මේකෙ තියෙන්නේ කාලයේ ආපස්සට යන සීන් එකක් නේද? මට හිතෙන විදිහට කාලය හරහා ඉදිරියට මිසක් පසුපසට යන්න බෑ. කාලයේ ආපස්සට යෑම තර්කානුකූලව පැහැදිලි කරන්න ගියොත් හේතුවට පෙර ප්‍රතිපලය සිදුවී අති බව පෙනේවි. උදාහරණයක් ලෙස මෙම සිදුවීම ගන්න.
ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා කොහොමහරි කාලය හරහා අතීතයට යන ක්‍රමයක් හොයා ගන්නවා කියලා සිතමු. දැන් මේ මනුස්සයා තමන්ගේ කාල තරණ යන්ත්‍රයේ නැගිලා අවුරුදු දෙකක් අතීතයට යනවා. මේ කාලය වන විට තවම අර මනුස්සයා කාලතරණ යන්ත්‍රය නිපදවලා නෑ. තාම තමන්ගේ ලැබ් එකේ පරීක්ෂණ කරනවා. දැන් ඔහොම ඉන්නකොට තමන්ගෙම අනාගත වර්ෂන් එක ටයිම් මැෂින් එකෙන් ලැබ් එකට එනවා. ඔන්න දැන් එකම මනුස්සයාගෙ අනාගතයයි වර්තමානයයි එකට මුන ගැසෙනවා. එතකොට ඔය අනාගතයෙන් ආපු එක්කෙනා වර්තමාණ්යේ කාල තරන යන්ත්‍රය හදන්න හදන එක්කෙනාට වෙඩි තියලා මරණවා. ඔන්න එතකොට තමයි ප්‍රශ්නෙ එන්නෙ. දැන් කාල යන්ත්‍රය හදන්නත් ඉස්සර වෙලා ඒ මනුස්සයා මැරුනා නම් තව අවුරුදු දෙකක් ගත කරලා ටයිම් මැෂින් එක හදලා ආපහු අතීතයටත් එන්නේ කොහොමද...
විද්යා ප්‍රබන්ධයක් උනහම පොඩි තර්කානුකූල ගතියක් තියෙන්න ඕනෙ නේද. එතකොට ටෙර්‍රනෝවා පටන්ගන්නෙම බොරුවකින්...
නමුත් කෙනෙක්ට ඕකෙ තනිකර අනික් පැත්ත කියන්න පුළුවන්.
කාලය හරහා ආපස්සට මිසක් අනාගතේට යන්න බෑ
අනාගතේ කියන එක නිශ්චිත නෑ උඹ කරන කියන දේ අනුව හැමදේම වෙනස් වෙනවා
නමුත් අතීතේ කියන්නෙ වෙච්ච දෙයක් . නිශ්චිත දෙයක් . වෙනස් කරන්න බැරි දෙයක්. එක්තරා විදිහකට රෙකෝඩ් වෙලා තියෙන දෙයක්.
කලින් වෙච්ච නිශ්චිත දේක ආපස්සට යන්න පුළුවන් අනිශ්චිත තවමත් වෙච්ච නැති දේයක යනවට වඩා.
උඹ ඔය කියන පැරඩොක්ස් එකට උත්තරයක් දෙන්නත් පුළුවං.
අනාගතය පවතින්නෙ අතීතය හරහා
අනාගතේ කෙනා පරණ කෙනාව මැරුවොත් අනාගතේ ඒ මනුස්සයගෙ ඉන්ස්ටන්ස් එක පවතින එක නැති වෙනවා. හරියට ප්‍රෙග්නන්ට් මනුස්සයෙක්ව මැරුවොත් බඩේ ඉන්න ළමය මැරෙනව වගේ
ඕක ඉතිං තියරි එකක් විතරයි. හරියටම කියන්න පුළුවං කෙනෙක් තාම පහළ වෙලා නෑ
අයින්ස්ටයිනුත් කිච වෙන කාලෙ නෙ මේ
Last edited: Oct 28, 2011