සංගමන්කන්ද..

මේ නැගෙනහිරට වෙන්න මුහුදෙන් ඈතට ගිය අපේ රටේ කොටසක්..
අක්කරේපත්තුවෙ දමිල සහෝදරයෙකුත් මමත් මේ ගමන ගිය ගිය ඉරිදා..
ප්රදීපාගාරය
කොළඹ සිට දකුණු දිග ඔස්සේ නැගෙනහිරට පැමිණෙන විට අපට හමුවන අටවැනි ප්රදීපාගාරය මෙම සංගමන්කන්දයි. ශ්රී ලංකාවේ නැගෙනහිර අවසන් ගොඩබිම් ලක්ෂය වශයෙන් ද සැලකෙන මෙම ප්රදීපාගාරය ඉදිකර ඇත්තේ 1947 වසරේදී. එහි උස අඩි 25 ක්.
බලන්න කියලා දෙයක් නැහැ..
යන්න ඕනෑ කියලා හිතුන නිසා ගියෙ.
ගරා වැටුනු ප්රදීපාගාරාකුත්..තව තානායමකුත් විතරයි...තුබුනේ..
සංගමන්කන්ද පිහිටල තියෙන්නෙ පොතුවිල් - කල්මුණේ මාර්ගය අසලමයි. මාර්ගය ආසන්නයේ පිහිටල තියෙන තරමක් විශාල පර්වතයකට තමයි සංගමන්කන්ද කියල කියන්නෙ. මේ පර්වතයත් එතනින් එහාට තියෙන ගල් කඳුකිහිපයකත් බෞද්ධ සිද්ධස්ථාන රැසක නටබුන් තියෙන බවත් අපිට දැනගන්නට ලැබුණා.
අපි ප්රදීපාගාරය සොයාගෙන ගියා. ඒත්, කැළෑවැදී, අනවසර ඉඩම් හිමියන්ගේ ග්රහණයට ලක්ව තිබූ කටුකම්බි වැටවල් අතරින් රිංගා යමින් අපි ප්රදීපාගාරය අසලට ගියේ පැය කිහිපයක රස්තියාදුවකින් පසුවයි. ඒත්, ප්රදීපාගාරයේ දැන් තියෙන්නෙ අඩි 15 ක විතර කොටසක් විතරයි. 2004 සුනාමියේදී මෙය විනාශ වුණු බවයි කියන්නේ. අපගේ ගමනෙ වැදගත් මං සලකුණක් වගේම, රටේම වැදගත් මංසලකුණක් වන සංගමන්කන්ද තුඩුව අද පවතින තත්ත්වය ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ. සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වන මෙය වහාම ප්රතිසංස්කරණය විය යුතු ස්ථානයක්. ප්රදීපාගාරය නැවත ඉදිවීම අනිවාර්යයයි.
මේ ගැන වැඩි විස්තරයක් කවුරු හරි කෙනෙක් මේ ත්රෙඩ් එකට එකතු කරන්න කියලත් ආරාධනා කරනවා.....

Last edited: