීමක්සඳහාදවසේපැය 24 පුරාක්රියාත්මකදුරකථනඅංක :
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051
උපදෙස්
- කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
- ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
- වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
- මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
- සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමටපහසුවක්වේ.
- ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
- ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනුඇත.
- පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
- සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
- මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.
Gstar ගේ තවත් ධර්ම දානයක්...

ඔබට තෙරුවන් සරණයි.