සජිත් නාම්බාගේ තප්පුලෑම

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සජිත් නාම්බාගේ තප්පුලෑම

    (ලංකා ඊ නිව්ස් -2011.ඔක්.18, පෙ.ව.6.30* එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ඔරොත්තු නොදෙන හංවඩුවක් ගසා ගෙන සිටින සජිත් පේ‍්‍රමදාස නාම්බා පෙරේදා කොළඹට පැමිණ ටොප් කතාවක් කීවේය. එනම් දැන් කොළඹ එජාපය ජයගත් බවත් එසේනම් පොරොන්දු වූ නිවාස 65000 ක් එජාපය සාදා දිය යුතු බවත් බැරිනම් පේ‍්‍රමදාසගේ පුතා වූ තමාට එය කරන්නට පුළුවන් බව මඳක් ඉස්සී සද්දේ දමා කීවේය.

    මෙය පරාජිත රාජපක්‍ෂලාවත් නොකියන තාලේ නියම කතාවකි. පේ‍්‍රමදාසගේම පුතා ලෙස පාරම්බානා මේ සජිත් නාම්බා පියාගේ පුරවරය වූ කොළඹ එජාපය දිනවීමට එකදු රැුස්වීමකට හෝ පැමිණියේ නැත. එසේ නොකොට කොළඹ එජාපය ජයගත් පසු පැමිණ ඉහඳ තියන කතාවක් දෙසුවේය. අප දන්නා තරමින් නම් එජාපය කොළඹට නිවාස 65000 ක් හදා දෙන්නට පොරොන්දු වූයේ නැත. කොළඹින් ආණ්ඩුව නිවාස කඩා එළවා දැමීමට නියමිත 65000 ක් ජනතාව බේරා ගන්නවා යයි නම් කීවේය. ඊට අමතරව කොළඹ සංවර්ධනයට සැලැස්මක් ඉදිරිපත් කෙළේය.

    මේ පේ‍්‍රමදාසගේ පුතා සජිත් ගෙවල් 65000ක් කොළඹ හදනවා යි කියන්නේ පේ‍්‍රමදාස ගෙවල් හැදුවා යැයි විශ්වාසයක් ඇතැයි සිතා විය යුතුය. පේ‍්‍රමදාස කොළඹ නගරාධිපති, පළාත්පාලන ඇමැති, නිවාස ඇමැති, අගමැති, ජනාධිපති ආදී තනතුරු සියල්ල දරා හෝ ඔහුට කොළඹ නිවාස ප‍්‍රශ්නය විසඳන්නට බැරිවිය. නිවාස අර ලක්ෂයේ මේ ලක්ෂයේ වැඩසටහන් යැයි කීවාට ඒවා නිකම් බර්ත් ඬේ එකට උදාගම් සැනකෙලියක් පැවැත්වූ පැලැස්තර වැඩ වූවා මිස රටේ සෑම පවුලකටම නිවාසයක් සැපයිය හැකි විද්‍යාත්මක වැඩ පිළිවෙලක් වූයේ නැත. අර තරම් තනතුරු දරා එවැනි වැඩ පිළිවෙලක් කර ගන්නට බැරි වු මිනිහාගේ පුතා ලෙස තප්පුලන්නේ මේවා අසා සිටින්නේ ගොන්නුන් යැයි සිතා විය යුතුය. මේවා මෝඩ චූන් කතාය. දිනූ සැනින් එජාපයේ කකුලෙන් අදිනා කතාවක් ය.

    තමාගේම පක්ෂයේ අෙඟ් ඉඳන් කණ කන මේ නාම්බා කොළඹට පැමිණ තප්පුලන්නට පෙර හම්බන්තොට තමාගේ අඩවියේ කෙලවා ගත්තේ ඇයි දැයි කල්පනා කළා නම් හොඳය. ගම් මට්මමේ බිම් මට්ටමේ සිට තම්මැට්ටම් ගහනා මේ නාම්බා 2006 හම්බන්තොට ප‍්‍රාදේශීය සභාවේ එජාපය ලබා ගත් ඡුන්ද 4750 මෙවර 3788 කට කෙළවාගෙන තිබේ. සිරසේ එල්ලී මෝඩ කතා දෙසා බාමින් කරගෙන තිබෙන හරිය එලෙසය.

    මෙවැනි අෙඟ් ඉඳන් කණ කන නාම්බන් සිටිය යුත්තේ යූඇන්පී හංවඩුව හමත් සමග ගලවා කොක්කක එල්ලා කිලෝ ගාණට වෙන්දේසි කරනා මඩුවකය.

    අං හං කුර පිටින් මෙවන් නාම්බං වෙන්දේසි කරනා සිරස ගැනද යමක් කිව යුතුය. 52000 ක් පමණ සිටින මාතර නගර සභාවේ ජනයාගෙන් සිරස බලන්නේ දාහක් පමණ පිරිසක් බව ඔවුන් මුළු රටටම පෙන්වා දුන්නේ ය. මන්ද යත් උදේ හවා ‘සැබෑ එජාපය’ යැයි උඩ දා පෙන්වූ අයට ජනතාවගෙන් දාහක් පමණ ඡුන්දය දෙන විට අර සිරස කියූ බොරු එජාපයට විසිදහසක් පමණ ජනයා ඡුන්දය දී තිබේ. සිරස විසින් මුචලින්ද නාග රාජයාටත් වඩා නයා යවමින් උඩ දැමූ මිලින්ද ජනතාව ප‍්‍රතික්ෂේප කෙළේ ඇයි? රූපවාහිනී වලට දේශපාලනඥයන් තැනිය නොහැකි බව මහාරාජාලාත් වොයිස්කට් දේසපාලූවෝත් මෙයින් හෝ තේරුම් ගත යුතුය. ඔවුන් ඉලිප්පූ සියල්ලෝම හතර ගාතේ වැටී ඇත. තමාගේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වු සුසිල් කිඳෙල්පිටිය, චන්දන සූරිය බණ්ඩාර ආදීන් කෘතිමව දේශපාලනඥයන් කරන්නට ගොස් ඇන ගත් සිරස තමන්ගේ බ්‍රොයිලර් පැටවුන් වන් බුද්ධිකලා මනුෂලා ශිරාල්ලා උඩ දාන්නට ගොස් ලනු කා බිම වැටී ඇති සැටි පසක් කර ගත යුතුය.

    බඬේ සිට බුරිය හූරන්නේ නැති දේශපාලනඥයෙක් නොවුවහොත් සජිත් වැනි නාම්බන් ද කවදා හෝ දිනෙක ‘අහෝ මටත් කෙළවුනේ සිරස නිසා’ යැයි හූල්ලනු ඇත.

    ජහමනයා විසිනි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත සජිත්වත් එලවන්ඩ ඔනේ UNP එකෙන් එතකොට හරි :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    අනේ පලයන් රන්න පොනිලට කඩේ යන්නේ නැතුව .
    රනිලා තව ටික කාලයක් හිටියොත් unp එක සමසමාජ ගානට වැටෙනවා . 1% වත් චන්දේ ගන්න බැරිවේ මෙ ලොල්ලා හිටියොත්