ජීවිතය???????

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ තරම් සියුමැලි ද කළුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස දුන් මිනිසා සොයා.
    ..

    අචල ගෙට ගොඩ වුණේ මම ඉතාම ආසා කරන සිංදුවක් මුමුණමින්. සුනිල් එදිරිසිංහ ගයන මේ සිංදුව මට අහන්න ලැබුණේ එකම එක වරයි. ඉතාම සරල ගීයක්. එහෙත් මගේ හදවතේ තැන්පත් වූ ගීයක්.

    “මචං ඔය සිංදුව මගෙ පපු කැනැත්තට ම කිඳා බැහැපු සිංදුවක්. ඒක ලියපු රජී වසන්ත වෙල්ගම තරුණ කොල්ලෙක් බව මම දැනගත්තෙ පත්තරේකින්.”

    රජී කියන්නෙ අපේ නීතිඥයෙක්. කොළඹ විශ්වවිද්‍යාලයේ මට වඩා ඉහළ බැච් එකේ හිටියෙ. ඔය කවිය තියෙන්නෙ රජීගෙ ‘දුන්හිඳත් දුප්පත්වෙලා” කවි පොතේ. ඒ පොත පිටවුණේ 2006 දී. සුනිල් අයියෙ ඒ පොත ගැන මතක් වෙනකොටත් ඇස්වලට කඳුළු එනව.”

    මා කිසිවක් කියන්නටත් කලින් අචල යළිත් කතා කළා.

    “ඔය පොත ගැන කතා කරන කොට අපේ ඒ අතීතය මතක් වෙනවා. ඒ පොත පිදුවෙ අරවින්ද විජයනාත් කියන අපේ මිත්‍රයකුට.... මෙන්න මේ ටික තමයි ඒ පිදුමට රජී ලිව්වේ”

    උමා ඔය අද්දර
    අරලිය ගහක් යට
    නුඹ නිදන කුටියට
    අරවින්ද මම ආවා
    ඇස් දෙක ඇරලා
    අහන් ඉඳපන්
    මෙයයි අවසාන පණිවිඩය
    නුඹ නො ආවත් ආවා දිනේ
    උඹ ආසාවෙන් සිටි දිනේ
    මේ කඳුළු බිංදුව විතරයි
    නුඹට කියවන්න බැරි වුණේ”


    “ඇයි බං උඹගෙ ඇස්වලත් කඳුළු පිරිලා තමයි”

    “සුනිල් අයියෙ, අරවින්ද කියන්නෙ රත්තරං කොල්ලෙක්. රජීගෙත් හොඳම යාළුවෙක්. කැම්පස් එකේ ඉතාම ජනප්‍රිය චරිතයක් අරවින්ද විජය නාත්. අපි එකටමයි හිටියෙ. ගිරිඋල්ල ගමෙන් ආපු ගමේ කොල්ලෙක්. උමා ඔයේ වැලි ගොඩ දාන එකට විරුද්ධ වෙලා මට හිතෙන විදිහට, දේශපාලනඥයො හම්බ වෙන්නත් ගියා. අරවින්දට ප්‍රේමයක් තිබුණා.

    උන් දෙන්න දරුවො ගැනත් කතා කළා. අරවින්දට ඕනෑ වුණේ ඒ දරුවො එයාගෙ ගමේ විදිහට හදන්න. ඒ කියන්නෙ ගමේ ඉස්කෝලෙට ගිහින් ගමේ පරිසරයේ හදන්න. ඒත් අරවින්දගෙ කෙල්ලට ඕනෑ වුණේ කොළඹ ඉස්කෝලෙකට දාලා හොඳට උගන්වන්න. මේ මත ගැටුම දිගින් දිගට ම තිබුණා. අන්තිමේදී අරවින්ද දිවි නසා ගත්තා. ඒක මහ අපරාධයක්. එයාගෙ ආච්චිගෙ ගෙදරට ගිහින් දොර වහගෙන වස වගයක් බිව්වා. මිනිය හම්බ වුණේ දවස් දෙකකට පස්සෙ.”

    අචලගෙ දෑසින් කඳුළු ගලාගෙන එන බව මම දැක්කා.

    “සුනිල් අයියා නිතරම කියනවා මනුස්සකම තියෙන එවුන් අපේ රටේ තවමත් ඉන්නවා.

    ඉස්සර අරවින්දලගෙ ගොයම් කපන්න රජී, ජීවන්ත වගේ මනුස්සයොත් ගියා. අරවින්ද නැති වුණාට ගොයම් කපන කාලෙට අදත් එහේ යනවා. අරවින්දගෙ මවුපියන්ට උදව් උපකාර කරනව.

    සුනිල් අයියෙ මිත්‍රකම කියන්නෙ මහා බැඳීමක්. මොනවා නැති වුණත් මිත්‍රකම නැති වෙන්නෙ නැහැ. රජී එයාගෙ කවිපොත අරවින්දට පිදුවේ ඒ නිසයි.”

    “මචං, අරවින්ද දිවි නසා ගන්න කලින් මොනවා හරි ලියල තිබුණෙ නැද්ද?”

    “ලොකු දෙයක් ගැබ් වුණ පුංචි දෙයක් ලියල තිබුණා. මට ඒ වචන කට පාඩම්.”

    “මම හෙටක් නැති මිනිසුන්ට
    හෙටක් වෙන්නට
    ඉඳපු මිනිහෙක්
    ඒත් හදවතත් බුද්ධියත්
    අතර ඇතිවන ගැටීමේ දී
    හදවත ජයග්‍රහණය කරනවා
    ඒ නිසා මම මගේ
    යාළුවන්ට කියන්නේ
    හෙටක් නැති මිනිසුන්ට
    හෙටක් වෙයල්ලා
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ තරම් සියුමැලි ද කළුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්

    දෑස දුන් මිනිසා සොයා

    http://www.mediafire.com/?yhmmyzonhon

    :love::love::love: