ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්

    ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් ප්‍රමාණය ඉහලට


    අපේ එළකිරි එකේ යාලුවෝ දන්නවනේ අපේ රටේ තියෙන ලෝක උරුමයන් ගැන... කලින් නම් කරලා තිබුනේ නම් ස්ථාන හතයි. ඵ්වා තමයි අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය.නමුත් මේ ස්ඵාන වලට අමතරව තවත් ස්ථාන තුනක්
    බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේ දී නම් කළා.ඒවා තමයි නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරය.එතකොට ලෝක උරුමයන් ප්‍රමාණය දහය දක්වා ඉහළ යනවා.දැන් අපි බලමු අලුතෙන් එක්වුන ස්ථාන ලෝක උරුමයන් වීමට හේතු උන කරුණු.

    unesco%20world%20heritage%20sites%20in%20sri%20lanka.jpg


    හෝර්ටන් තැන්න නොහොත් "මහඑළිය"

    ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශය අතුරින් මහඑළියට හිමිවන්නේ අගනා ස්ඵානයක්. එයට ප්‍රධානතම හේතුව තමයි ලංකාවට ආවේණික ශාක හා සත්ව ප්‍රඡාවන් වීසීම. හෝර්ටන් තැන්නට ඉස්සර අපේ පැරැන්නෝ කිව්වේ මහඑළිය, මැණික් තැන්න කියන නම්. එතකොට මේක හෝර්ටන් තැන්න විදියට වෙනස් වුනේ කොහොමද? 1833 ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශී‍්‍රමත් රොබට් හෝටන්හට ගරු කිරීමක් වශයෙන් තමයි Horton plains (හෝර්ටන් තැන්න) ලෙස නම් කරලා තියෙන්නේ. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දා ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගෙන1988 මාර්තු මස 10 වැනි දා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරලා තියෙනවා.

    59808510504fe453d83cb.jpg
    360662373146d29be34fz.jpg


    නකල්ස් කඳුවැටිය හෙවත් දුම්බර

    ලග්ගල සිට ඌරුගල දක්වා 20km ආසන්න දුරකින් යුත් දුම්බර කඳුවැටිය අතිශය මනරම් හා පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයක්.ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයකින් සමන්විත වන නකල්ස් කඳුවැටියට දුම්බර යන නම ලැබී ඇත්තේ නිතරම මිහිදුමින් වැසී පැවතීම නිසායි. දැඩි රක්ෂිතයක් ලෙස නම් කර ඇති දුම්බර හෙක්ටයාර 28,000 ක භූමි ප්‍රමාණයක විසිරි තිබේ.
    6011097080b9e7634f63b.jpg

    5425781878a62e519bdcz.jpg


     
    Last edited:

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    සමනළ අඩවිය

    මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ අඩවිය ලොව බොහෝ ආගමිකයන්ගේ ගෞරවාදරයට පත් පුජා භූමියක්.මධ්‍යම හා සබරගමු පළාත් වලට මායිම්වන ආකාරයට පිහිටි
    සමනළ අඩවිය අක්කර 56,000 ක් පුරා විසිරී පවතින්නක්.ජෛව විවිධත්වය අනුන පරිසර පද්ධතියක් තිබෙන නිසා යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව මෙයත් ලෝක උරුමයක් ලෙස නම් කළා. මෙම මස 25 වනදාට සමනළ අඩවිය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කර වසර 71 සම්පුර්ණ වෙනවා.

    53161053767a5b9c736cb.jpg

    313027065160d3580f01b.jpg


    ලෝක උරුමයන් ලෙස නම් කළ දේවල් විතරක් නෙවෙයි අනිත් සම්පත් ආරක්ෂා කරනවා නම් අනාගත පරපුරට යමක් ඉතිරි වේවි.
    ආයෙත් හොද Post එකක් සමඟ හමුවෙන්නම්..
    නිර්මාණය-Nishz ගෙන්.
    අදහස්,rep+ හොදනම් දීලා යන්න.
    බුදු සරණයි...!!!

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි..මේවා විතරක් නෙමෙයි අපේ ලංකාවේ තවත් පරිසර පද්ධති රාශියක් තියෙනවා අපි ඒවත් රැකගන්න ඕන.හොඳ පෝස්ට් එකක් යාළුවා
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    උපරිමයි මචන් rep+:)

    නියමයි..මේවා විතරක් නෙමෙයි අපේ ලංකාවේ තවත් පරිසර පද්ධති රාශියක් තියෙනවා අපි ඒවත් රැකගන්න ඕන.හොඳ පෝස්ට් එකක් යාළුවා

    ♥-Aurora-♥;11187816 said:
    වටින පෝස්ට් එකක්!
    2+ ~♥~

    Thnks :)