Elakiri.com Official Love Thread

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අරලියා මං ආදරෙයි.....


    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීදුම් වළාවන් ගලාලා කඳු රැළි පාමුලේ සවනට මොනවාද මුමුනා කියන්නේ//
    9.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    e-love

    14.gif
    ඔන්න මං බර වචන දාන්න යන්නෙ නෑ.. සරල අපේ ස්ලෑන් වලින්ම කියන්නම්කෝ මොකක්ද මේ ඉලව්ව කියලා..


    ඉස්සර කාලේ අපේ සීයල ගැණු ළමයෙක්ව දැක්කම ටෝක් කලේ කකුල පාගල ඇඩ්ඩ්‍රස් එක ඉල්ලලා.. ඉතින් ලියුම් කාරයන්ට පන යනවලු ලව් ලෙටර්ස් බෙදලා.. යවන ලියුමකට රිප්ලයි එකක් එන්න ඉතින් සතියක් වත් බලන් ඉන්න එපැයි..


    ඔන්න තාක්ශණය දියුණු වෙලා මොබයිල් එක ආවම කොල්ලො කරන්නෙ නම්බරේ කොලවල ලියලා තියාගන්න එක.. කෙල්ලෙක් දැක්කම ඒකිට පේන්න කොලේ බිමට දානවා පැණි පාරකුත් හලාගෙනම.. කෙල්ලත් ඉතින් කැමතියි නම් අරක අහුලගෙන මැසේජ් කරනවා. නැත්තම් කෙල්ල ඉන්නෙ මල්ලි කෙනෙක් එක්ක එහෙම නම් ඌට බටර් පාරක් දාල අර කොලේ දෙනවා කෙල්ලට දෙන්න කියලා..


    ඒකට දැන්.. ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් කොල්ලා අහන පුරස්නයක් තියෙනව නොවැ..
    "ඔයා ෆේස්බුක් එකේ ඉන්නවද? නම මොකක්ද? මම රික්වෙස්ට් එකක් දාන්නම්"


    ඔන්න ඔහොමයි ලව් කිරීමේ කලාව පරිණාමය උනේ.. දැන් ඉතින් ඉන්ටර්නෙට් එක හරහා දෙන හැම සේවයකටම "ඉ" කෑල්ලක් ඉස්සරහට දාන එකේ ලව් එකටත් "ඉ" කෑල්ලක් දාන්නම වෙනවා..
    ඉ-කොම(ර්)ස්, ඉ-ගව(ර්)මන්ට්, ඉ-බිස්නස්, ඉ-චැනලින් වගේ එකී නොකී මෙකී සේවාවන් අතරට ඉ-ලව් හෙවත් ඉලව් එකතු වෙන්නෙ අන්න එහෙමයි..



    Code:
    http://sithuwili-pawra.blogspot.com/2011/06/blog-post_6956.html


    :lol::lol: